ඉතාම අසාමාන්‍ය ජීවිත ගතකරන අමුතුම මිනිසුන් 12 දෙනෙක්

ඉතාම අසාමාන්‍ය ජිවිත ගතකරන අමුතුම මිනිසුන් 12 දෙනෙක් අපට පුළුවන්ද කිසිම ආහාරයක් නොගෙන ජිවත් වෙන්න.මුදල් නැතිව,විශ්වාස කලත් නැතත් මේ පෘථවිය මත ඉන්නවා අසාමාන්‍ය ජිවිත ගත කරණ මිනිස්සු එහෙමත් නැත්නම් කුමන හෝ හේතුවක් නිසා අසාමාන්‍ය ලෙස ජිවත් වෙන්න සිදුවුණ මිනිස්සු.ඒ වගේ යම් යම් හේතුන් මත තමන්ට තමන්වම හිංසාවක් වූ විස්වාස කරන්නත් අමාරු විවිධ මිනිසුන් 12 දෙනෙකු පිළිබදවයි මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ.

1. අවුරුදු 20ක් තිස්සේ ජලයේ ජිවත්වන කාන්තාව.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ වෙසෙන පද්මනී ගොෂ් වසර ගණනාවක් තිස්සේ පැය 12කට අධික කාලයක් තම ශරිරය ජලය යටවී ජීවත් වන අතර ඇගේ ශරීරයේ නිතරම දැවෙන බවක් දැනෙන නිසා සහ මුළු සිරුරම රිදෙන ගතියක් ඇති බැවින්ය. 1998 දී මෙම කාන්තාව අමුතු රෝගයකට ගොදුරු වූ අතර, එම නිසා ඇගේ මුළු සිරුරම ගින්නකින් දැවෙන්නක් මෙන් වේදනාවට ලක්වන බැවින් ජලයෙන් යටවී තම ශරිරය සිසිල් කරගනී.ඇයට එකම විකල්පය වුයේ තම ශරිරය ජලයෙන් යටකරගෙන කාලය ගත කිරිමයි.

2. ලෝකයේ අපිරිසිදුම පුද්ගලයා

ඉරානයේ අමූ හාජි යනු ලොව අපිරිසිදුම මිනිසා ය. ඔහු පිරිසිදු හා පිළිවෙලට ගත කරන ජීවිතයට කිසිසේත් කැමති නැත. ස්නානය කිරිමට ඔහු කැමති නැත.වයස අවු: 80 වන මෙම තැනැත්තාට ජලයයි සබනුයි දකින්න පවා අකමැති වීම.අප පිරිසිදුයි කියන දේ ඔහුගේ මතයට නම් අපිරිසිදුයි.ඉරානයේ කාන්තාර ප්‍රදේශයක තාපස ජිවිතයක් ගත කරන හජිට අප කතාකලා ඔහු කියන්නේ තමන්ට සහකාරියක් සොයන බවයි.ඔහු අවසානය නාල තියෙන්නේ මිට අවු:50 පෙරයි ඉතිං මොහු කොපමණ අපිරිසිදු ඇද්ද?

3. පෙට්ටියක් ඇතුලේ ජිවත්වන මිනිසා

පැය 24 ම කුඩා පෙට්ටියක් වැනි ශිලින්ඩරයක හිරවි ජිවත් විය හැකිද?පොල් ඇලෙක්සැන්ඩර් මොහු අංශභාග රෝගී තත්වයෙන් ඉන්න පෝලියෝ රෝගියෙක්.ලොහමය පෙනහැල්ලක ආධාරයෙන් හුස්ම ගන්න ඔහුට දැන් වයස අවු:74ක්.පැරලයිටික් පෝලියෝ ‍රෝගය වැලදුණ අයගෙන් දැනට ජිවත් වෙලා ඉන්නේ පෝල් වගේ කිහිපදෙනෙක් පමණයි.ලෝහමය පෙනහැල්ලකින් ජිවත්වන ලොව එකම පුද්ගලයා පෝල් ඇලෙක්ස්සැන්ඩර්ය.

4. අවුරුදු විස්සකටත් වඩා කුණු වලක ජිවත්වන මිනිසෙක්.

තම බිරිදයි සුරතලත් එක්ක කුණවලක ජිවත් වන මෙම පුද්ගලයා තිරණය කරලා.බැලු බැල්මට කුණු වලක් වගේ පෙනුනට මෙහි රුපවාහිණියක්,ඇදක්,විදුලිපහන් වගේම කුඩා නිවසකට අවශ්‍ය සියලු දේ මෙහි තිබෙනවා.මේ නිවසේ අයිතිකරු තමයි මිලයින් රෙස්ටි ෆෝ මෙය පිහිටා තිබෙන්නේ කොලොම්බියාවේ මෙටිචිනා නගරය මැද.අවු 22 තිස්සේ තම නවහන කරගත්ත මිගෙල්ට වෙනත් නිවෙසක් ගැන නම් හිතේ කිසිම අදහසක් නෑ.අඩි 3ක් දිග අඩි දෙකක් පලල මේ නිසේ උස අඩි 1යි කලක්.

5. අවුරුදු 47ක් තිස්සේ අත පහලට නොදැමු මිනිසෙක්.

දෙවියන් වහන්සේව විවිධාකාරයෙන් සතුටු කිරීමට නිරතව සිටින ඉන්දියාවේ විවිධ වර්ගයේ සාන්තුවරයන් ඔබට හමු වේ. දිල්ලියේ වෙසෙන මෙම පුද්ගලයා අමර් භාරති කියන මෙම පුද්ගලයා 1970 දි ගත් තීරණයක් මත මෙම පුද්ගලයා තම දකුණු අත හිසටත් ඉහලින් ඔසවාගෙන සිටි.තමන් අදහන ශිව දෙවියන් වෙනුවෙන් තම අත ඔසවාගෙන සිටින බවයි ඔහු පවසන්නේ.

6. අවු :70 කටත් වඩා කාලයක් කොණ්ඩය නොකැපු මිනිසෙක්.

අවු 92ක් වයස වියෙට්නාම් ජාතික ට්‍රනේ වාන් හේයි කියන මෙම පුද්ගලයා තම පාසලේ 12 වන වසරේ ඉගනුම ලබන කාලයේදි තමයි මෙයාට මේ කොන්ඩය නොකපා ඉන්න අදහස ඇවිල්ලා තියෙන්නේ.කොණ්ඩය කපද්දි ඇතිවු අනතුරක් නිසා එදා ඉදලා කොණ්ඩය කපන්න බියක් දක්වනවා.රැපුල්සල් වගේ මෙයා එදා ඉදලා කොණ්ඩය වවනවා. නමුත් මොහු කවදාවත් තම කෝණ්ඩයට සැමුපු දාලනම් නෑ.දැන් අවු 25ක් වගේ කාලයක් කොණ්ඩය ජටාවක් වගේ එයාගේ හිසෙහි ඔතන් තමයි ඉන්නේ.

7. අවුරුදු 70ක් පුරාවට කෑම බිම ප්‍රතික්ෂේප කරන ඉන්දියාවේ ඇදහිලි පුද්ගලයෙක්

කිසිම කැමක් බිමක් නොමැතිව අවු 70ට වඩා ජිවත්වන ප්‍රලාත් ජාණි කියන්නේ ඉන්දියාවේ යෝගි වරයෙක්.එපමණක් නොව මෙම යෝගිවරයා මල මුත්‍රා පිටකිරිමක් පවා නොවන බවයි පරික්ෂණ වලින් හෙලිවි තිබෙන්නේ.හරිම විස්වාස කල නොහැකි කතාවක් නේද?

8. ලෝකයේ වැඩිම කාලයක් ජිවත්වන බද්ධ නිවුන්නු.

රොනී සහ ඩොනි හෙලාන් බද්ධ නිවුන් සොහොයුරන් ලෙස උපත ලබන්නේ 1951 දි වෛද්‍යවරුන්ගේ මතයට අනුව එකිනෙකා වෙන්කිරිම ඉතා අවදානම් වුණා.එදා සිට අදවන තුරු මෙම සොහොයුරන් දෙදෙනා බද්ධ වී එකටමයි ජිවත් වන්නේ.

9. හුකලාව මිනිස් පුලුටක්වත් නැති දුපතක දිවි ගෙවන මිනිසා.

මාරියෝ මොරැන්ඩෝ කියන්නේ තම ජිවිතය හුදකලාව ගතකරන පුද්ගලයෙක්.සඩ්නිකා සහ කොර්සිකා අතර පිහිටා තිබෙන ඉතාලියට අයිති ඩුබේලි කියන දුපතේ 1989 සිට තනිව ජිවිතය ගතකරනවා.එයාගේ රුවල් යාත්‍රාව අනතුරට ලක්වුන නිසා ඔහු මෙම දුපතට සේන්දු වනවා.

10. බේසමක් ජිවත්වන ගැහැණු ලමයෙක්.

ප්‍රානා හරුනම් ලෙස නයිජිරියාවේ සාමාන්‍ය ගැහැණු දරුවෙකු ලෙස ජිවත්වනවා.මාස 6ක් පමණ යද්දි ඇයගේ ශරිරය වර්ධනය සම්පුර්ණයෙන්ම නතරවනවා.වර්ධනය නොවු ශරිරයෙන් යුතු ඇය අවු 19ක් පුරාවට ජිවත්වෙන් සිදුවුනේ බේසමක් ඇතුලේ ලෝකෙ කිසිම වෛද්‍යවරයෙකුට මේ සදහා ප්‍රතිකාරයක් සොයාගන්න නොහැකි වුණා.අවුරුදු 19 දි ඇය ජිවිතයෙන් සමුගත්තා.

11. ආර්ක්ටික් මහද්විපයේ දවස 77ක් හුදකලාව ජිවත් වු මිනිසා.

රුසියාණු ජාතික් ස්ලාවා කරුටි ආක්ටික් මහද්විපයේ තනිව අයිස් පර්වත මත දින 77ක් හුදකලාව ජිවත් වුනේ කිසිදු ආපදාවයකින් තොරවයි.එයා සේවය කරන්නේ රුසියානු කාලගුණ දෙපාර්තමේන්තුවට.

12. මුදල් භාවිතය සම්පුර්ණයෙන්ම අත්හල මිනිසෙක්.

අවු.20ක් තිස්සේ මුදල් භාවිතය සම්පුර්ණයෙන්ම අත්හල පුද්ගලයෙකු වන ඩැනියෙල් සොවෙලෝ 2000 වර්ෂයේ සිට මුදල් භාවිතය අත්හල ඔහු ඇමෙරිකාවේ කදුකර ගුහාවක ජිවත්වේ.

ඉතිං යාලුවනේ මෙම ලිපිය දැනුමට වැදගත් කියලා හිතෙනව නම් යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න