‘මම අඳින්නෙ මට ගැලපෙන ඇඳුම් විතරයි’ ජනප්‍රිය නිලි ශලනි කියන කතාව

මෙරට මෙගා නාට්‍ය කලාවේ වෙනසක් ඇති කළ නාට්‍යයක් ලෙස දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හදුන්වන්න පුළුවන්. දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිණිට පණ පොවන ඇය නමින් ශලිනි ප්‍රනාන්දු. පහුගිය දිනවල විකාශය වු ලොක්කි ටෙලිනාට්‍ය තුළින්ද ඇය වඩාත් ජනප්‍රිය වුනා. ඉතින් අපි මේ සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න.

පහුගිය කාලය පුරාවට ඇය ලොක්කි ලෙස වඩාත් ජනප්‍රියත්වයක් හිමිකරගත් ශාලනිට ‘ලිහිණි’ චරිතයෙන් ‘ලොක්කි’ චරිතයට පිවිසිම කොහොමද දැනුනේ “ඇත්තටම ඒක හරි අසිරූ දෙයක් වුනා මට. නමුත් හර්ෂ උඩකන්දගෙන් මට ලැබුන උදව් උපකාර නිසාම මට මගේ චරිතය සාර්ථකව ඉෂ්ඨ කරන්න පුළුවන් වුනා. ලොක්කි කියන්නේ වෙනස්ම හැඩකයක වෙනස් කතාවක්. ලිහිණි වුන චරිතයෙන් ලොක්කි චරිතයට පිවිසිම අභියෝගයක් වුනත් මම ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා.

ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද? “මගේ ගමන ආරම්භ වෙන්නේ 2017 දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනාගැනිමත් එක්ක. ඒ කිරුළ මට හම්බ වුනත් එක්කම මට ස්ක්‍රින් ටෙස්ට් එකකින් ලිහිණිගේ චරිතයට අවස්ථාව ලැබෙනවා. මම හිත⁣න්නේ ලිහිණි කියන චරිතය හරහා ම⁣ගේ කලා ජිවිතය ලොකු පෙරලියක් කළා. මොකද මමෝම මාව අඳුරගත්තේ ලිහිණි විදියට”

ශලිනි ෆැෂන් කරන්නේ යම් සිමාවක් යටතේද? “ඔව් අනිවාර්යයෙන්ම. මම ෆැෂන් කියන දේ පස්සේ යන කෙල්ලෙක් නෙවෙයි. මම යම් විලාසිතාවක් කරනවනම් ඒ කරන්නේ මට ගැළපෙන දෙයක් විතරයි. මම ඇදුමක් අදින්නේ ඒ ඇදුම මට ගැළපෙනවා කියලා දැනුනොත් විතරයි. මම ගොඩක් චරිත ගැන හොයලා බලලා තමයි චරිතයට සම්බන්ධ වෙන්නේ.”

ඔබට ප්‍රවිනයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කලොත්, “මට විශාල සහයෝගයක් ලැබුනා සහ ලැබෙනවා. මට ලැබුන හැම චරිතයකටම සාධාරණය ඉෂ්ඨ කරන්න මට මෙරට ප්‍රවින රංගන ශිල්පි⁣න්ගෙන් වචනයෙන් කියන්න බැරි සහයෝගයක් තියෙනවා. මම හිතන්නේ මගේ ජිවිතේ සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න මට ඒක ලොකු හේතුවක් වෙනවා.”

ශලනි කලාවට එන්නේ රංගන පිලිබඳ හැදෑරීමක් කරලද ” නැහැ, මම රංගන පිලිබඳ කිසිම හැදෑරීමක් කරලා නෑ. හැබැයි අනාගතේදී රංගන පිලිබඳ හදාරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම දැන් වෘත්තියෙන් රංගන ශිල්පිනියක් ඉතින් මගේ හැකියාවන් දියුණු කරගන්නා එක මට අනාගතේට වටිනවා, මේ වනවිට මම බාරගත්ත නිර්මාණ කිහිපයක් තියෙනවා ඒ ටිකත් ඉවර කරලා වෙලාවක් හදාගෙන තමයි රංගන හදාරන්න පටන් ගන්න වෙන්නේ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *