මිනිස් මොළයට කරන්න පුළුවන් අපි නොදන්නා පුදුම දේවල්.

තම ශරීරයට සාපේක්ෂ ව විශාල ම මොළය පිහිටන්නේ මිනිසාට වන අතර එහි පරිමාව ඝන සෙ.මී. 1200 – 1500 දක්වා වෙනස් වේ.මස්තිෂ්ක අර්ධගෝල දෙකකින් හා අනුමස්තිෂ්කයකින් මොළයේ වැඩි කොටසක් සමන්විත වේ. මොළයේ උදරීය පසින් කපාලීය ස්නායු 12ක් පැණ නගී. මොළය කායික වශයෙන් ශ්‍රම විභජනයක් දක්වයි. එනම් මොළයේ ඉහළ පෙදෙසින් සිරුරේ පහළ පෙදෙසත්, පහළ පෙදෙසින් සිරුරේ ඉහළ පෙදෙසත්, මොළයේ වම් පෙදෙසින් සිරුරේ දකුණු පෙදෙසත්, දකුණු පෙදෙසින් සිරුරේ වම් පෙදෙසත් පාලනය කෙරේ. මොළයේ හරස්කඩ මධ්‍යයේ ශ්වේත ද්‍රව්‍ය පෙදෙසක්ද, පිටතින් ධූෂර ද්‍රව්‍ය පෙදෙසක්ද පිහිටන බව හඳුනා ගත හැක. මිනිස් මොළයේ ආරක්ෂාව සඳහා ඒ වටා ආරක්‍ෂිත ආවරණ කිහිපයක් පිහිටා ඇත.

*වරාශිකාව (බාහිර ආවරණය),ජලාකාර පටලය (අතර මැද ආවරණය),වීනාංශුකාව (අභ්‍යන්තර ආවරණය)

මොළය නිර්මාණය වී තිබෙන්නේ නියුරෝන බිලියන ගණනක සංකලනයකින් බව සොයාගෙන ඇත. මොළයේ සාමාන්‍යයෙන් නියුරෝන බිලියන 85ක් තිබෙන බවට පිළිගනු ලබයි. මේ නියුරෝන අතරේ සම්පර්කන ට්‍රිලියන 18 ත් – 32 ත් අතර ප්‍රමාණයක් ඇත. මේවා හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයකි. එම නිසා සෑම තත්පරයකම මොළයේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ට්‍රිලියන 18 සිට 640ක් දක්වා ප්‍රමාණයක් වේ. මෙකී නියුරෝන එකිනෙකට සම්බන්ධ වී සංඥා එහා මෙහා ගෙනයාමේ ප්‍රතිඵලයක් ලෙස සිරුරේ බොහෝ චලනයන් මෙන්ම ක්‍රියාකාරකම් සිදුවනු ලබයි. මෙම ස්නායු එකිනෙකා හා සම්බන්ධ වන්නේ සම්පර්කන නැතිනම් සයිනැප්සස් (synapse) හරහායි. තත්පරයක කාලයක් තුළදී මෙවැනි සම්පර්කන ට්‍රිරිලියන 18ක් ක්‍රියාකරන බව දැනට සොයාගෙන ඇත. මෙතරම් දත්ත ප්‍රමාණයක් එකවර එහා මෙහා ගමන් කිරීමට තරම් මිනිස් මොළය සංකීර්ණ වන අතර එය සුපරි පරිගණකයටත් වඩා වේගයෙන් ක්‍රියාකරනු ලබයි. 2011 වසරේ දී ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය නැති නම් super computer එක ලෙස කිරුළු පළඳා සිටි ජපානයේ K පරිගණකය නිර්මාණය කෙරුනේ මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අනුකරණය කිරීමේ උත්සාහයක් වශයෙනි. මේ පරිගණකය නිර්මාණය කිරීමට ප්‍රොසෙසර 83,000ක් යොදා ගනු ලැබිණි. ඒ සම්පර්කන ට්‍රිලියන 10.4 කින් සම්බන්ධ වී ඇති නියුරෝන බිලියන 1.73කට සම කිරීමක් වශයෙනි.

මිනිස් හිස් කබල තුළ කිලෝ ග්‍රෑම් 1.5 ක බරින් යුතු පටල මිනිසා ලබන අත්දැකීම් සියල්ලම ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් වී ඇති අතර නැවත එම දත්ත අවශ්‍ය වන විට ගබඩාවෙන් සොයා දීමටද ක්‍රියා කරයි. ස්නායු සම්බන්ධ විශේෂඥයින් එම දත්ත එකතුව “අනන්විත මතකය” (episodic memory) නමින් හඳුන්වනු ලබයි. මෙලෙස අනන්විත මතකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔබ එදිනෙදා මුහුණ දෙන සියලුම අත්දැකීම්, ස්ථාන, පුද්ගලයින්, කතාබහ ආදී සියලුම දත්ත සවිස්තරාත්මක ව ගබඩා කෙරෙන මතකයයි. අපගේ මොළයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් පස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමේ හැකියාව. මිනිස් මොළයේ මතක ධාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමාන්‍යයෙන් මිනිස් මොළයට terabyte 3 සිට 1000 දක්වා මතක ධාරිතාවක් ඇත. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරනු ලබයි. එබැවින් මිනිස් මොළයේ මතකය වැඩි වීමට නම් මිනිසෙකුට ප්‍රමාණවත් නින්දක් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතයයි. පුද්ගලයෙකුට සිය ශරීරයට දැනෙන හැඟීම්, ආවේග සියල්ල ස්නායු හරහා ක්ෂණිකව ‍මොළය වෙත ගමන් කරන්නේ ඇදහිය නොහැකි තරම් අධි වේගයකිනි. එනම් මොළයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොළයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන් කරයි.

දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී මොළයේ ක්‍රියාකාරිත්වය අධික ලෙස වේගවත් වේ. නමුත් එයට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිත කරන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ය. මොළයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් පුද්ගලයෙකු සිහිසුන් තත්ත්වයට පත් වේ. මොළයේ සක්‍රීය ක්‍රියාකාරීත්වයට රුධිරය මෙන්ම ඔක්සිජන් ද අත්‍යාවශ්‍යය බව කියැවේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක. නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ ගතවුවහොත් ස්ථීර ලෙසම මොළයට හානි සිදුවේ. එසේම ශරීරයේ පවතින කොලෙස්ට්‍රෝල්වලින් 25% මොළය තුළ තැම්පත්ව ඇත. මෙලෙස මොළයට අත්‍යවශ්‍ය කොලෙස්ට්‍රෝල් ප‍්‍රමාණය නොතිබුනහොත් Dementia නම් රෝගය වැළඳීමේ අවදානම වැඩි වේ. කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වඩාත් අඩු වීමෙන් මොළය මිය යෑමට වුවද ඉඩ ඇත.

ආරම්භයේදී ම සඳහන් කළ පරිදි ශරීර ස්කන්ධයට සාපේක්ෂව මොළයේ ස්කන්ධය වැඩිම මිනිසාගේ ය. එය රාත්තල් 3ක් පමණ වන බව ගණනය කර ඇත. සාමාන්‍යෙයන් අපගේ මොළයේ ස්කන්ධය සමේ ස්කන්ධයෙන් අඩක ප‍්‍රමාණයකි. ලොව සත්ත්ව සංහතියේ වැඩිම ස්කන්ධයක් ඇති මොළය හිමිවන්නේ යෝධ තල්මසාට වන අතර එය රාත්තල් 17ක් පමණ වේ. පිරිමින්ගේ මොළය ස්ත්‍රීන්ගේ මොළයට වඩා ස්කන්ධයෙන් 10% වැඩිය. නියැන්ඩතාල් මානවයාගේ මොළය වත්මන් හෝමෝ සේපියන් මානවයාගේ මොළයට වඩා 10%ක් විශාල බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. ඒ අනුව පසුගිය වසර 10,000-20,000 ඇතුළ ත මිනිස් මොළය ටෙනිස් බෝලයක තරම් ප‍්‍රමාණයකින් කුඩා වී ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8%ක් පමණ භාවිත කරන අතර විද්‍යාඥයෙකු 12%ක් පමණ තම මොළය භාවිතා කරති. මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද භාවිත කර ඇත්තේ තම මොළයෙන් 16%ක් පමණි.

කෙසේ වුවද සංගීතය ආදී සුපහන් හැඟීම් සහ ක්‍රියාකාරකම් අපගේ මොළයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහළ නංවයි. තවද ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාර වන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගමට දහමට නැඹුරු කිරීමෙන් මො‍ළයේ සැළකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ද එම ප‍ර්යේෂකයෝ පවසති.

1. මිනිස් මොලය පෘතුවි චුම්බක ක්ෂේත්‍රයට ප්‍රතිචාර දක්වයි

බොහොමයක් සතුන්ට ස්වාභාවිකවම පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රය හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ හරහා තමන්ගේ ගමන් මාර්ග සොයා ගැනීමේ හැකියාවක් පවතිනවා. මිනිසුන්ට ද මේ හැකියාව ඇති බව සඳහන් නමුත් එම හැකියාව අනෙකුත් සතුන්ට තරම් ප්‍රබලව පිහිටා නැහැ. මිනිස් මොලයේ මෙම හැකියාව ගැන සිදු කල වැඩිදුර පර්යේෂණ වලදී සොයාගෙන ඇත්තේ පෘතුවි චුම්බක ක්ෂේත්‍රයට පමණක් මිනිස් මොලය මෙසේ ප්‍රතිචාර දක්වන බවයි. පර්යේෂණ වලදී යොදා ගත කෘත්‍රිම චුම්බක ක්ෂේත්‍ර වලට මිනිස් මොලය එවැනි ප්‍රතිචාර දක්වා නැහැ. එමෙන්ම එම ප්‍රතිචාරය පුද්ගලයාගේ සාමාන්‍ය දැනීම් සිමාවෙන් එපිට පවතින බව හෙළි වී තිබෙනවා.

2 ස්වභාවික එලාම් ඔරලෝසුව

කිසිම එලාම් ඔරලෝසුවක් නැතුව හරියටම යම් වෙලාවකට අවදි වෙන අය ඔයලටත් මුණ ගැහිලා ඇති. ඉතින් මේකත් ඒ තරම් පුදුම වෙන්න ඕනි දෙයක් නෙමෙයි. පුදුම වෙන්න ඕනි දේ තමයි මේ වැඩෙත් කරන්නේ අපේ මොලය විසින් කියන එක. කාලයක් තිස්සේ එකම වෙලාවකට ඇහැරෙන්න පුරුදු වුන කෙනෙක්ගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය මේ සඳහා හැඩගැහෙනවා. මේ හැඩගැසීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නෙත් මිනිස් මොලය විසින්.අපි අවදිවෙන්න පැය කීපයකට කලින් මොලය යම් හෝමෝන නිකුත් කිරීමක් සිද්ධ කරනවා. මේ හරහා ඇත්තම එලාම් ඔරලෝසුව අපව ඇහැරවන්න කලින් අපි අවදි කරනවා. අපි තරමටම අපේ මොළයත් එලාම් ඔරලෝසු වලට කැමති නෑ කියන එකත් මේකෙන් ඔප්පු වෙනවා. මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න නම් කරන්න ඕනි ප්‍රධානම දේ තමයි වකම වෙලාවකට අවදි වෙන්න හුරු වීම. කාලයත් එක්ක අපේ මොලයේ ක්‍රියාකාරිත්වය ඊට හුරු වෙලා එලාම් ඔරලෝසුවට විනාඩි කීපයකට කලින් අපිව ඉබේම නින්දෙන් අවදි වීම සිදු කරනවා.

3 නිදාගන්න ගමන් ඉගෙන ගන්න

අප නින්දේ පසු වෙන විට මොලයේ එක කොටසක් තම ක්‍රියාකාරිත්වය තාවකාලිකව නැවත දමනවා. නිදා ගන්න කාලය අතරතුර සාමාන්‍ය ක්‍රියාවන් අපේ මොලය සිදු කරනවට අපේ කැමැත්තක් නැහැනේ. විශේෂයෙන්ම අපි රස කරගත්ත තොරතුරු මතක තියා ගැනීම වගේ දේවල්. කොහොම වුනත් අපි නිදා ගන්න අතරේදීත් ඇසීම හරහා ඉගෙනීමේ ක්‍රියාවලිය සිදු කරන්න මොලයට හැකියාව තියනව කියල නවතම පර්යේෂණ ව්කලින් සොයාගෙන තියෙනවා. හිපළ වූ අධ්‍යයනයකදී පුද්ගලයන් 20ක් යොදාගෙන මේ පිලිබඳ පර්යේෂණයක් සිදු කර තිබුනා. එහි දී අදාල පුද්ගලයන් නින්දේ පසු වන විට යම් යම් සංගීත රටා ඇසෙන්නට සලස්වා අවදි වූ පසුව ඒවා හඳුනා ගැනීමේ හැකියාව විමසා බලා තිබෙනවා. එහිදී තමන් නින්දේ දී සවන දුන් ශබ්ද ඔවුන්ට හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් ගැඹුරු නින්දේදී සවන් දුන් ශබ්ද හඳුනා ගැනීමේ හැකියාව දුර්වල බව එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙනවා. මේ පර්යේෂණයට අනුව විභාග වැනි කටයුතු සඳහා නින්දෙදි ඉගෙනීම සිදු කිරීමට නොහැකි වුවත් නින්දේදී මිනිස් මොලයට කිසිවක් ග්‍රහණය කරගතා නොහැකිය යන මතය බිඳී ගියා.

4 ව්‍යායාම ගැන හිතලා ශරීරය වර්ධනය කරගන්න

ගොඩක් දෙනෙක් ආසයි තමන්ගේ ශරීරය ලස්සනට නිශ්චිත හැඩයකට පවත්වාගන්න. ඒත් ආසාව විතරක් තිබුනට ඒ දේවල් නිකන්ම ලබා ගන්න බෑ කියල අපි හැමෝම දන්නවා. හීන මැව්වට විතරක් දේවල් හැබෑ කරන්න බැරි වුනත් මාංශ පේශි වර්ධනය නම් මේ විදියට සිදු කරන්න පුළුවන් කියන දේ දැන් හෙළි වෙලා තියෙනවා. මේ පිලිබඳව මොළයට තියන හැකියාව ගැන සොයා බලන්න පුද්ගලයන් 29 දෙනක් යොදාගෙනපර්යේෂණයක් සිදු කරලා තියෙනවා. එම කණ්ඩායමෙන් කොටසකට තමන්ගේ අතේ මැණික් කටුව ප්‍රදේශයට ව්‍යායාම් ලබා දෙනවා කියල සතියට දින පහක් මිනිත්තු 11ක් පුරා කල්පනා කරන්න කියල උපදෙස් ලබා දුන්නා. පර්යේෂණය අවසානයේ එම මනෝ ව්‍යායාම සිදු කල කණ්ඩායමේ මාංශ පේශි අනෙක් කණ්ඩායමට සාපේක්ෂව දෙගුණයකින් ශක්තිමත් වී ඇති බව සොයා ගනු ලැබුවා.
තමන්ව රවටා ගැනීම

මතකයන් සම්බන්ධයෙන් ගත්තම නම් මොලය ක්‍රියා කරන්නේ ටිකක් අමුතුම සහ අභිරහස් විදියට කියන්න පුළුවන්. මොලය ගැන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ සිදු කර තිබුනත් එහි මතක ක්‍රියාවලිය ගැන තවමත් ගැටළු ගණනාවක් ඉතිරි වී තිබෙනවා. තවමත් මිනිසාගේ මොලයේ දත්ත ගබඩා කිරීම හා නැවත මතක් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කුමන කොටස් වලින්ද යන්න පිළිබඳව වත් සම්පුර්ණ නිවැරදි කරුණු අනාවරණය වී නැහැ. මේ අභිරහසේ ප්‍රධානම අංගයක් විදියට ගන්න පුළුවන් වැරදි මතකයන්. ඒ කියන්නේ කිසි දිනක සිදු නොකළ දෙයක් තමන් විසින් සිදු කල කියල වැරදි නිගමනයකට මොලය විසින් එළඹීම. නැතිනම් ක්සිදී සිසු නොවූ දෙයක් සිදු වූ බවට තියන පැහැදිලි මතකය. මේ වැරදි මතකයන් මුදල් ණයට ගැනිමක සිට මිනිමරුමක් සිදු කිරීම දක්වා බරපතල තත්වයට පත් විය හැකි බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මිනිස මොලය තමන්වම රවටා ගැනීමට මෙතරම් දක්ෂ ඇයි කියන දේට නම් තවමත් නිසි පිළිතුරක් ලැබී නැහැ.

ඔබ නොදන්න කරුණු – මිනිස් නාසයට සුවඳ වර්ග 500ක් පමණ මතකයේ තබා හඳුනාගත හැකිය. *මිනිස් ශරීරය පැයකට 600000 අංශු ඉවත දමයි. *7 000 000 000 000 000 000 000 000 000 පමණ පර–මාණු වලින් මිනිස් ශරීරය සෑදී ඇත.*වැඩුනු මිනිසෙකුගේ ශරීරය තුළ 100000 පමණ රුධිරවාහිණී ඇත.*මිනිස් ජිවිත කාලය තුළ පිහිනුම් තටාක 2ක් පිරෙන තරමට කෙළ නිෂ්පාදනය වේ.*මාංශපේෂී ගැන සිතන්න සිතන්න ඔබේ මාංශපේශී වල ශක්තිය වැඩිවේ.*අවුරුදු 08 සහ 09 වයස් වලදී ළාබාලම දෙමව්පියන් බිහි වී ඇත.*මියගිය මිනිසුන් ප්‍රමාණයට වඩා අද ජීවත්වන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩිය.*ඔබ වරක් නිහඬවිට අසලින් සිටින කාන්තාව දෙවරක් නිහඬයි.*ඔබට නරක හීන දැකීමට අවශ්‍ය නම් ශීත කාමරයක නිදන්න.*ඔබේ ඇසට මිලියන 10ක් වර්ණ හඳුනාගත හැකිය.*මිනිස් ඇස සෑදී ඇත්තේ ක්‍රියාකාරී කොටස් මිලියන 2 කිනි.*මිනිස් නියපොතු අඟල් 3ක් දිගට වැවීමට හැකියාව ඇත.*ඔබේ ඇස් පිහාටුවල ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වේ.*තට්ට මිනිසුන් ඉතා බුද්ධිමත්ය.*නාසය සහ කන සෑම විටම වර්ධනය වේ.*ඔබ සිනාවෙන සෑම මොහොතකම ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය වේ. සමීක්ෂණ වාර්තා වලට අනූව අවුරුදු 6ක කුඩා දරුවෙක් දිනකට 300 වරක් සිනාසෙන අතර වැඩුනු මිනිසෙක් 15-100 අතර සිනහ වෙයි.*ඇඟිලි සලකුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතරම දිවේ සලකුණුද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

මිනිස් මොලය දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී බවින් වැඩිය.*වැඩුනු පුද්ගලයෙක් හා සසඳන විට ළදරුවන්ට ළදරු ශරීරය තුල අස්ථි 60ක් පමණ වැඩිපුර ඇත.*කෙස්ගසක ආයුකාලය අවුරුදු 03ත් 07ත් අතර වේ.*ඔබ කොණ්ඩය නොකැපුවහොත් මයිල 590ක් දුරට වැවෙනු ඇත.*මිනිස් මොලය තුළ වොට් 10 සිට 23 දක්වා විද්‍යුත් ශක්තියක් නිශ්පාදනය වේ. එය බල්බයක් දැල්විමට ප්‍රමණවත්ය.*ඔබේ දහඩිය වලට ගන්ධයක් නොමැත. එය ගන්ධයක් බවට පත්කරනුයේ බැක්ටීරියා විසිනි.*මිනිස් ශරීරයේ වේගවත්ම කොටස මොළයයි. එහි මේදය 60% පමණි.*ළදරු මොළය මුල් අවුරුදු 10 තුළ සම්බන්ධකම් ත්‍රිලියනයක් පමණ පවත්වයි.*මිනිස් හදවත ජීවිතකාලය තුළ (අවු. 70) මිලියන 2.5 පමණ ස්පන්දනය වේ.*රුධිර සංසරණ පද්ධතිය තුළ 78% පමණ ජලය අඩංගු වේ.*ඔබේ ශරීරයේ ලේ සැපයුම නොමැති එකම කොටස කණිනිකාවයි.*මිනිස් හදවත ජීවිතකාලය තුළ බැරල් මිලියනයක් පමණ රුධිරය පොම්ප කරයි.*හිස්කබලට සම්බන්ධ අස්ථි අතර සෙලවිය හැකි එකම අස්ථිය යටහනුව පමණි.*නිල්පාට ඇස් ඇති අයට ඇල්කොහොල් ලබා ගැනීමේ ශීඝ්‍රතාවය වැඩිය.

මිනිසාගේ දකුණු පෙනහැල්ලට වඩා වම් පෙනහැල්ල විශාලත්වයෙන් අඩුය. හදවතට ඉඩදීම සඳහා එය එසේ සැකසී ඇත.*මිනිසා අවදිව සිටින කාලයන් තුළ 10% පමණ කාලයක් ඇස් වැසී පවතී.*ඇස මෙගාපික්සල් 576ක ධරිතාවෙන් යුත් කැමරාවකට සමානයි.*මිනිස් ශරීරයේ ඕනෑම කොටසකට පිළිකා වර්ග 100ක් පමණ වැළදීමේ හැකියාව ඇත.*O කාණ්ඩයේ ලේ වර්ගය වෙනත් ඕනෑම කාණ්ඩයේ ලේ වර්ග ඇති පුද්ගලයෙකුට ලබා දිය හැකි අතර O කාණ්ඩයේ ලේ වර්ගයට ආදේශකයක් නොමැත.*රතු රුධිරාණු ශරීරයේ සෑම තැනටම ඔක්සිජන් රැගෙන යනු ලබන අතර රතු රුධිරාණු නිශ්පාදනය වන්නේ ශරීරයේ ඇටමිදුලු තුළදීය.*ඔබ සංගීතය අසන සැමවිටම ඔබේ හදවතේ ගැස්ම වෙනස්වේ.*ශරීරය තුල ඇති ඔක්සිජන් වලින් 20% පමණ මොළය තම පාවිච්චියට ගනියි.*ඔබේ ශරීරයේ අස්ථි වල 31% පමණ ජලය අඩංගු වේ.*මිනිසුන් ලෝකයේ ජීවත්වන ප්‍රමාණයටත් වඩා මුඛය තුළ බැක්ටීරියා ඇත.*ඔබේ හදවත දිනකට නිශ්පාදනය කරන ශක්තිය ට්‍රක් රථයක් මයිල 20ක් පමණ ගමන් කිරීමට යන ශක්තියට සමාන වේ.

ඔබේ අපද්‍රව්‍ය වල 75% පමණ ජලය අඩංගු වේ.*ඔබ වැඩිපුර ආහාර අනුභව කරන විට කන් ඇසීම අඩුවී යා හැකිය.*උදෑසන ඔබේ උස සවස් කාලයට වඩා 1 cm කින් වැඩිය.*හැඟීම් වලදී කඳුලු පිටවන එකම සත්වයා මනුස්සයායි.*90% ලෙඩරෝග වලට හේතුව මානසික පීඩනයයි.*ඔබේ ඇඳුමක ඇති දූවිලිවලින් 90%ක් පමණ නිශ්පාදනය වන්නේ ශරීරයෙන් පිටවන අපද්‍රව්‍ය වලිනි.*බීමට ජලය ඇත්නම් මාස 2ක් පමණ නිරාහාරව සිටිය හැක.