බොරු කිව්වොත් අතටම අල්ලගන්න නියම ක්‍රම 8ක්

බහ තෝරන වයසටම එද්දී මිනිස්සු බොරු කියන්න පටන් ගන්නෙනේ ටොන් ගනනින් ඉතිං මේ බොරු කියන එක නම් හොද දෙයක් නම් නොවේ. , මෙම බොරු කිම සිදුවන්නේ ඇත්තෙන්ම මිනිසා නිර්මාණශිලි සත්වයෙක් හේතුවෙන්. ලමුන් නම් බොරු කියන එක හොද නෑ කියලා දන්නෑ. නමුත් වැඩිහිටියන් බොරු කියන්නේ ඒ පිලිබද දැනගෙනයි.‌හැමෝම අඩුවැඩි වශයෙන් බොරු කිව්වත් සමහර වෙලාවට කෙනෙක් කියන්නෙ ඇත්තද බොරුද කියලා දැනගන්න අවශ්‍ය වෙන්න පුලුවන්. බොරුවක් කියන අයව නිසි විදියට නිරීක්ෂණය කළොත් මේ කියන්නෙ ඇත්තද බොරුද කියලා දනගන්නත් හැකි ආකාර තියනවා.

  1. ඔහුගේ බෙල්ල කරකවනවා

ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න කලින් කෙනෙක් බෙල්ල ඒ මේ අත කරකවනවා නම් ඒ බොරුවක් කියන්න ලෑස්ති වෙනවා වෙන්න වැඩි ඉඩක් තියෙනවා.

  1. උරහිස, හුස්ම ගැනීමේ රටාව සහ කටහඬ

‌බොරු කියන කොට කියන බොරුවේ සාර්ථකභාවය ගැනත් අහගෙන ඉන්න කෙනා මොන තරම් දුරට ඒක විශ්වාස කරනවාද කියන එක ගැනත් සැළකිලිමත් වෙන්න බොරුව කියන කෙනාට සිද්ධවෙනවා. එතකොට නොදැනුවත්වම හුස්ම බර වෙනවා, කටහඩ ඉතා පහත් හෝ ඉතා උච්ඡ වෙනවා වගේම උරහිස හැකිලෙන්න ඉඩ වැඩියි.

  1. සීරුවෙන් සිට ගැනීම

සාමාන්‍ය කතාබහකදී මිනිස්සු සැහැල්ලුවෙන් ඉන්නවා.නමුත් බොරු කියන අය එහෙම සැහැල්ලුවෙන් ඉන්නෙ නෑ, තමන් කියන්නෙ බොරුවක් බව දන්න නිසා. මොකද ඔවුන්ට අවශය්‍යි බොරුව අහන කෙනා හැකිතාක් දුරින් තියාගන්න.

  1. අදහසක් ප්‍රකාශ කරගන්න තිබෙන අපහසුතාවය

බොරු කියන කොට බොරුව කියන කෙනා රවටන්න උත්සහ කරන්නේ අහන කෙනාව විතරක් නෙවෙයි, තමන්වවත් රවටා ගන්නවා. ඒ නිසා බොරුවක සාමාන්‍ය කතාවකට වඩා එකම දේ ආය ආය කියන අවස්තා, හරියට ගලපලා කතා කරන්න බැරි අවස්ථා ඇති වෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්නයේ තියෙන වචනම පාවිච්චි කරලා උත්තර දෙනවා, “ඔයා මගෙ පොත ගත්ත්ද?”, “නෑ මම ඔයාගෙ පොත ගත්තෙ නෑ” ආදි ලෙස.

  1. ඇස් දෙස බලාගෙන සිටීම

‌ඇස් කියන්නේ ආත්මයේ කවුලුව කියලනේ කියන්නේ. කෙනෙක් ගේ ඇස් වලින් එයා ගැන ගොඩක් දැනගන්න පුලුවන්. සාමාන්‍යෙන් ඇස් දිහා බලාගෙන කතා කරන්නේ අවංක අය කියලා හිතුවත් ඇත්ත ඒකේ අනිත් පැත්ත. බොරු කියන අය ඇස් දිහා බලාගෙන කතා කරනවා වැඩී, මොකද ඔයාගෙ ඇස් වලින් එයා කියන එක විශ්වාස කරනවද නැද්ද කියලා දැනගන්න එයාලා උත්සහ කරන නිසා.

  1. තොල් සපා ගැනීම

බොරු කියන කොට ආත්ම විශ්වාසයක් නැහැනේ. බොරු කියන වෙලාවට උගුරේ වියලීමක් ඒ නිසා ඇති වෙන්න පුලුවන්. ඒ හින්ද බොරු කියන අය තොල් උල් කිරීම හෝ කට සපා ගැනීම කරනවා. ඒ වගේම ඔවුන්ගේ මුහුණේ තිබෙන සිනාවත් ව්‍යාජයි.

  1. අත් වලින් බෙල්ල අල්ලනවා

ඔබට තේරිලා තියනවද ඔබ බොරුවක් කියද්දී ඔබේ අත් වැඩ කරන විදිය, අත් හරිම අවංකයි. අත් වල අසාමාන්‍ය හැසිරීමක් ඇති වෙනවා නම් ඒක වලක්වා ගන්න බොරු කියන අය අතින් උරහිස හෝ බෙල්ල අල්ලනවා.

  1. තොල් අල්ලනවා

බොරු කියන අයගේ ශරීරය ඒ ක්‍රියාවට විරුද්ධව වැඩ කරනවා. ඒ නිසා එයාල අතින් තොල් අල්ලනවා. නොදැනුවත්වම වුණත්.ඔයා එක්ක කතා කරන කෙනෙක්ට මේ ලක්ෂණ තියෙනවා නම් ටිකක් කල්පනා කරලා බලන්න එයාලා කියන දේ විශ්වාස කරන්න කලින්.මොකද එයාලා කියන්නේ බොරුවක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. නමුත් අමත්ක කරන්න එපා මේ මොකුත් ලක්ෂණ නැතිව ඇත්ත වගේම බොරු කියන අයත් ඉන්නවා. එයාලා ගැන අපි පසුව කතා කරමු.ල