ඔබගේ නිවසේ කඩිනමින් නිවැරදි කිරීමට අවශ්‍ය විදුලි ගැටළුවක් ඇති බවට පෙන්වන ලක්ෂණ.

මෙවන් ලක්ෂණ ඇත්නම් ඉක්මනින්ම ඒවා නිවැරදි කිරීමට වගබලා ගන්න.බොහොමයක් පර්යේෂණ වලින් අනාවරණය කරඇති දෙයක් වන්නේ ඔබගේ නිවසේ විදුලි පද්ධතිය නිවැරදි හා විදිමත් ක්‍රමවේද අනුගමනය නොකර ඉදිකර ඇති බවයි, මිට හේතු ලෙස මිලගනන් අඩු බල ද්‍රව්‍ය බාවිතා කිරීම, නිසි ආකාරයකින් අධික්ෂනයක් නොකිරීම හා කලට වෙලාවට නඩත්තු කටයුතු පහර හැරීමයි. මෙවැනි පැහැර හරිම මගින් විශාල හානියක් සිදුවිය හැකිය. නමුත් ඔබට පහත දැක්වෙන ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එවැනි වීශාල අනතුරු සිදුවිම නතර කරගැනීමට හැකි වේවි.

අද අපි මේ පිටුවෙන් කතාකරන්නේ එන්නේ එලෙස ව්‍යසනකාරී සාදක කීපයක් ගැනයි, මෙයින් එකක් හෝ කීපයක් ඇත්නම් ඒවා ඉක්මනින් නිවැරදි කරගැනීමෙන් ඔබට සිදුවිය හැකි විශාල හානියක් වලක්වා ගැනීමට හැකියාව පවතී.

01 – Plug Point එක අතට දැනෙන ලෙස රත්වීම

සාමන්‍යයෙන් විදුලි උපකරණයක් විදුලි පෙනුවෙන් සම්බන්ද කිරීමකදී වැඩි විදුලි ප්‍රමාණයක් උපකරනය මගින් ලබා ගැනීම නිසා රත්විමකට ලක්විය හැක. නමුත් ඒ සමගම ඔබගේ අතට දෙන්න ලෙස plug point එකත් රත් වේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එවැනි දෙයක් ඔබගේ නිවසේ සිදු වන්නේ නම් ඉක්මනින්ම ස්විච්චය නිවා දමා විදුලි උපකරණයේ වයරය plug point එකෙන් ඉවත් කර දමන්න. plug point එක නිවැරදි කරගන්න තුරු එය බාවිතයට ගැනීමෙන්ද වලකින්න.

02 – හේතුවක් නොමැතිව ඔබගේ බල්බ නිවී දැල්වීම (blink වීම)

ඔයා ජිවත් වෙන්නේ හොල්මන් තියෙන ගෙදරක නෙවේ නම් ඔයාට මේ වගේ ප්‍රශ්නයක් අවොත් එකට විසදුමක් ගන්න නම් වෙනවා. සරින් සැරේ හෝ එක දිගටම දිලිසෙන බල්බ ඔයාලගේ ගෙදර තියේ නම් එකට හේතුව ලිහිල් විදුලි සම්බන්දයක් වෙන්න පුළුවන් (Loose Electrical Connection ). මෙතැනිදී ගොඩක් වැදගත් වෙන්නේ එහෙම blink වෙන බල්බ කියක් ඔයාලගේ ගෙදර තියේද යන්නයි. එකක් විතරක් එහෙම වෙනවා නම් එකට හේතුව වයරින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හැබැයි ගෙදර තියෙන ඔක්කොම එහෙම වෙනවා නම් ඔයාගේ ගෙදර තියෙන විද්යුත් පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එක නිසා ඉක්මනින්ම හොද විදුලි කාර්මිකයෙක් හොයාගෙන වරදද හොයාගෙන එක නිවැරදි කරගන්න එක ගොඩක් වැදගත්.

03 – ශක්තිමත්ව සවිකරලා නැති විදුලි ප්ලග්

මේක ටිකක බයානක දෙයක්එ. කට හේතුව plug එක අපි නිතරම පාවිච්චිකරන නිසාත් එක අපි අල්ලන නිසාත්. මේ වගේ අවස්ථාවලදී plug එක හරිඅට බිත්තියට සවි නොවීම නිසා වයර් ගැලවී යාම, ගිනි පුපුරු පිටවීම, පද්ධතිය ෂෝර්ට් වීම වගේම ගින්නක් හට ගැනීමේ අවදානමක් ඇතිවෙන්න පුළුවන්. එක නිසා මේවගේ දේවල් සුළුවට හිතන්නේ නැතිව කල් දන්නෙත් නැතිව ඉක්මනින් නිවැරදි කරගන්න එක වටිනවා.

04 – ගෙදර ඇතුලේ හෝ අවට මීයන් ගැවසීම

මියන් කියන්නෙම කරදරකාරී සත්තු කොට්ටාශයක් කියල අපි හැමෝම දන්නවා, ඒ වගේම මේගොල්ලෝ ගෙදර හෝ ඒ අවට ඉන්නවා නම් අපේ ගෙදර තියෙන දේවල් වගේම අපේ විද්‍යුත් පරිපථ ගැන ටිකක් සැලකිලිමත් වෙන්නම ඕනේ, මේ ගොල්ලෝ බලු බැල්මට පොඩි කරදරකාරයෝ උනාට මේගොල්ලෝ කරන වැඩ නම් එච්චර සුළුවෙන් තකන්න බැ , මේ ගොල්ලොන්ට පුළුවන් හරි පහසුවෙන්ම අපේ wiring කම්බි කාලා දාන්න ඉතින් එහෙම උනාම මේකට වතුර බින්දුවක් හරි එහෙම නැතිනම් එකට ගෑවිමක් හරි උනොත් ෂෝර්ට් වීමෙන් පටන් අරන් ගිනි ගැනීම දක්වාම වැඩ වෙන්න පුළුවන්. එක නිසා නිතරම කල්පනාවෙන ඉන්න එකයි, මේ පුංචි කරදරකාරයෝ ගෙදරින් එලවන්න ක්‍රමයකුයි හොයා ගත්ත නම් හොදයි.

05 – අලුමිනීම් කම්බි බාවිතය

ගොඩක් අතීතයේ තබ වර්ග හිග උ නිසාම, electrical fittings සදහා බාවිතා කලේ අලුමිනියම් කම්බි. නමුත් කාලෙන් කාලෙට කරපු පරික්ෂණ එක්ක, විශේෂයෙන් ඇමෙරිකාව කරපු එක පරීක්ෂණයකින් ඔප්පු උනා මේ අලුමිනුම් කම්බි බාවිතා කරලා තමගේ wiring වැඩ කරපු ගොඩක් තැන වලට විදුලියෙන් සිදුවන ගිනි ගැනීම් වැඩි කියල. ඉතින් මේ හේතුව නිසා වර්තමානේ ගොඩක් දෙනා තඹ කමිබ් බාවිතා කරන්නට පෙලබිලා තියෙනවා. මේ අලුමිනුම් කම්බි වල තියෙන සංගටක නිසා කම්බි දෙකක් ඇමුණුම් කරනකොට, plug එකට සවි කරනකොට වගේම lighting වැඩ කරනකොට රත්වෙන්න පටන් ගන්නවා, මේ හේතුව නිසා විදුලි ධාරාවේ යම් වැඩි වීමක් උනාම ගිනි ගැනීමට වැඩි සමබවිතාවක් තියෙනවා කියන්න පුළුවන්.

06 – යමක් පිච්චෙන ගදක් දැනීම

ගිනි ගන්න දෙයක ගදක් එනවා කියන්නෙම ඉතින් අඑත් අමුතුවෙන් අහන්න දෙයක් නැනේ, අපි අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර විට එක එන්නේ ඔය කුස්සියේ oven එක බාවිතා කරන ගමන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් wiring කරපු තැනකින් වෙන්න පුළුවන්. හැබැයි මේ දෙකෙන් කොකේන් ආවත් ඔයාට වෙන්නේ ගින්න එන තැන හදුනාගෙන වහාම එක නතර කරන්න අවශ්‍ය වෙන දේවල් යොදා ගන්න එක. ගොඩක් වෙලාවට wiring වලදී නම් රත් වෙලා වයර් එකේ plastic cover එක උණුවෙන්න පටන් ගන්නකොට මෙන්න මේ ගද එන්න පුළුවන්. ඉතින් මේක ගැන සැලකිලිමත් නොවී හිට්යොත් ඔයාට වෙන්නේ ගෙදරම ගිනි තිය ගන්න තමයි.
ඉතින් ඔයාලටත් මේ වගේ අත්දැකීම් එකක් හෝ කීපයක් තියේ නම් හෝ මිට වැඩ වෙනස් දේවල් ටිකක් දන්නවා නම් පහලින් comment කරන්න පුළුවන්.