අදහගත නොහැකි දෙයක්

ලංකාවේ මේ දවස් වල වැඩියෙන්ම කතා බහට ලක් වෙන කාරණයක් තමයි නීතී වීරෝධී ව්‍යාපාර සදහා එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා සතුන් යොදා ගැනීම. ඉතා සූක්ෂම අයුරින් සිදු කරපු මේ නීතී විරෝධී ව්‍යාපාර ගැන කතා කරන්න නෙමෙයි අපි අද සූදානම් වෙන්නේ. ලෝකය පුරා සිදුවන මේවගේ නීතී විරෝධී ව්‍යාපාර දහස් ගණනක් තිබෙන්නට පුලුවන්. ඒවායේ යෙදෙන පුද්ගලයන් විවිධ උපක්‍රම යොදා ගන්නේ නිතීයේ ඇස වසා දමා තමන්ගේ ව්‍යාපාරය සිදු කිරීමටයි. මේ වීඩීයෝවේන් අපි ඔබ වෙත ගෙන එන්නේ ලංකාවේ වගේම ලෝකය පුරාත් වංචනික වෙලෙන්දන් විසින් තමන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන යාමට අනුගමනය කරපු ඔනෑම කෙනෙක් පුදුමයට පත් කරවන ක්‍රම කීපයක් ගැනයි. ඔවුන් කොයි තරම් සූක්ෂම උනත් මේ වන විටත් ඔවුන් නීතියේ රැහැනට අසු වී අවසන්. ඉතින් වැඩි දුර විස්තර බලන්න අපි වීඩීයෝව වෙත යොමු වෙමු.

අංක එක – ජල බෝතල් වල ඇසිරූ ගිරවුන්.

මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වගේම නිතී විරෝධී විදියට සතුන් ප්‍රවාහනය කිරීමත් ලෝකයේ බරපතල ගණයට වැටෙන අපරාධයක්. බොහෝ අමානුෂික විදියට සිදුවන මේ වෙලදාම බොහෝ ලාබ උපයන්න පුලුවන් වෙලදාමක් නිසා වෙලෙන්දන් විශාල වශයෙන් මේ වෙලදාමට යොමු වී සිටිනවා. මේ සිදුවීම වාර්තා වෙන්නේ 2015 වසරේදි ඉන්දුනීසියාවෙනුයි. සැකසහිත ගමන් මල්ලක් පරීක්ෂා කරමින් සිටි ඉන්දුනීසියානු රේගු නිලධාරීන්ට ජල බෝතල් වල අතිශයින් අමානුෂික ලෙස අසුරන ලද ගිරවුන් 24 ක් සොයා ගැනීමට හැකි උනා. ඉතා සුලු මුදලකට මිලදි ගෙන තිබුණු මෙම පක්ෂීන් අලෙවි කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් 1000 කටත් වඩා වැඩි මුදලකටයි. කෙසේ වෙතත් මේ අවස්තාවේ අල්ලා ගනු ලැබූ සත්වයන් ප්‍රතිකාර ලබා දීමෙන් පසු වනාන්තරය වෙත මුදවා යවා තිබුණා.නමුත් ඉන්දුනීසියාවේ ආරක්ෂක අංශ වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේන් පමණක් වසරකට පක්ශීන් 10,000 කට අධික පිරිසක් නිතී විරෝධී ලෙස ප්‍රවාහනය කරන බවයි. මෙසේ ප්‍රවාහණය කිරීමේදී සත්වයන් අධික ලෙස වද හිංසා වලට ලක් වීම නිසා සියයට හතලිහට අධික ප්‍රමාණයක් මිය යන බවද සදහන් වෙනවා.

අංක දෙක – ගංජා ඇසිරූ කොමඩු.

ඇමරිකා එක්සත් ජනපදයේ ගංජා වලට තිබූ තහනම ඉවත් කිරීමට පෙර ගංජා වලට තිබූ ඉල්ලුම නිසාම ඒවා නිතී විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමත් විකිණීමත් සිදු උනා. බොහෝ වෙලාවට වංචනික වෙලෙන්දන් විසින් එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍ය වල ගංජා සගවා ප්‍රවාහනය කිරීමට උත්සහ කලා.ඇරිසෝනා ප්‍රාන්තයට ඇතුල්වන දේශ සීමාවේදී පොලිස් සුනඛයෙක් යම් පාර්සලයක් විශේශයෙන්ම පිරික්සීමට ලක් කල නිසා පොලිස් නිළදාරීන් වැඩි දුරටත් ඒ පිලිබද පරීක්ෂා කිරීමට තීරණය කලා. එහිදී ඔවුන්ට දැක ගැනීමට හැකි වුනේ කොමඩු පෙට්ටි කිහිපයක් වුවත් වැඩි දුර පරීක්ශා කිරීමේදී පොලිස් නිලධාරීන් විමතියට පත් වුනා. වෙලෙන්දන් විසින් කොමඩු ගෙඩි වල මදය ඉවත් කර ඒවා තුලට ගංජා මිටි දමා නැවත වසා ඔතා ප්‍රවාහනය කරමින් තිබුණා. එම කොමඩු ගෙඩි තුල තිබී ගංජා මිටි 128 ක් එනම් රාත්තල් 1455 ක ගංජා සොයා ගැනීමට පොළීසිය සමත් වුනා.

අංක තුන – පියයුරු තුල කොකේන් සැගවීම.

කාන්තාවන් තමන්ගේ තනපට තුල හෝ උඩු කය යට ඇදුම් තුල සගවාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම බොහො සුලබව දකින්නට ලැබෙන දෙයක් නිසා ඒ පිලිබදව අමුතුවෙන් විමතියට පත් විය යුතු නැහැ. නමුත් මේ සිද්ධිය එයට වඩා අතිශයින් භයානක එකක් වෙනවා.2012 වසරේදී කොලොම්බියාවේ බාසිලෝනා වෙත පිටත්වීම සදහා ගුවන් තොටුපලට පැමිණි එක් කාන්තාවක් පොලිස් නිළදාරීන්ගේ සැකයට පාත්‍ර වුනා. සාමාන්‍ය ප්‍රශ්ණ කිරීමකදී ඇයගේ හැසිරීම් රටාව තරමක් අමුතු වූ නිසා ඇය වැඩිදුර ප්‍රශ්න කිරීමකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කලා. ඇයගේ ශරීරය පරීක්ශා කිරීමේදී පියයුරු වලින් රුධිරය ගලා එන ආකාරය බලධාරීන් නිරීක්ෂණය කර තිබුණා. කාන්තාව පවසා තිබුණේ තමා පියයුරු විශාල කිරීමේ සැත්කමකට මුහුණ දුන් නිසා එය එසේ සිදු වූ බවයි. නමුත් එම පිලිතුරෙන් සෑහිමකට පත් නොවූ බලධරීන් ඇයගේ වෙලුම් පටි ඉවත් කර පරීක්ශා කිරීමේදී රුධිරය ගලන විශාල තුවාල දෙකක් දැක ගන්නට ඔවුන්ට හැකි උනා. ඒ වන විටත් ඇය අධික වේදනාවකින් සිටි නිසාත්, රුධිරය ඉතා විශාල ලෙස වහනය වීම නිසාත් ඇයව රෝහල් ගත කරවනු ලැබුවා. එහිදි පියයුරු වල තුවාල වල තිබී හෙරොයින් රාත්තල් 3 ක් සොයා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි උනා.

අංක හතර – යට කලිසමේ සගවා ගත් පරෙවියන්.

2009 වසරේ මෙල්බර්න් නගරයේ වාසය කල තරුණයෙක් ඕස්ට්‍රේලියාවේ සිය ඩුබායි දක්වා පරෙවියන් දෙදෙනෙක් ප්‍රවාහනය කිරීම සදහා උත්සාහ කරමින් සිටියදි නීතියේ රැහැණට අසු උනා. ඔහු ගුවන් තොටුපලේදී සැක සහිත ලෙස හැසිරුණු නිසා නිලධාරීන් ඔවුන් වැඩි දුර පරීක්ෂන වලට යොමු කරනු ලැබුවා. ඔහු පරීක්ෂා කරන විට ඔහුගේ කලිසම් බද පටියේ තිබී කුරුළු බිත්තර සහ පැලෑටි වර්ග කිහිපයක බීජ සොයා ගැනීමට හැකි වුනා.ඕස්ට්‍රේලියාව තමන්ගේ රටේ ජයිව විවිධත්වය ඉතා ඉහලින් ආරක්ශා කරන රටක් නිසා ඔවුන් මෙවැනි ක්‍රියාවලීන් අතිශයින් නීතී විරෝධී ඒවා ලෙස හදුන්වනු ලබනවා. වැඩිදුර පරීක්ෂා කිරීමේදී නිලධාරීන්ට සොයා ගැනීමට හැකි උනේ ඔහුගේ යට කලිසමේ සගවා ගෙන සිටි පරෙවියන් දෙදෙනෙකුයි. එම සත්වයන්ට සෙලවීමට වත් නොහැකි ලෙස ගැට ගසා ඔහුගේ කලවයට තබා තද කොට බැද දමා තිබුණා. මේ වරද සදහා ඔහුට දඩුවම ලෙස ඇමරිකානු ඩොලර් 88,000 ක් ගෙවීමට සිදු වූ අතරම වසර 10 ක සිර දඩුවමකට මුහුණ දීමටද ඔහුට සිදු වුනා.

අංක පහ – සූට් කේසයක ඇසිරූ මකුළුවන්.

ලි ඇඩ්‍රීන් නම් පුද්ගලයා රියෝ දි ජෙනයිරෝ අන්තර්ජාතික ගුවන් තොටුපලට පැමිණියේ යුරෝපය වෙත ගමන් කිරීම සදහායි.නමුත් එහිදී සිදු කල ස්කෑන් කිරීම් වලදී ඔහුගේ සූට් කේසය තුල අමුත්තක් තිබෙන බව බලධරීනට වැටහී ගියා. ඒ අනුව වැඩි දුර පරීක්ෂන සදහා ඔහු යොමු කෙරුණු අතර එම සූට් කේසය තුල මකුළුවන් විශාල ප්‍රමාණයක් සිටින බව අනාවරනය වුනා. මේ අවස්තාව නීතී විරෝධී ලෙස සත්වයන් ප්‍රවාහනය කිරීමේදී අසු වූ වැඩිම සත්වය ප්‍ර්මාණය ලෙස හැදින්වෙනවා. ලොව පුරා මේ ආකාරයට නීතී විරෝධීව ප්‍රවාහනය කරන බව සැලකෙන සතුන් සංඛයව මිලියන 10 ක් වෙනවා. මෙසේ අතුරුදහ්න් වන සත්වයන් ගෙන් බේරා ගැනීමට සමත් වන්නේ සත්වයන් 50,000 ක් පමණයි. මෙසේ මකුළුවන් ප්‍රවාහනය කල තැනැත්තා වසරක සිර දඩුවමකට යටත් වූ අතර ඩොලර් 750,000 ක දඩයක් ගෙවීමටත් ඔහුට සිදු වුනා.

අංක හය – සූට්කේසයට සගවා ගෙන පැමිණි කොටි පැටවා.

ලෝකයේ සෑම රටකම ඒ ඒ රටට ආවේණික ස්වභාව සෞන්ද්රත්වයක් තිබෙන නිසා එම රට තුල සිටින සතුන් සහ ශාක හොර රහසේ ප්‍රවාහනය කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වෙනවා. 2010 වසරේදී තායි ලන්ත කාන්තාවක් තායිලන්තයේ සිට ඉරානය වෙත කොටි පැරවෙන් රහසිගතව ගෙන යාම සදහා ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා. ඇය සතුව තිබූ සූට්කේසය අතිශයින් විශාල එකක් වූ නිසා බලධාරීන් ඇයව වැඩි දුර පරීක්ෂණ සදහා යොමු කරනු ලැබුවා. එම එක්ස්‍රේ කිරණ වලට අනුව සූට් කේසය තුල පුළුන් පුරවන ලද කොටි පැටවුන් දෙදෙනෙක් සම්ග සත්‍ය කොටි පැටවෙක්ද සිටින බව පොලීසිය අනාවරණය කොට ගෙන තිබුණා.එසේම කොටි පැටවාට නිද්‍රාගත ඖෂධ ලබා දී තිබූ නිසා එම සත්වයා වහාම ප්‍රතිකාර වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. තායිලන්තයේ ජීවත් වන මෙවැනි කොටි පැටවෙක් ඩොලර් 3200 කට ඉරානයට විකිණිය හැකි බව වාර්තා කර තිබුණා.කෙසේ වෙතත් මේ අපරාධය සිදු කල පුද්ගලයාට ඩොලර් 3200 ක දඩ මුදලක් සහ සිරගෙඩහ්‍ර වසර 4 ක සිර දඩුවමක් ලැබීමට තීන්දු උනා. මෙසේ ප්‍රවහණය කරනු ලබන සත්වයෙක් ඉරානයට භාර දුන්නේ නම් වංචනියකයන්ට ලැබෙන මුදල් ප්‍රාමාණය ඩොලර් 3200 ක් වෙනවා.