සීරීම් මතුපිටින් ඉවත් කිරීමට ක්‍රම 14 ක්

ඔබේ එක් නොසැලකිලිමත් චලනයකින් ඔබේ ප්‍රියතම දේවල අපිරිසිදු සීරීම් ඇති විය හැකිය. නමුත් බලාපොරොත්තු සුන් කිරීමට හෝ හානියට පත් වස්තුව ඉවතට විසි කිරීමට දැන් අවශ්‍ය නැත. පොදු ගෘහස්ථ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඒ භාණ්ඩවලට ඇති වන සීරිම් දැන් පහසුවෙන් මැකිය හැක.

විවිධ පෘස්ඨයන්වලට සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමට සහ ඕනෑම වස්තුවක් අලුත් ලෙස බැබළීමට ඔබට උපකාරී වන ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් අද ඊෆාස්ටර් ඉදිරිපත් කරනවා.

වීදුරු මතුපිට

වීදුරු මතුපිට සුළු සීරීම් ඉවත් කිරීමට, පහත දැක්වෙන ක්‍රම වලින් එකක් භාවිතා කරන්න:

කපු පුළුන් කැබැල්ලකට හෝ කපු රෙදි කැබැල්ලකට දන්තාලේප ස්වල්පයක් දමා තත්පර 10 ක් පමණ රවුම් ආකාරයට වීදුරු මතුපිටට මෘදු ලෙස අතුල්ලන්න.පසුව ජලය දමා සොදා හරින්න.

එළවළු තෙල් ස්වල්පයක් මයික්‍රෝ ෆයිබර් රෙද්දකට හෝ කපු පුළුන් බෝලයකට දමා ආලේප කර තත්පර කිහිපයක් මෘදු ලෙස මතුපිට ආලේප කිරීමෙන් නොගැඹුරු සීරීම් තාවකාලිකව ඉවත් කර ගත හැකිය. වැස්ලින් ස්වල්පයක් ගෙන සිරීම් ඇති මතුපිට අලේප කර පිසදැමිමෙන් තාවකාලිකව සිරිම් වසා දැමිය හැක.

බේකිං සෝඩා මේස හැන්දකට ජලය ස්වල්පයක් එක්කර පේස්ට් එකක් සාදගන්න. වීදුරු මතුපිට ආලේප කරන්න, ඉන්පසු කපු හෝ ලොම් රෙදි කැබැල්ලක් ගෙන සීරීමට ලක්වූ ප්‍රදේශය පිස දමන්න. තෙත් රෙදි කැබැල්ලකින් පසුව හොදින් පිසදමන්න.

වීදුරු මතුපිට සීරීම් ඉවත් කිරීමට Windshield polishes යොදාගත හැක. නිෂ්පාදනයේ රසායනික සංයුතිය ඔබ භාවිතාකරන පෘස්ඨයට ගැලපේද යනවග මුලින් ඔබ තිරනයක යුතුවේ.

සම් භාණ්ඩ

සම් මතුපිට සීරීම් ඉතා සුලභ ය. හානිය එතරම් බරපතල නොවේ නම්, ඔබට එය නිවසේදීම පහසුවෙන් අලුත්වැඩියා කළ හැකිය.

එළවළු හෝ ළදරු තෙල් ටිකක් ගෙන කපු පුළුන් භාවිතයෙන් සීරීමට ලක්වූ මතුපිටට ආලේප කරන්න. රවුම් ආකාරයට මතුපිට අතුල්ලන්න, ඉන්පසු එය වියළීමට ඉඩ දෙන්න. පසුව පිස දමන්න.

විශේෂ ලෙදර් ඉටි ආධාරයෙන් ඔබට සීරීම් ඉවත් කළ හැකිය, ඔබට සාමාන්‍ය මී වදයෙහි ඉටි භාවිතා කළ හැකිය. ඉටි රත් කර සීරීමට ලක් වු පෘෂ්ඨයට දමා ෆ්ලැනල් රෙද්දකින් පිස දමන්න. සම්වලට ගැලපෙන ඉටි වර්ණයක් යොදාගන්න.

ලී මතුපිට

ලී මතුපිට සිරිම් හෝ පළුදුවිම් ඉවත් කිරීමට පහත නිර්දේශ අනුගමනය කරන්න:

සිරිමට ලක්වුන දැව පෘෂ්ඨය මත, අයඩින් යොදා හොදින් පිරිමදින්න. හානියට පත් ප්‍රදේශවලට විසඳුමක් ලැබේවි, පසුව වාර්නිෂ් ආලේප කරන්න

තවත් විකල්පයක් වන්නේ walnut kernel කැබැල්ලක්‍ ගෙන හානියට පත් ප්‍රදේශවල අතුල්ලන්න. සීරීම් අඳුරු වූ විට, රෙදි කඩකින් පිස දමන්න, ඉන්පසු වාර්නිෂ් ආලේප කරන්න.

ලී මතුපිට ඉරිතලා ගියහොත් එය මෙයොනීස් ඉරිතලා ඇති ප්‍රදේශයට යොදන්න, පසුව ඉවත් කර දින 2-3 ක් තබන්න.

ප්ලාස්ටික් මතුපිට

ප්ලාස්ටික් මතුපිටින් සීරීම් ඉවත් කිරීමට ඔබට උපකාරී වන උපක්‍රම කිහිපයක් මෙන්න:

සුමට ප්ලාස්ටික් මතුපිට ඇති සිරිම් ඇති ස්ථානයේ හෙයා ඩ්‍රයර් උපකරණය භාවිතාකර එම ස්ථානය මිනිත්තු 10-15 ක් පමණ රත් විමට සලස්වන්න, ඉන්පසු සීරීම් මුළුමනින්ම නොපෙනෙන ලෙස මතුපිටට ඔප දමන්න.

සීරීම් ඇති ප්ලාස්ටික් වස්තූන් යථා තත්වයට පත් කිරීම සඳහා කාර් පොලිස් භාවිතාකල හැක. හානියට පත් ප්‍රදේශය පිරිසිදු කර, ඉන්පසු Car polishes යොදා මෘදු රෙද්දකින් පිරිමදින්න

ලෝහමය පෘෂ්ඨයන්

විවිධාකාර ලෝහමය පෘෂ්ඨයන් ඇති බැවින් ඒවා නැවත සැකසිමට විවිධ ප්‍රවේශයන් අවශ්‍ය විය හැකිය. ස්වර්ණාභරණවල ඇති සීරීම් ඉවත් කිරීම සඳහා, වෘත්තීය ස්වර්ණාභරණ වෙළෙන්දෙකුගේ සේවය අවශ්‍ය වේ. අනෙක් අතට, හානියට පත් මල නොබැඳෙන වානේ මතුපිට ඇති සිරිම් නිවසේදිම සකසාගත හැක.

නියපොතු nail buffer block මගින් මල නොබැඳෙන වානේවල සීරීම් ඉවත් කළ හැකිය.

සාමාන්‍ය සුදු කිරීමේ දන්තාලේපයක් භාවිතා කර හානියට පත් ප්‍රදේශයට ටුත්‍ෙප්ස්ට් යොදා මෘදු බුරුසුවක් හෝ මෘදු රෙද්දකින් අතුල්ලන්න.

ඉහත ක්‍රම වලින් එකක් ඔබට අත්හදා බැලිය හැකි අතර ගැඹුරු සීරීම් ඉවත් කිරීමට මේවායින් කිසිවක් උපකාරී නොවන බව මතක තබා ගන්න. එවැනි අවස්ථාවන්හිදී, වෘත්තිකයන්ගෙන් උපදෙස් ලබා ගැනීම හෝ හානියට පත් නිෂ්පාදනය ප්‍රතිස්ථාපනය කිරීම වඩාත් සුදුසුයය.