කොකාකෝලා පානය කලොත් අපිට වෙන දේ

කුඩා තරුණ මහළු බොහෝ දෙනා අතරේ සෝඩා පාන වර්ග ඉතා ජනප්‍රියයි. එවැනි ප්‍රියතම ‍තෝරාගැනීමක් තමයි කොකා කෝලා පානය. නමුත්, කොකා කෝලා කියන්නේ සිරුරට හිතකර පානයක් නම් නෙවෙයි. මෙසේ කීමට හේතුව තමයි මෑතකාලීනව සිදුකල අද්‍යයනයන් ‍රැසකින්ම දිනපතා කොකා කෝලා පානය කිරීමෙන් එම පුද්ගලයාට නොදැනීම සිරුර ක්‍රමයෙන් පරිහාණියට පත්විය හැකිබව හෙලි වීම. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ඔබ විසින් හැකිතාක් කොකා-කෝලා පානයෙන් වැළකීසිටිය යුතු බව ඒත්තු ගැන්වෙන හේතුන් කිහිපයක් ගැනයි.

01. විටමින් ඌනතා ඇතිකරවයි
කොකා-කෝලා වල අඩංගු පොස්ෆොරික් අම්ල සහ කැෆේන් වල බලපෑම නිසා පානය කිරීමෙන් මිනිත්තු 60 කට පසු සිරුරේ සියලු පෝෂ්යී පදාර්ථ සහ විටමින් ගුණ සිරුරෙන් මූත්‍රා සමඟ බැහැර කිරීමට පටන්ගනියි. මෙසේ වීමෙන් සිරුරේ විටමින් ඌනතාවයක් හටගැනීමේ නිමිති ඇතිවිය හැකියි. මෙය දිනපතා සිදුවීම ඔබේ සිරුරට කෙසේ බලපාවි දැයි සිතාබලන්න.

02. දත් දිරායාමට පටන් ගනියි
කොකා-කෝලා වල ඇති ඉහළ ආම්ලිකතාව සහ සීනීකාරක බහුල අමුද්‍රව්‍යන් මඟින් දත් වලට හානි සිදුකරයි, විශේෂයෙන්ම දත්වල එනමලයට හානිකිරීම,මැලියම් සහ දත් කුහර ඇතිකරවයි. සිරුරට නිසි කැල්සියම් පෝෂණයක් නොලැබුණු විට බාහිරව සහ අභ්‍යන්තරයෙන් දත් නරක්වී දිරාපත් වීමට වැඩිකලක් ගත නොවේවි.

03. කාංසාව ඇතිවිය හැකියි
කැෆේන් අඩංගු දේවල් පරිභෝජනය කිරීමේ අතුරු ආබාධයක් ලෙස කාංසාව ඇතිවිය හැකියි. ඒ සමඟ අනිද්රාේව හෙවත් නින්ද නොයෑමේ තත්වයද ඇතිවේ. කොකා-කෝලා ටින් එකක අඩංගු කැෆේන් ප්ර මාණය කලු කෝපි කෝප්පයක අඩංගු කැෆේන් ප්රහමාණයට සමානය. අධ්ය්යන වලින් පෙන්වා දෙන්නේ මිනිසුන් ඒවාට ඇබ්බැහිවිය හැකි බවයි. ඒ අනුව කැෆේන් භාවිතය අඩු කිරීමත් සමඟ එම පුද්ගලයා හට හිසරදය, නොසන්සුන්කාරී උද්වේගකාරි බව, සිරුරට අධික වෙහෙසක් දැනීම හෝ මානසික අවපීඩනය වැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි.

04. ස්ථූලතාව ඇතිවිය හැකියි
බර වැඩිවීම හේතුවෙන් ඔබේ ප්ර තිශක්තිකරණ පද්ධතියට සහ හෘද්වාහිනි පද්ධතියට මෙන්ම සන්ධි හා අස්ථි වලට එල්ල වන පීඩනය වැඩිවශයෙන් ඉහළ යයි (වේදනා හා කැක්කුම් එහි ප්රසතිඵලයයි). ඒවා කැල්සියම් ඌනතාව නිසා දුර්වලව තිබේ නම් ගැටලුව තවත් උග්රඑ විය හැකියි.

05. චර්ම ගැටලු ඇතිවිය හැකියි
දිනපතා කොකා-කෝලා පානය කිරීමෙන් දුම් බීමෙන් සමට වන හානියට සමාන බව සඳහන් වේ.සෝඩා පාන වර්ග වල සීනි ඉහළ මට්ටමින් අන්තර්ගතව තිබීම නිසා සිරුරේ ප්රනදාහයන් වර්ධනය වීම සිදුවිය හැකිය. එසේ වීම නිසා සම අධික ලෙස වියළී ගොස් විජනලයට පත්වේ.එවිට මුහුණේ ඉරි හා ‍රැළි මතු වූ ස්වභාවයන් වඩාත් හොඳින් කැපී පෙනීමට පටන් ගනියි. සම අධික ලෙස වියළි වීමත් සමඟ සම වියපත් වීම වේගවත් වීම සහ සම අඳුරු ස්වභාවයකට සහ එල්ලා වැ‍ටුණු ස්වභාවයකාට පත්වීම සිදුවේ. එසේ වීම නිසා සමේ ඉතා වියළි, කසන සුලු, ඉදිමුණු සහ කුරුලෑ සහිත සමක් බවට පත් වේ.

06. හෘදය සහ රුධිරය සම්බන්ධ ගැටලු හටගනියි.
කොකා-කෝලා පානය කිරීම නිසා අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි. එමඟින් හෘදයාබාධ ඇතිවීමට තිබෙන අවදානමද වැඩිවේ. දිනකට කොකා-කෝලා බීම ටින් එකක් බැගින් පානය කිරීමට ඔබ පුරුදු වී ඇත්නම් , ඔබ දැනටමත් අධි රුධිර පීඩනයෙන් පෙළෙනවාට විය හැකියි. දිනපතා මෙම ප්ර්මාණයෙන් කොකා-කෝලා පානය කිරීමේ පුරුද්ද හේතුවෙන් දෙවන වර්ගයේ දියවැඩියා (type 2 diabetes) රෝග තත්වය වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. මෙවැනි අහිතකර සෞඛ්යeය ගැටලු ඇතිකරගැනීමට අවශ්ය නැහැ නේද?

07. පිළිකා වර්ධනය වීමේ අවදානම වැඩි කරයි
වෛද්යාවරුන් පවසන්නේ කොකා-කෝලා වල අඩංගු බෙන්සීන් (benzene molecules ) මඟින් සහ ප්ලාස්ටික් බෝතල් වල ඇසුරුම් කරතිබීම යන හේතුන් නිසා පිළිකාවන් වර්ධනය විමේ අවදානමක් තිබිය හැකි බවයි.

08. වකුගඩු අකර්මන්යා කරයි
ඩයට් කෝක් වර්ග සිරුරට ගුණ බව සඳහන් වන්නේ ඒවායේ සීනි අඩංගු නොවන නිසයි. නමුත්, සීනි වෙනුවට ඒවාට කෘතිම පැණිරසකාරක මුසු කර ඇත. ඒවා ඔබේ වකුගඩු වල සෞඛ්යකයට නම් එතරම් හිතකර වන්නේ නැහැ. දිනපතා පානයට ඇබ්බැහි වූ කෙනෙකුගේ වකුගඩු ඉක්මනින්ම රෝගී වීම පුදුමයක් නැති බවයි සඳහන් වෙන්නේ. අද පටන් කොකා-කෝලා පානය හැකිතාක් නතර කලහොත් එය ඔබේ නීරෝගී යහපැවැත්ම වෙනුවෙන් ඔබ ගන්නා හොඳම තීරණයක් වේවි!