ඔබේ දරුවන්ට පෙන්විය යුතු වැදගත් විද්‍යා පරීක්ෂණ 11ක්

ළමා සිත් තුළට තදින්ම කාවදින ඉතා සරල විද්‍යා පරීක්ෂණ බොහොමයක් ඔබට නිවසේදිම කළ හැකියි. ඒවා පිටුපස ඇති ගැඹුරු සංකල්ප ඔවුන්ට මුලුමනින්ම අවබෝධ නොවිය හැකි නමුත් ඒ අත්දැකීම ජීවිත කාලය පුරාවටම ඔවුන්ගේ  මතකයේ රැදෙනු ඇත. එසේම අනාගතයේ දවසක පාසලේ විද්‍යාගාර පරීක්ෂණයක් ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට ඔවුන්ට හැකිවනු ඇත. ඔබේ දරුවන් මෙන්ම මිතුරන් තුළ ද හැගීමක් ඇතිකරාවි යැයි සහතික කළ හැකි ඉතා රසවත් විද්‍යා පරීක්ෂණ 11 ක් අද අපි ඔබට ඉදිරිපත් කරමු. මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය ඔබේ නිවසේදීම පහසුවෙන් සොයා ගතහැකියි.

1. පොලිතීන් මායාව

ඔබට අවශ්‍ය දේ:   

පොලිතීන් බෑගයක්, සාමාන්‍ය පැන්සල් කීපයක්. ජලය

පරීක්ෂණය:     පොලිතින් බෑගයේ අඩක් පිරෙන තුරු වතුර පුරවන්න. එය වමතින් එල්ලාගෙන දකුණතින් පැන්සල් එකින් එක ගෙන ජලය පිරි ඇති කොටස පසාරු වන සේ සෙමින් විදින්න. සිදුරු කළ තැන් වලින් ජලය පිට නොවන බව අවධාරණය කරන්න. පැහැදිළි කිරිම: කලින් බෑගය විද පසුව ජලය පිරවූවානම් ඒ තැන් වලින් ජලය වෑස්සේ. නමුත් මෙසේ ජලය පිරවූ බෑගයට පැන්සල් ඇනීමෙන් එසේ නොවේ. මීට හේතුව පොලිතීන් පටලය බිදෙන තැන්වල අණු නැවත ළංවීමට උත්සාහ කරති යන විද්‍යාත්මක සත්‍යයයි.. පිරී ඇති ජලයේ තෙරපිම නිසා බිදුනු තැන සිදුරේ දාර පැන්සලයට තදින් ඇලී සිටී.

2. බැලූනයේ මායාව

අවශ්‍ය දේ:

සාමාන්‍ය ප්‍රමාණයේ බැලූන 2 ක්, අල්පෙනෙති සමුහයක්  (හෝ උල් මතුවන සේ ඇණ ගැසූ ලෑල්ලක්

පරීක්ෂණය: වාතය පිරවූ බැලූනයක් ගෙන එක් අල්පෙනෙති තුඩක් මත තෙරපීමක් ඇතිකළ හොත් ඔබේ සාමාන්‍ය අත්දැකීමට අනුව බැලූනය පුපුරා යයි. නමුත් අල්පෙනෙති සමූහයක් අතුරා ඒ මත බැලූනය තෙරපුවාට බැලූනය පුපුරා නොයයි. ඇණ ලෑල්ලක් මතද ඔබට මෙය කළ හැකියි. අවශ්‍ය නම් ගඩොලක් බැලූනය මත තැබීමෙන් පිඩනය ඇතිකළ හැකි වුවද, වැරෙන් තෙරපන්න එපා. කෙසේවෙතත් ඔබ මෙම පරීක්ෂණය කරනාවිට කාගේත් ආරක්ෂාව සදහා අවශ්‍ය පෙර සූදානම් කටයුතු පිළිපදින්න. අත්වැසුම් සහ ඇස් ආවරණ පළදින්න. පැහැදිළි කිරීම: උල් තුඩු විශාල ප්‍රමාණයක් ඇට්විට එක් එක් තුඩ මත ඇතිකෙරෙන පිඩනය අවම වෙයි. එම නිසා බැලුන පටලය සිදුරු කිරීම අවශ්‍ය ශක්තිය කිසිම අල්පෙනෙති තුඩකට නොලැබේ.

3. ගෝවා මායාව

අවශ්‍ය දේ: වතුර පිරවූ වීදුරු 4ක්, ආහාර වර්ණක 4ක්  සහ සුදුපැහැ ගෙඩිගෝවා අතු 4ක්.

පරීක්ෂණය: එකිනෙක විදුරුවට වෙන වෙනම එකිනෙක වර්ණකය මිශ්‍ර කරන්න. ගෝවා අතු එකක් බැගින් නාරටිය ජලයේ ගිලෙන සේ වීදුරු තුළ බහාලන්න. පසුවදා එළිවනතුරු එසේ තිබෙන්නට හරින්න. එකිනෙක ගෝව අත්ත අදාල පාටින් වර්ණ ගැන්වී ඇති අයුරු නරඹන්න. පැහැදිළිකිරීම: ශාඛ හෙවත් පැලෑටි ජලය උරා ගන්නා ක්‍රම කිපයක් තිබේ. ඉන් එකක් නම් කේශාකර්ෂනය (capillary effect) හෙවත් ශාඛ තුළ ඇති කෙස් ගස් වැනි ඉතා කුඩා නලිති (tubules) තුළින් ජලය ඉහළට ගමන් කිරීමේ හැකියාව යි.  මෙහිදී ගෝවා අතු තුළද සිදුවූයේ එයයි. අපි වර්ණක යොදා ගත්තේ ජලය ඉහලට ගමන්කොට ඇති බව පැහැදිළිව පෙන්වීමටයි. මල්තුළ, පත්‍රතුළ, අතුරිකිලි තුළ මෙන්ම විශාල ගස් කදන් තුළ ද මෙය ක්‍රියාත්මක වේ.

4. ගිනි නොගන්නා බැලුනය

අවශ්‍යදේ:

සාමාන්‍ය බැලුන 2 ක්, ඉටිපන්දමක්, ගිණි පෙට්ටියක්, ජලය

පරීක්ෂණය එක් බැලූනයකට වාතය පුරවා දැල්වූ ඉටිපන්දමට උඩින් අල්ලන්න. බැලූනය පුපුරා යන අයුරු නිරික්ෂණය කරන්න. දැන් අනෙක් බැලූනය ජලයෙන් පුරවා දැල්වෙන ඉටිපන්දමට උඩින් අල්ලන්න. බැලූනය පුපුරා නොගොස් ගින්නට ඔරොත්තු දෙන බව අවධාරණය කරන්න. පැහැදිළි කිරීම: දැල්ලෙන් ලබා දෙන තාපය බැලූනය තුළ  ඇති ජලය මගින් උරාගනු ලබන නිසා එහි රස්නයෙන් බැලූනයට හානි නොවේ. ආහාර පිසින භාජන වලට ගින්නෙන් හානි නොවීම මේ සමග සසදන්න.

5. පාවෙන බිත්තරය.

අවශ්‍ය දේ:

හානි නොවූ බිත්තර 2 ක්, වීදුරු දෙකක්, ලුනු ස්වල්පයක්, ජලය

රීක්ෂණය: එක් වීදුරුවක් ජලයෙන් පුරවා ඒ තුළ එක් බිත්තරයක් බහාලන්න. බිත්තරය ජලය පතුලට ගිලෙන බව බලාගන්න. දැන් දෙවැනි විදුරුවට උණු ජලය පුරවා ලුනු මේස හැදි කීපයක් දමා හැකිතාක් දියකරන්න.  ටික වේලාවක් නිවෙන්නට හරින්න. පසුව අනෙක් බිත්තරය මෙම ද්‍රාවනයේ බහාලන්න. එය එහි ගිලී නොගොස් පාවෙන අයුරු බලන්න. පැහැදිළි කිරීම: මුල් අවස්ථාවේදී ජලයේ ඝනත්වය බිත්තරයේ ඝනත්වයට වඩා අඩුවූ නිසා බිත්තරය ගිලා බැසීය. දෙවැනි වර අපි ලුනු දිය කිරීමෙන් ජලයේ ඝනත්වය වැඩි කළ නිසා බිත්තරය පාවීම සිදුවිය. එනම් සාමාන්‍ය ජලයේ ඝනත්වය ලුනු මිශ්‍ර ජලයේ ඝනත්වයට වඩා වැඩි ය. මිරිදිය පොකුණක නානවිට දිය මත පාවීම අපහසු වුවත් මුහුදේ නානවිට එය වඩා පහසු වීමට හේතුව මේ දැනුම සමග ගලපන්න.

6. රබර් බෑන්ඩ් එකකින් ගිණිකූරක් දල්වමු.

අවශ්‍ය දේ:

රබර් බෑන්ඩ් එකක්, ගිණිකූරු දෙකක්.

පරීක්ෂණය. රබර් බෑන්ඩ් එක ගෙන එක් ගිණිකූරක හිස අසලින්ම පින්තූරයේ පෙනෙන ආකාරයට ගැටයක් යොදන්න. අනෙක් ගිනිකූර හිස අසලට වෙන්නට රබර් බෑන්ඩ් එකේ දවටන්න. දැන් දෙවැනි ගුණිකූර වමතින් සිරස් අතට තබා මේසය මත ඈතින් රදවාගෙන, පළමු ගිණිකූර මේසය මත වැතිරෙන සේ දකුණතින් අල්ලා ගෙන රබර් බෑන්ඩ් එක සමග හැකි තරම් පසුපසට ඇද අත හරින්න. ගිණිකූරු දැල්වෙන අයුරු නිරීක්ෂණය කරන්න. පැහැදිළි කිරීම: ගිණිකුරු දෙකක් වේගයෙන් එකිනෙක ගැටීමට සැලස්වූ විට ගිණිදැල්ලක් ඇතිකරයි. මෙම පරීක්ෂණය සදහා ගිනි දැල්ලෙන් හානි නොවීමට ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.

7. ඔබේම අලිගැට පේර ගසක්

අවශ්‍ය දේ:

අලිගැට පේර බිජයක්, tooth pick කූරු 4ක්, වතුර විදුරුවක්.

පරීක්ෂණය: ඉදුනු නැවුම් අලිගැට පේර ගෙඩියකින් ලබාගත් බීජය හොදින් පිරිසිදු කරගෙන එහි මැද කොටසේ හතර පැත්තෙන් tooth pick කූර බැගින් සවි කරන්න. රූපයේ දක්වා ඇති අන්දමට උල් හැඩයේ පැත්ත ඉහලට සිටින සේ tooth pick වල ආධාරයෙන් තුලනය කර වතුර වීදුරුව තුළ රදවන්න. බීජයේ පහල කෙළවර ජල පෘෂ්ටය මත ස්පර්ෂ විය යුතුයි. සති කීපයක් යනතුරු එලෙසම කාමර උෂ්ණත්වයේ තබන්න. වීදුරුවේ ජල මට්ටම නොවෙනස්ව පවත්වා ගත යුතුයි. ඉක්මණින්ම බීජයේ පහළ කොටසින් මුල් අදිනු ඔබට දකින්න පුලුවන් වේවි. අවසානයේදී බීජය දෙකට පැලී උඩ කොටසින්  අලුත් රිකිල්ලක් මතුව එයි. ඉන්පසුව ඔබ කැමති තැනක මේ පැලය සිටුවා ගත හැකියි. පැහැදිළි කිරීම: මෙහිදී දත් කූරු යොදාගන්නේ බීජය නිවැරදිඅතට, තුලිතව තබාගන්නටය. පැහැදිළිවම එයින් සිදුවන්නේ බීජය වීදුරුවේ නොගෑවී, ජල පෘෂ්ටයේ පමණක් ගෑවී තැබීමටයි. එසේ නොවුවහොත්, මුල්වලට සාමාන්‍ය පරිදි නිදහසේ වැඩීමර බාධා වෙයි. අනෙක් සියලුම කාරණා ස්වභාව ධර්මයේ ශක්තියෙන් සිද්ධ වේ.

8. ස්ඵ්ටික සූකිරි

අවශ්‍ය දේ: 

වතුර වීදුරු 2 ක්, සීනි වීදුරු 5 ක්, කුඩා කෙබාබ් කූරු කිපයක්, ඝන කඩදාසියක්, පැහැදිළි විදුරු කීපයක්, සාස්පානක්, ආහාර වර්ණක.

පරීක්ෂණය: සීනි තේ හැදි කීපයකට ජලය වීදුරු කාලක් දියකර ද්‍රාවනයක් සාදාගන්න. කඩදාසිය මත සීනි ස්වල්පයක් ඉසගන්න. කෙබාබ් කෝටු සීනි ද්‍රාවනයේ ඔබා හොදින් ආලේප වනතුරු කලතන්න. පසුව මේ කෝටු සීනි කඩදාසිය මත පෙරලමින් සීනි ඇට ඒ මත තවරා ගන්න. මේ කෝටු පසුදා එලිවනතුරු වියලීමට ඉඩහරින්න. පසුවදා උදේ සීනි වීදුරු 5ක් වතුර වීදුරු දෙකක දියකර ද්‍රාවනයක් සාදා සාස්පානක දමා උණුකර එම පැණිය සිසිල් වනතුරු විනාඩි 15 ක් පමණ පසෙකින් තබන්න. ඊට වැඩි කාලයක් ගතවුවහොත් ස්ඵටික සෑදෙන්නේ නැති නිසා කාලය ගැන සැලකිලිමත් වන්න. ඉන්පසු පැහැදිලි විදුරු වලට එම ද්‍රාවනය වත්කර විවිධ ආහාර වර්ණක එකිනෙකට මිශ්‍ර කරන්න. මුලින් සූදානම් කරගත් කෙබාබ් කෝටු එක බැගින් වීදුරුවල බහාලන්න. වීදුරු බිටත්තිවල හෝ අඩියේ නොගෑවීමට රෙදි වේලන ක්ලිප් (clothes pegs) භාවිතා කරන්න. සිදුවන දෙ සීරුවෙන් බලා සිටින්න. පැහැදිලි කිරීම: ද්‍රාවනය සිසිල් වීමත් සමග කෝටු වටා සීනි ස්ඵටික ඝන වෙමින් සූකිරි  නිර්මාණය වෙයි.

10. ගිනි දැල්ලේ හෙවනැල්ල

අවශ්‍ය දේ: ගිනි පෙට්ටියක්, විදුලි පන්දමක්

පරීක්ෂණය: ගිනි කූරක් දල්වා බිත්තියට මදක් ඈතින් අල්ලාගෙන එහි හෙවනැල්ල බිත්තිය මත පතිත වන සේ විදුලි පන්දම දල්වා එදෙසට එල්ල කරන්න. ඔබේ අත සහ ගිනිකූරේ හෙවනැල්ල පමණක් බිත්තිය මත පෙනේවි. දැල්ල එහි නොවේ. පැහැදිළි කිරීම: ඝන වස්තු මෙන් නොව, ගිනි දැල්ල ආලෝකයට ඒ හරහා ගමන් කිරීමට බාධා නොකරයි.