අතරින් මෝඩම පුද්ගලයා කවුද..?ඔබගේ තේරීම අනුව ඔබේ පෞරුෂත්ව ගැන හෙළිවන දේ මෙන්න

විද්‍යාඥයින් පවසන ආකාරයට ආත්මාවබෝධය ඇත්කරගැනීමට උත්සාහ කිරීමේදී පුද්ගලයෙකු විසින් තමන්ගෙන් ප්‍රශ්න තුනක් විමසනු ලබයි. එනම් “මම කවුද?”, “අන් අය සිතන විදියට මම කවුද?” සහා “මම බලාපොරොත්තු වන්නේ කොහොම කෙනෙක් වන්නද?” යනුවෙනුයි. තමන් ගැන අවබෝධ කරගැනිමට පෞරුෂත්ව පරීක්ෂාවන් උපකාරී වන අතර මේ ගැටලු වලට පිලිතුරු ඒවා හරහා අපට බොහෝ දුරට දැන කියා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. ඔබේ ස්වරූපය සහා පෞරුෂත්වය කුමන ආකාරයේ එකක් දැයි හෙලි කරන මේ කෙටි පරීක්ෂණය උත්සාහ කර බලන්න. මෙහි දි ඔබ ගැන හෙලි කරන පෞරුෂත්ව ලක්ෂණ ඇත්තෙන්ම ඔබේ ජීවිතයට කොතරම්ම් දුරට අදාලද කියා සසඳා බලන්න.

• පින්තූරය දෙස බලා ඒ අතරින් මෝඩම පුද්ගලයා කවුරුන්දැයි නිගමනය කරන්න.

පළමු මිනිසා
ඔබේ පිලිතුර පළමු ඉලක්කමෙන් දක්වා ඇති මිනිසා නම්, ඔබ එක්තරා ආකාරයක දෛවවාදියෙකු බව කිව හැකියි. ඔබ සෑම විටම දෛවය අධිකව විශ්වාස කරන නිසා සිදු වූ දේවල් සිදුවීමට තිබූ පරිදි සිදු වූ බවත් වෙනස් කල නොහැකි බවත් සිතමින් පහසුවෙන් දේවල් අත්හැර දමයි. ඔබේ ජීවිතයට එලඹෙන අභියෝග සහා සිදුවීම් දෛවයේ තීරණයක් ලෙස සිතමින් බාරගනියි. ඔබ වාද ඇති කරගැනීමට අකමැති පුද්ගලයෙකි. ගැ‍ටුම් හා මතවාද ඇති වීමෙන් ඔබ පහසුවෙන් දුකට පත් වන නිසා ඔබ ඒවායෙන් හැකිතාම් ඉවත් වී හැමවිටම සාමකාමීව ජීවත් වීමට උත්සාහ කරයි. ඔබ ඉතා කාරුණික හා අවංක හදවතක් ඇති අයෙකි. නමුත්, ඔබේ ජීවිතය දෛවයට බාර දෙයක් බව සිතීම නවත්වන්න. ඔබේ දෛවය ගොඩනගා ගන්නේ ඔබම බව හොඳින් මතකයේ තබාගන්න.

දෙවන මිනිසා
ඔබේ පිලිතුර දෙවන මිනිසා නම්, ඔබ ඉක්මන් තීරණ ගන්නා පුද්ගලයෙකු බව පැවසිය හැක. ඔබ තීරණ ගැනීමේදී කාලය ගනිමින් හොඳින් කරුණු සිතාබලමින් නිගමනයකට එලඹීම සිදුකරන්න.ඔබ ඉතා මුරණ්ඩු ගති ඇති අයෙක් විය හැකියි. අතීතයේ සිදුවූ කිසිවක් කෙරෙහි ඔබට පසුතැවීමක් නැත. ඔබ ඔබේ තීරණ ගැන වගකීමක් දරන පුද්ගලයෙක් වන අතර ඔබව විශ්වාසකරන හා කා මතවත් යැපෙන චරිතයක් නොවෙයි.

තෙවන මිනිසා
ඔබ සිතූ පිලිතුර තෙවනි මිනිසා නම්, ඔබ ශක්තිමත් සටන්කරුවෙක් වගේ පුද්ගලයෙකු බව පැවසිය හැකියි. ඔබ ඉතා ආවේගශිලීව ඇතැම් අවස්ථා වලදී කටයුතු කරන අතර ඔබ ලෙහෙසියෙන් පරාජය බාරගන්නා පුද්ගලයෙකු නොවෙයි. ඔබ විශ්වාස කරන දේ සපථ කිරීමට සහා ඔබ සතු දේවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවසාන මොහොත දක්වා සටන්කිරීම ඔබගේ ගතිලක්ෂණයකි. නව ක්රඅමශිල්ප සහා නව අදහස් භාවිතා කිරීම ඔබගේ ක්ර්මයයි. ඔබ වැනි පුද්ගලයින් ව්යා්පාරික ලෝකයේ විශිෂ්ඨයින් සහා නායකයින් ලෙස වැජඹීමට හේතුව වී ඇත්තේ ද එම හේතුවයි.

සිව්වන මිනිසා
ඔබේ පිලිතුර සිව්වැනි මිනිසා කියා නම්, ඔබ විප්ලවකාරී චරිත ලක්ෂණ වලින් යුත් අයෙකු බව කිව හැකියි. ඔබ පහසුවෙන් අනුකූල වන්නෙකු නොවේ. යම් පුද්ගලයෙකුට යම් දෙයක් ඒත්තු ගැන්වීමට ඔබ ඔබගේ වඩාත් කැමති දේවල් පවා කැපකරගනියි. ඔබ ප්ර තිපත්තිගරුක අයෙක් වන අතර ඔබගේ දෘෂ්ටිකෝණය සහා තීරණ සැම විටම වඩාත් හොඳම ඒවා යැයි ඔබ සිතයි. නමුත්, අදහස් වල විවිධත්වය අනුව ඇතැම් දේවල් අවබෝධ කරගැනීමට හා නිගමන වලට එලඹීම පහසුවන බවත් ඔබ මතක තබාගත යුතුයි. එබැවින් වඩාත් සිහිබුද්ධියෙන් යුතුව තර්කාන්විතව ඔබේ අදහස් ඉදිරිපත් කිරීමට වග බලාගන්න.