සේවුවන්දි නයනතාරා පටන්ගත්ත අලුත්ම දේ.

මේ දිනවල ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමා ස්වාධින රූපවාහිනියේ විකාශනය වන “නාඩි” ටෙලි නාට්‍යය, එම ටෙලි නාට්‍යයේ ලවන්‍යා ගේ චරිතයට පන පොවන සේවුවන්දි නයනතාරා එක්ක ගොඩක් කාලෙකට පස්සේ අපිට කතා කරන්න අවස්තාවක් ලැබුනා,

දැනට සති කිහිපයකට පෙර විවාහ දිවියට එළඹුන මේ ලස්සන නිළිය අලුත් වැඩ කටයුතු කිහිපයකටම මුලපුරලා ඒ පිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක්

කාලයක් ඉඳලා මට තිබ්බ ලොකු හීනයක් තමා මගේම කියලා ව්‍යාපාරයක් කරන එක එත් කලා කටයුතු සම්බන්ධ වෙනවත් එක්කම ඒ හීනේ හිතාගන්න බැරි විදියට කල් ගියා ඒත්, දැන් මගේ හයියට මගේ ආදරණීය සැමියත් ඉන්න නිසා ව්‍යාපාරයකට යොමු වෙන අදහස නැවතත් මගේ හිතට තදින්ම ඇවිල්ලා තියෙනවා. ඒ ගැන තොරතුරු වැඩි විස්තර සහිතවම මම ඔයාලට කියන්නම්. කියලා

ටික් ටෝක් සමාජ ජාලය හරහා රසික සිත් සොරාගත් ඇයගේ සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පතමු නේද