Fri. Jan 28th, 2022

මේධා ජයරත්න කියන්නේ මෙරට කලා ලෝකයේ කාලයක් නිහඩව සිටි චරිතයක්. නමුත් නැවතත් ඇය ගැන කතා කරන්න බොහෝ දෙනා පෙළඹෙන්නෙ ඇයව නැවත කලා ලෝකයේ දකන්න ලැබිමත් සමඟ. ආදරණිය මවක් වන මේධා ඒ උපාධිධාරිනියක්. ඉතින් මේ සියළු තොරතුරු ගැන කතා කරන්න අද අපි තෝරගත්තේ ඇයව.

උපාධිධාරිනියක් විදිහට ඔබට ස්ථිර රැකියාවක් තිබුනානම් හොදයි කියලා මේධා හිතන්නේ නැද්ද? “නෑ ජිවිතේ කොතනකවත් මම ඒ ගැන හිතලා පසුතැවෙන්නේ නෑ. උපාධිධාරිනියක් විදිහට මම රැකියාවකට ගියානම් මාසේ හැමදාම වැඩ කරන්න ඕන. අනික ඕනිනම මම රුපියල් හැට හැත්තෑදාහක පඩියක් ගනි. ඒත් ඒ ගාන මම හැමදාම වැඩ නොකර වුනත් හොයනවා. එහෙම බලද්දි රජයේ සේවතයෙක්ට වඩා සැලරි එකක් අපිට දවසින් වුනත් හොයන්න පුළුවන්කම තියෙනවා.”

ඔබ මවක්. නමුත් ඔබේ ජිවිතය තුළ දරුවෝ ඔබට මඟ හැරිලා නේද? “ඒ ගැන මට තියෙන්නේ ඇත්තටම කනගාටුවක් දුකක්. හැබැයි කොතනකවත් මම මගේ දරුවන්ට කොතනකවත් දුකක් ඇති වෙන්න දෙන්නේ නෑ. අපි කොහොම හිටියත් අම්මා දරුවෝ කියන බැදිම කොතනකවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා. ප්‍රශ්න නිසා දරුවෝ අසරණ වෙලා තැලිලා පොඩි වෙනවට මම කැමති නෑ. මම සති දෙකකට වතාවක් මගේ දරුවෝ බලන්න යනවා”

ඔබ පෙම්වතෙක් ගැන හෙළි කලේ කාලයක් ඒ ගැන කතා නොකර ඉදලා, “මට පෙම්වතෙක් ඉන්නවා. විවාහයට දින වතවානු දාගෙන නෑ තාම. ගැහැණියක් තනියම ලෝකේ ජිවත් වෙද්දි ගොඩක් අය හිතන්නේ ගැහැණිය අසරණයි කියලා. අනික ගැහැණියක් තනියම ඉද්දි සමහරු හිතන්නේ සල්ලි වලට ගැහැනුන් ගන්න පුළුවන් කියලා. ඒ නිසාම අයුතු යෝජනා ගේනවා. හැබැයි මට හව්හරණයක් රැකවරණයක් තියෙනවා. මම ආර්ථිකවශයෙන් වැටිලා නෑ. අනික මම කාගේවත් දේවල් වලින් ජිවත් වෙන කෙනෙකුත් නෙවෙයි. මම කාගේවත් අයුතු යෝජනා වලට කැමති වුනෙත් නෑ වෙන්නෙත් නෑ.”

විවාහය කල් දමන්න හේතුවක් තියෙනවද? “අපේ රටේ දික්කාස වුන දෙන්නෙක්ට විවාහ වෙන්න ලේසි නෑ. මොකද උසාව් ගානේ රස්තියාදු වෙලා මානසික පිඩන වලට මුහුණ දිලා මේ හැමදේම එක්ක තමා විවාහයක් ගැනආයේ හිතන්න ඕනි. මට විවාහයට කිසි හදිස්සියක් නෑ “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *