ලෝකයම රවට්ටපු ඡායාරූප 10ක්

අන්තර්ජාලයේ දකින්න ලැබෙන දේවල් වල සත්‍ය අසත්‍යභාවය හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඇත්ත වගේ පෙනෙන බොරුත් බොරු වගේ පෙනෙන ඇත්තත් ගොඩක් තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය පරිහරණය කරන අය අතර දේවල් ප්‍රසිද්ධ වෙන්නෙ හරිම අමුතු විදියට. රැජිණිය මේ ගෙන එන ඡායාරූප 10 අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණත් ඇත්තටම වෙනස් කරපු ඡායාරූප බව පසුව හෙළි වුණු ඒවා. බලන්න ඔබ මේවා දැක්කොත් එඩිට් කරන ලද ඡායාරූප බව අදුරගන්නවද කියලා.

1. තරඟෙකින් දිනුවෙ නැති ඡායාරූපය

මේ ඡායාරූපය අන්තර්ජාලයේ විශාල ප්‍රසිද්ධියක් අත් කරගත්තත් මේක photoshop මගින් ඡායාරූප දෙකක් එක මත එක සමපාත කරල හදපු එකක්. මේ ඡායාරූපය නිසා වැඩියෙන්ම අපහසුතාවයට පත් වුණේ National Geographic එකයි. මොකද මේ ඡායාරූපය අන්තර්ජාලයේ බෙදා ගෙන තිබුණේ නැෂනල් ජෝග්‍රැෆි වසරේ හොඳම ඡායාරූපය කියන මාතෘකාවත් එක්කයි.

2. සුරංගනා ලෝකේ දූපත් මාළිගාව

මේ ඡායාරූපය ප්‍රසිද්ධ උනේ අයර්ලන්තයේ දූපත් මාලිගාව කියලයි. ඔක්කොම දේවල් නවත්තලා මේ විශිෂ්ට ගෘහ නිර්මානය බලන්න අයර්ලන්තයට යන්න හිතෙන තරම් මේක දක්ෂ විදියට හදලා තියෙනවා. නමුත් මේකත් වෙනස් ඡායාරූප දෙකක් අරන් හදපු ව්‍යාජ එකක්.

3. නිල්පාට කොමඩු

මේ නිල්පාට කොමඩු දුර්ලභ ජපන්, චීන කොමඩු වර්ගයක් ලෙස කාලයක් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තිබ්බත් පසුව මේකත් සංස්කරනය කළ එකක් බව හෙළි වුණා.

4. වලහාගෙන් බේරුණ හැටි

සාමාන්‍යෙන් වනජීවි චායාරූප ශිල්පීන්ට මේ වගේ දේවල් වෙනවා. නමුත් මේ වලහගෙන් බේරෙන්න කාටවත් ගහක් උඩට නගින්නවත්, මැරුණා වගේ ඉන්නවත් අවශ්‍ය වුණේ නැහැ. මොකද මෙහෙම දෙයක් ඇත්තටම වුණේ නැති නිසා.

5.සුප්‍රකට MGM සිංහයා

චිත්‍රපට සමාගමක් වන මෙට්‍රෝ ගොල්ඩ්වයන් මැයර් හි නිළ ලෝගෝවේ දැක්වෙන ගොරවන සිංහයා ඡායාරූප ගත කළ විදිය කියලා. මේ ඡායාරූපය පළ වුණේ සත්ව හිංසනය පිටු දකින්නන් අතර නොසන්සුන්තාවයකුත් ඇතිකරමින්. ඒ සමාඟමත් මෙයින් කලබල වුණා. නමුත් ඇත්තටම මේක සිංහයෙකුගේ එම්ආර්අයි පරීක්ෂණයක් අතර ලබාගත් එකක්.

6. දුර්ලභ මෝර පිනුම්

‌වනජීවි ඡායාරූප ශිල්පීන් නිතරම ලෝකය මවිත කරන ඡායාරූප ඉදිරිපත් කරනවා. මේකත් නම් කරලා තිබුණෙ නැෂනල් ජෝග්‍රොෆික් වසරේ ඡායාරූපය විදියට. නමුත් මේක ඇත්තක් බව විශ්වාස කළ අය තරමටම මේක ව්‍යාජ බව හිතපු අයත් හිටියා. ඒ අයගේ සෙවීම නිසා මේකත් ව්‍යාජ එකක් බව හෙළි වුණා.

7.අති දුර්ලභ කලු සිංහයා

මේ ඡයාරූපයත් ඇත්ත එකක් කියලා වැඩි දෙනා හිතුවේ ඇත්තටම කළු සිංහයන් ඉන්න නිසා. නමුත් මේ සිංහයාගේ තිබුණෙ හරිම අමුතු කළු පාටක්. ඒ නිසාම මේ සිංහයා මනස්කාන්ත ගාම්බීර ලස්සනක් ඇති බව හැමෝම පිළිගත්තා. අවසානයේ ඇත්තම ඡායාරූපය එළියට ආවම කාටවත් බලාපොරොත්තු කඩකරගන්න නම් වුණේ නැහැ.

8. පුදුමාකාර කළල බබා

ගැබිණි මවකගේ කුසේ සිටින දරුවකුගේ පා සටහනක් ඇගේ උදරය මත සටහන් වෙලා තියෙන මේ ඡායාරූපය දැක්කම ගොඩක් දෙනා පුදුම වුණා. සාමාන්‍යෙන් දරු ගැඹක් දරන මවුවරුන්ට ගර්භණී සමයේ අවසාන කාලයේ දරුවාගේ පාද කුසේ වැදීම සංවේදනය වෙනවා. නමුත් කළල අවස්ථාවේ දරුවන්ගේ පාදය මේ තරම් විශාල නෑ. ඒ වගේම මවගේ ගර්භාෂ බිත්ති ඝනකමින් වැඩි මේ විදියට පාදය පේන්න. කොහොම වුණත් මේකත් කාගෙ හරි දක්ෂ නිර්මාණයක් බව පිළිගන්න වෙනව.

9.බැට්මෑන් සහ ජෝකර්

ද ඩාක් නයිට් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ජෝකර්ගේ චරිතයට පණ පෙවූ හීත් ලෙජර් විනෝද වෙන අවස්ථාවක් ලෙස මේ ඡායාරූපය සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයේ සෑම තැනම ප්‍රකට වී තිබුණා. නමුත් මේ ඡායාරූපය ප්‍රකට වෙනකොටම එක්තරා මිතුරු කණ්ඩායමක් මේක ඔවුන් විසින් කරන ලද සංස්කරණයක් බව පිළිගත්තා. නමුත් තවමත් මේ ඡායාරූපය ප්‍රසිද්ධයි.

10. ගුවනේ ගත් සෙල්ෆිය

මේ ඡායාරූපය ඇත්තක් නොවන බව වැඩි දෙනා පහසුවෙන් දැනගත්තා. නමුත් ඒකෙන් මේ ඡායාරූපයට අත් වූ ප්‍රසිද්ධියත්, මේ සමාන ඡායාරූප අරන් පල කරන්න ඇති වුණු රැල්ලත් නැති වුණේ නැහැ.මේවා සැබෑ ඡායාරූප නොවුණත් සැබෑ ලෙස පෙනෙන පරිදි සංස්කරණය කරන්න නිර්නාමික සංස්කාරකයන් දැක්වූ කුසලතාවය ප්‍රශංසනීයයි. ඔබ ගාවත් මේ වගේ ලස්සනට එඩිට් කරපු ඡායාරූප තියනවා නම් අපිත් එක්ක බෙදාගන්න.