ඔයාගෙ ජංගම දුරකථනය වතුරට වැටුනොත් ඒක බේරගන්න මෙන්න මෙහෙමයි.

අපි මගතොටේ වැස්සේ යද්දී හෝ නාන විට නැත්නම් වැසිලිකියෙදි අපේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් අපිට ඔක්කෝම නැති වුනා වගේ දැනෙනවා..අපේ චායාරූප, සංවාද දුරකථනයෙන් මැකී යන්න ගන්නේ සුලු මොහොතයි.ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න ෆෝන් එක බේරග්නේ කොහොමද කියල අපි දැන් බලමු.

1. හැකි ඉක්මනින්ම දුරකථනය වතුරෙන් එලියට ගන්න.

ඔයාල බලනව ඇති ඇයි එහෙම කිව්වෙ කියලා..ඔව්.ජලයේ වැඩිපුර වෙලා තියෙන්න තියෙන්න වන හානිය වැඩි වෙන නිසා ඉක්මනින් ෆෝන් එක ගොඩට ගත්තොත් බේරගන්න පුළුවන් හැකියාව වැඩියි.

2. වතුරෙන් එලියට ගත් විගස එය ක්‍රියා විරහිත කරන්න.

සමහර ෆෝන් නම් ඉබේම ක්‍රියා විරහිත වෙනවා.ඒත් එහෙම නොවුනොත් වහාම ෆෝන් එක ක්‍රියා විරහිත කරන්න.බැටරිය ගලවන්නට එහෙම උත්සහා කරන්න එපා..එහෙම කරන්න හැදුවොත් ඇතුලත සියුම් පරිපථ විනාස වී යා හැකියි.

3. දැන් හැකිනම් බැටරිය ගලවා දමන්න.

අයි ෆෝන් වල වගේනම් බැටරිය ගලවන්න බෑ.ඒ වගේ වෙලාවල් වල මේ පියවර අතෑරල දාන්න.

4. ඊලඟට ෆෝන් එක ඇතුලේ තියෙන සිම් කාඩ් පත් හා මෙමරි චිප අයින් කරන්න..

ඊට පස්සේ ෆෝන් එක තුවායක් වගේ දේකින් තෙත මාත්තු කරන්න.ඒත් මේකට කඩදාසි වගේ ඒව නම් පාවිච්චි කරන්න එපා.

5.දැන් ෆෝන් එක ප්ලාස්ටික් බෑග් එකක දාලා එහි කටින් වැකියුම් එකකින් එහි ඇති වාතය අදින්න .එතකොට ෆෝන් එකේ ඇතුලත ඇති ජලය පවා ඇදී එනවා.

6. දැන් ෆෝන් එක හාල් සහිත භාජනයකට දාන්න.මේ විදියට දැම්මම හාල් වලට හොඳින් තෙතමනය උරාගන්නවා..

7.දැන් ඉතින් ෆෝන් එකට බැටරිය දාලා ආයේ ක්‍රියාකාරී කරන්න. ඔබගේ දුරකථනය වියළීමට හා එය ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් දින දෙකක්වත් ලබා දීම ඉතා වැදගත් වේ, මන්ද කුඩා ජල අංශුවක් ඇතුළත පවතින්නේ නම්, ඔබගේ සියලු උත්සාහයන් නිෂ්ඵල වනු ඇත. වාසනාව!