ටෙනිසන් කුරේගේ අභාවය සම්බන්ධයෙන් බන්දු සමරසිංහ මාධ්‍යවලින් කළ ඉල්ලීම

අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ සමීපතමයෙකු වූ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මාධ්‍යයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.ඒ, ටෙනිසන් කුරේ මහතා සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට තරම් ශක්තියක් මේ මොහොතේ තමන්ට නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කතා නොකරන ලෙසටය.සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, “මේ මොහොතේ මට මගේ සහෝදර Tennyson Cooray වෙනුවෙන් කතා කිරීමට ශක්තියක් නැත. ඒ වෙනුවෙන් මා සමග අමනාප නොවන ලෙස සියලු ම මාධ්‍යවරුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි,” යනුවෙනි.ටෙනිසන් කුරේ මහතා සහ බන්දු සමරසිංහ මහතා එක්ව ප්‍රහසන නිර්මාණ රැසක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට දායාද කර තිබේ.