ලෝකයේ වඩාත්ම අනතුරු සහගත දුම්රිය මාර්ග

දුම්රිය ගමන් වලට අකමැති කවුද? දුම්රිය හරහා ගමන් කිරීමට අකමැති අය සිටින්නේ ඉතා සුළු පිරිසකි. ඔබගේ ගමනාන්තයට ළඟා වීමට වඩාත්ම ලාභදායී හා සුව පහසු ප්‍රවාහන සේවාව එයයි. වනාන්තරය, තණබිම්, ගංගාව, කඳු යනාදිය ඇතුළු භූ දර්ශන පිළිබඳ දර්ශනීය දර්ශන ලබා දෙන දුම්රිය ගමන් සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා දෙයි. කෙසේ වෙතත්, සමහර මාර්ග සැබවින්ම බ-යානක වන අතර සමහර ඒවා දර්ශනීය දර්ශන සහ වෙනත් භයානක ස්ථාන හමුවෙයි. , ලෝකයේ භ-යානක දුම්රිය මාර්ග 10 ක්.

1. තායිලන්තයේ මැක්ලෝන්ග් දුම්රිය මාර්ගය විටෙක එළිමහන් වෙළඳපළක්. දුම්රිය එන විටදි වෙළඳුන් ඉවත් වී ඉඩ දෙනවා. ඒ විතරක් නෙවෙයි, දුම්රිය එන විට මුළු මාර්ගයම හිස්වී ඊට ඉඩ දෙනවා වගේම දුම්රිය ගිය විගස එය අපට හිතා ගන්නවත් බැරි විදියට නැවත වතාවක් ජනාකීර්ණ වෙළඳ සංකීරණයක ස්වරූපය ගන්නවා. තායිලන්තයේ තිබෙන වේගයෙන් අඩුම දුම්රිය මාර්ගය මෙයයි.

2. ඉක්වදෝරයේ නරිස් ඩෙල් ඩිබාලෝ දුම්රිය මාර්ගය දකින්න තියා ඒ ගැන හිතද්දි ඇඟ කිළිපොළා යනවා. ලෝකයේ වඩාත් අපහසුම මෙන්ම භයානකම දුම්රිය ගමන ලෙස මෙය හදුන්වනාවා. ‘යක්–ෂයාගේ නහය‘ කියලා තමයි දන්න කියන අය නම් මේ දුම්රිය මාර්ගය හදුන්වන්නේ. උස් කන්දක් මුදුනේ විශාල බෑවුමක් දැක දැක මේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම හරියට දැලි පිහියෙන් කිරි කනවා වාගේ වැඩක්.

3. ඉන්දියාවේ පාම්බන් පාලම උඩින් යන දුම්රිය ගමනත් ලේසි පහසු එකක් නෙවෙයි. ලංකාවටත් බොහෝ සමීප ඉන්දියාවේ රාමේස්වරම් හි පිහිටි පාම්බන් පාලම 1914 දි තමයි ඉදිකරලා තියෙන්නේ. ඒ වගේම මේක ඉන්දියාවේ ප්‍රථම මුහුදු පාලමයි. එය ඉතා පටු දුම්රිය මාර්ගයක් වන අතර සුළු වැරැද්දකින් පවා ගමන් ගන්නා සියලු මඟීන් මුහුදුබත් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකල් නම් කාටවත් කරදරයක් සිදුවූ බවට නම් තොරතුරු නැහැ.

4. බංගලාදේශ දුම්රිය ගැනනම් කියලා වැඩක් නැති තරම්. එක හිස් තැනක්වත් නැතිව සෙනඟ පිරුණ මේ දුම්රිය ගමන මේ කොච්චි ආවරණය නොවූ ඒවා වන අතර දුම්රිය වහලයේ ගමන් කිරීම ඉතා සුලභ දර්ශනයක්.

5. ‘මර09-ණයේ දුම්රිය‘ නමින් හඳුන්වන මෙම දුම්රිය මාර්ගය පිහිටා තිබෙන්නේ බුරුමයේ තියුණු බෑවුමක. දෙවන ලෝක යුද්ධ අවධියේදී රාජකීය ජපන් හමුදාව විසින් තමයි මේ දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ. මෙම දුම්රිය මාර්ගය කියලා හඳුන්වන්නේ මෙය හදන විට මිනිස්සු 110,000 මරණයට වී තිබීම නිසයි.

6. පේරු හි ෆෙරෝකාරීල් සෙන්ට්‍රල් ඇන්ඩිනෝ නැමති මේ දුම්රිය මාර්ගය ඇන්දීස් කඳුවැටිය හරහා දිවෙනවා. මේ දුම්රිය ගමන අතිශය භයංකාර එකක්. ලෝකයේ දෙවන උසම දුම්රිය මාර්ගය වන මෙය කිලෝ මීටර් 332 ක් දුරයි. පාලම් 61ක් වගේම උමං 65ක් මෙම දුම්රිය මාර්ගය සතුයි.

7. වයිට් පාස් සහ යුකෝන් මාර්ගය, ඇලස්කාවේ, ඇමරිකා එක්සත් ජනපදය. මෙම මාර්ගයට ගමන් කිරීමෙන් ඔබට එකම හැඟීමක් ලබා ගත හැකිය. මෙම දුම්රිය මාර්ගය අල්කාහි ස්කග්වේ වරාය යුකෝන්හි වයිට්හෝර්ස් හා සම්බන්ධ කරයි. එය වර්තමානයේ සංචාරක ආකර්ෂණයක් වන අතර මෙම මාර්ගයේ දුම්රිය ගමනක් යාමට ජනතාව ප්‍රිය කරයි.