අරුම පුදුම විශ්මයජනක දේවල් එකතුවක්

ඇත්තටම අපට මේ ලෝකය ගැන හිතාගන්වත් බෑ.එය විවිධාකාරයි.ලෝකය පුරාම සෑම දිනකම අරුමපුදුම විශ්මිත දේවල් වගෙම විවිධාකාරයේ හාස්කම් සිද්ද වෙනවා. මේවායින් බොහෝමයක් දේවල් අපිට ආසන්නයේ… අපි වටා සිදු වෙනවා වුනත්, ඒ දේවල් ගැන හරිහැටි දැනුමක් බොහෝ විට අපි හැමෝටම නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි අද එවැනි විශ්මිත කරුණු කිහිපයකින් ඔබව දැනුවත් කරන්න හිතුවේ.

1. ඔබේ වයස අවුරුදු 48 පමන වන තෙක් වර්ධනය වෙයි.මොළයේ විවිධ ප්‍රදේශ අතර සන්නිවේදනය සඳහා වගකිව යුතු සුදු පදාර්ථ,

2. අපි දකින සිහිනයක ආරම්භය කිසිවිටෙකත් අපිට සිහිපත් කල නොහැකියි.

3. කළු පැහැ රැවුල් වලට වඩා වේගයෙන් දුඹුරු පැහැ රැවුල් වර්ධනය වෙයි.

4. සංගීතයට සවන් දෙමින් මත්පැන් පානය කරන විට කෙටි කාලයක් තුල වැඩිපුර මත්පැන් ප්‍රමාණයක් පානය කල හැකියි.

5. සාමාන්‍ය මිනිසෙක් තම ජීවිතයෙන් සති 2ක් වැනි කාලයක් ට්‍රෆ්ෆිc ලිඝ්ට් වෙනස් වෙනතෙක් රැදී සිටියි.

6. ළදරුවන්ට පවා ආසාත්මික නොවන එකම පලතුර කෙසෙල් ය.

7. බඹරුන්ට වෙනත් බඹරුන්ගේ මුහුණු හඳුනාගෙන මතක තබා ගත හැකිය.

8. ඔබේ පෙනහළු ඔබේ ශරීරයේ විශාලතම අවයව වලින් එකකි. පෙනහළු දෙකෙහිම පෘෂ්ඨීය වර්ගඵලය දළ වශයෙන් ටෙනිස් පිටියකට සමාන වේ.

9. ඉහළ මට්ටමේ අයිකිව් අගය පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව දීර්ඝ කරන අතර, ස්ත්‍රියකගේ ආයු කාලය කෙටි කරයි.

10. වේදනාව අඩු කිරීමට සංගීතයට හැකියාව ඇත.

11. ඊ සිගරට් පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ හැකියාව මර්ධනය කරයි.

12. දැව දුමාරය දුම්කොළ දුමාරයට වඩා 30 ගුණයක් පිළිකා කාරක වේ.

13. කොටන් කැන්ඩි සොයාගෙන තිබෙන්නේ දන්ත වෛද්‍යවරයකු විසිනි.

14. සාමාන්‍ය පුද්ගලයකු තම ජීවිත කාලය තුලදී ආහාර ටොන් 40 ක් පමන අනුභව කරයි.

15. ඇපල් බීජ වි-ෂ සහිත වන්නේ, ඒවායේ සය-නයිඩ් 0.6% ක් අඩංගු බැවිනි.

16. චුවින්ගම් සැපීම මගින් ඔබේ මොළයේ සැකසුම් වේගය වැඩි කරයි.

17. නරක් නොවන එකම නිෂ්පාදනය මී පැණි ය; එය වසර දහස් ගණනකට පසුව වුවද ආහාරයට ගත හැකිවේ.

18. නිල් ඇස් ඇති අයට අඳුරේ වඩා හොඳින් පෙනේ.

19. චියර්ලීඩර් ආචරණය යනු, ගැහැනු ළමයින් තනිව සිටින විට වඩා, කණ්ඩායමක් තුළ සිටින විට ඔවුන් වඩාත් ආකර්ෂණීය ලෙස පෙනෙන ප්‍රපංචයකි.

20. මිනිසුන් සිනාසෙන විට මාංශ පේශි 17 ක් භාවිතා කරයි.

21. වායුගෝලයක් ඇතිවිට සහ වායිගෝලයක් නැතිවිට අහස දිස්වෙන ආකාරය.

22. මදුරුවන් සියල්ල වඳිවී ගියොත් පෘථිවියට කුමක් සිදු වෙයිද?

ඇත්තටම අප එදිනෙදා ජිවිතයට මදුරුවන් කරන්නේ විශාල කරදරයක් කරදරයක්. ඒ වුනත් ලෝකේ ඉන්න මදුරුවො ඔක්කොම එකපාර වඳ වෙලා ගියොත් අපේ ලෝකයට ඇත්තටම මොන වගේ බලපෑමක් වෙයිද? ඇත්ත වශයෙන්ම, මහා පරිමාණයෙන් මදුරුවන් වඳ වී යාමෙන් මදුරු විශේෂ 3,500 ක් පමණ තුරන් වන අතර එමගින් බොහෝමයක් සංක්‍රමණික පක්ෂීන්ට ආහාර හිඟයක් ඇති කරයි. මේ නිසා මදුරුවන් තුරන් වීමෙන් කුරුල්ලන්ගේ සංඛ්‍යාව අඩකට වඩා අඩුවිය හැකිය. සමහර විද්‍යාඥයින් අනාවැකි පළ කරන ආකාරයට ලොව පුරා සිටින බොහෝ මත්ස්‍ය විශේෂ වලටද එවැනිම ඉරණමකට මුහුණදීමට සිදු වෙන්න පුලුවන්. මදුරුවන් අතුරුදහන් වීම නිසා ඔවුන්ගෙන් පෝෂණය වෙන අනෙක් කෘමීන් හා මාළු ප්‍රමාණය අඩුවනු ඇති අතර එමගින් ආහාර දාමය පුරා රැළි ඇති විය හැකිය. එය අප දන්නා පරිදි සමස්ත ගෝලීය පරිසරයම සොලවන අතර අවසානයේ පරිසරය හා ආහාර නිෂ්පාදනයේ වෙනස්වීම් අපගේ ජීවන රටාවටද බලපානු ඇත.