රට මුහුණ දී ඇති තත්ත්වය ගැන ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබේ.එහි දැක්වෙන්නේ මේ මොහොතේ ජනතාව වඩාත් අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවය.

වැඩිදුරටත් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, කොඩ් උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක, ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්දනය කළෙමු. අද වනවිට කොඩ් නැවත අප රට තුළ හිස ඔසවා ඇත. පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරාගැනීම සඳහා සියලු කටයුතු සිදුකරනු ලබයි. මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශ්වයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ඉල්ලමි,” යනුවෙනි.

වෙනත් පුවතක් – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 19ක් අවලංගු කෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතියත් සමඟ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19 ක් අවලංගු කර තිබෙනවා.දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගම්පහ, මීරිගම, අඹේපුස්ස, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන දුම්රිය මෙලෙස අවලංගු කර ඇති බවයි.කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන අනෙකුත් දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන අතර, එය ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කරනු ඇති.