ඔයාගෙ පරණ ඇඳුම් වලට අලුත් පෙනුමක් දෙන්න පුළුවන් අපූරු ක්‍රම 14 ක්.

ඇත්තටම අපි අපේ ඇඳුම් අල්මාරිය ඇරියොත් අපි අඳින්නේ නැති ඇඳුම් පැත්තකට කරලා තියනවා..ඒවයෙ පරණ බව මකලා ආයේ ගන්න තියෙනවා නම් හොඳයි නේද?..එහෙනම් ඔයා ඔයාගෙ පරණ ඇඳුම් වලටත් මේ ක්‍රම අත් හදා බලන්නකෝ…

1. සුදු ටී ශර්ට් එකක් මේ වගේ වර්ණවත් කරගමු ද?

මේ වගේ පාට පාට එකතු කලාම අලුත් එකක් වගේ පෙනේවි.

2.මේ වගේ ශෝර්ට් එකකට මේ විදියේ ලේස් එකක් ඇල්ලුවොත් කොහොමද පෙනුම…

3.නැත්නම් ඔයාට පුළුවන් මේ වගේ රේන්ද,රිබන් බොත්තම් වගේ ඒවා මෙහෙම පිටුපස සාක්කුවට අල්ලලා ඒ ඇඳුමට අලුත් පෙනුමක් දෙන්න.

4.මේ වගේ බෝ එකක් ඇඳුමට ආවම ලස්සනයි නේද..

5.ටී ශර්ට් එකකට මේ වගේ රටාවක් දැම්මොත් කොහොමද?

6.මේ රූපය දිහා බලලා ඔයා කල්පනා කරල ඒ වගේ අලුත් රටාවක් ඔයාගෙ පරන ටී ෂර්ට් එකට එකතු කරන්න.

7.මේක නම් ලස්සනයි නේද?? මේ වගේ රටාවක් කාඩ්බෝඩ් එකකින් කපල රෙදි වලට ගාන පේන්ට් එකක් පින්සලකින් හරි ස්ප්‍රේ කරල හරි රටාව දාන්නයි තියෙන්නෙ.

8.ඔයාගෙ පරණ සපත්තු වලට අලුත් පෙනුමක් දෙන්න මෙහෙම පාට ගාන්න.ඔයාට ආයෙමත් ඒ සපත්තු දාන්න ආස හිතේවි.

9.ඩෙනිම් කලිසමේ අගිස්සවල් වලට මෙහෙම ලේස් ඇල්ලුවනම් ලස්සනයි නේද?

  1. සංයුක්ත තැටි කෑලි වලින් මෙහෙම ඇඳුමේ කොලර් එක ලස්සන කරමුද?
    මේකට CD තැටිය උණු වතුරේ දාල ගන්න.එතකොට තැටියේ දිළිසෙන කොටස ඉවත් කරගන්න පුළුවන්.ඒක මේ වගේ කෑලි කපලා රෙදි අලවන ගම් එකකින් අලවගන්න.

11.ඔයාගෙ පරණ සායට මෙහෙම දිළිසෙන ගල් ඇලෙව්වොත් ඒක වෙනස්ම විදියකට පෙනේවි.

12. පිටුපස වෙනස් ටී ශර්ට් එකක්..මේකත් ඔයාල කරල බලන්න.

  1. ඔයාගෙ දිග සායක් මේ වගේ සැහැල්ලු ගවුමකට හරවගමුද??පොඩ්ඩක් කපන්න කොටන්න නම් වෙනවා..

14.සපත්තු දෙකට සුදෝ සුදු බැබලීමක් ඕන නම්..බේකින් සෝඩා හොඳින් ආලේප කරලා වේලුනාට පස්සෙ පිහදාල දාන්න .