ඔබේ ජිවිතය ගැන කියාවි ඔබ වඩාත්ම කැමති සුනඛයා තේරිමෙන්

ඔබ වඩාත්ම කැමති සුනඛයාව තෝරන්න.එම අංකය ඇසුරින් ඔබේ ජීවිතය තුල ඔබව සුවිශේෂී කරන ඔබගේ ගුණාංගය රැසක් කියාවි උත්සහ කර බලන්න

සුනඛයා අංක 1


ඔබ මෙම සුනඛයාව තෝරා ගැනීමෙන් අදහස් වෙන්නේ ඔබ සැමවිටම ඔබේ ආදරණියයන්ව ආරක්ෂා කරන බවයි.ඔබේ වටිනාම ගුණාංගය මෙයයි.ඔබ ඔබේම මාවතක ගමන් කරයි.ඔබටම කියා ජීවන දැක්මක් ඇත.ඔබ ඔබේ දැක්මට අනුව ජීවිතය ගත කරන අතර ඕනෑම වෙලාවක ඔබේ පවුලේ අයට හා මිතුරන්ට උදවු කිරීමට සූදානම්ය.ඔබ ඔබේ සමීපතමයන් ගැන දක්වන ආදරණිය සැලකිල්ල පිළිබඳව ඔවුන්ද ඉතා හොඳින් දන්නා අතර ඔවුන් ඒ පිළිබඳව ඔබව අගය කරයි.

සුනඛයා අංක 2


ඔබේ සුවිශේෂී ගුණාංගය වන්නේ ඔබේ සුහදශීලි බවයි.ඔබේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහලය.ඔබ බෙහෙවින් සමාජශීලි සුහද කාරුණික අයෙකි.මේ නිසාම ඔබට ඉතා කෙටි කාලයකින් බොහෝ මිතුරන් ඇති වේ.දවසින් දවස ඔබේ මිතුරන් ප්‍රමාණය වැඩි වෙනවා මිස අඩු නොවේ.එතරම් ඔබේ ඇසුර ඔවුන්ට ප්‍රිය වේ.

සුනඛයා අංක 3


ඔබේ වටිනාම ගුණාංගය වෙන්නේ ඔබේ දයානුකම්පිත සානුකම්පිත හදවතයි.අද ලෝකයේ බොහෝ අය සැලකිලිමත් වෙන්නේ තමන්ගේ ගැටළු විසඳා ගැනීම කෙරෙහි පමණි.නමුත් ඔබ ඊට හාත්පසින්ම වෙනස් අයෙකි.ඔබ අන් අයගේ ගැටළු වලට සවන් දෙයි.ඒවාට විසඳුම් සෙවීමට උදව් වෙයි.

සුනඛයා අංක 4

ඔබේ සුවිශේෂී ගුණය වන්නේ ඔබේ ත්‍යාගශීලි බවයි.සතුටේ රහස ඔබ දනියි.දෙයක් ලැබීමට නම් යමක් දිය යුතුමය.ඔබද එසේ සිතා ඔබේ සතුට වෙනුවෙන් අන් අය වෙත හැකි පමණින් ඇති යමක් දෙන ත්‍යාගශීලි අයෙකි.ඉන් ඔබ සතුටු වේ.

සුනඛයා අංක 5


ඔබ තෝරාගත්තේ මෙම සුනඛයා නම් ඉතාමත් හොඳ තේරීමකි.ඔබේ වැදගත්ම ගුණාංගය වෙන්නේ ඔබේ සාමකාමී බවයි.ඔබ සන්සුන්තී,ක්ෂණ මනසකින් යුතු ඉවසීම හොඳින් පුරුදු අයෙකි.ඔබේ මෙන්ම ඔබේ මිතුරන්ගේ අතර පවතින ගැටුම් වලටද මැදිහත් වී ඒවට නිසි විසඳුම් ලබා දීමේ හැකියාව ඔබට ඇත.ඔබේ අත්දැකීම්,නුවණ ඔබට මෙම තීරණ ගැනීමේදී උපකාරී වේ.

සුනඛයා අංක 6


ඔබ සුබවාදී කෙනෙක්.ඔබේ වටිනාම ගුණය වන්නේ ඔබේ ධනාත්මක ආකල්පයි.ඔබ ලද දෙයින් සතුටු වෙන අයෙක් .හැමවිටම ජීවිතයේ පොඩි දෙයකින් වුවත් සතුට සොයාගන්න ඔබ ඒවා අගය කරයි.යන තැන ආලෝකමත් කරන ඔබේ ධනාත්මක ආකල්ප ,සුබවාදී අදහස් නිසා පිරිස අතර ඔබව කැපී පෙනෙයි.