අනාගතයේදී නැතිවී යන මිනිස් සිරුරේ කොටස් 15 ක්

චාර්ල්ස් ඩාර්වින් යනු මිනිස් පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන පුද්ගලයා වේ. ඔහු විසින් මිනිසාගේ ප්රනභවය සහා ප්ර ගමනය කෙරෙහි දක්වා ඇති අදහස් විද්යාමත්මකව පවා වඩාත් පිලිගැනීමකට ලක් වි ඇත. ඔහු විසින් රචිත ‘The Descent of Man’ නම් කෘතියේ මුල් පරිච්ඡේදය තුලින් චාර්ල්ස් ඩාවින් සාකච්ඡා කර ඇත්තේ ඔහු විසින් මිනිස් සිරුර සම්බන්ධව හඳුනාගත වැදගත් සොයාගැනීමක් පිලිබඳවයි. එහි එක් කොටසක ඔහු විසින් දක්වා ඇත්තේ මිනිසාගේ සිරුරේ ඇති ඇතැම් ශරීර කොටස ‘එතරම් ප්ර යෝජනයක් නොමැති හෝ කිසිසේත්ම ප්රරයෝජනයක් නොමැති’ ආකාරයේ ශරීර කොටස් වන බවයි. ඔහු විසින් සඳහන් කරන, අනාගතයේදී අපේ සිරුරෙන් ක්රරමයෙන් අතුරුදහන් වී යා හැකි ශරීර කොටස් මොනවාද කියා අපි දැන් දැනගනිමු.

ශරීරයේ ඇති රෝම

ඇස් වලට දහදිය වෑස්සීම වැළැක්වීම සඳහා ඇහි බැමි පිහිටා ඇත. මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවය තුලම පිහිටා ඇති ආරක්ෂාව සලසන ශරීර ලක්ෂණයකි. පිරිමි පුද්ගලයින්ගේ මුහුණේ ඇති රෝම කූප නැතිනම් ‍රැවුල විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය දිනාගන්නා ලක්ෂණයකි.පිරිමි පුද්ගලයින්ගේ කඩවසම් බව ඉන් වැඩි කර පෙන්වයි. කෙසේවෙතත්, සමට අමතර ආරක්ෂාව සැපයීම මිසක මිනිස් සිරුරේ ඇති රෝම වර්ධනය මඟින් වෙනත් ප්රතබල ක්රිසයාකාරීත්වයක් ඉ‍ටු නොකරයි.

පාර නාසික කුහර/නාසාරන්ධ්රල

මෙම ශ්ලේෂ්මල රේඛීය කුහර පිහිටා ඇත්තේ කුමන හේතුවක් මතදැයි කිසිවෙකුත් හඳුනාගැනීමට සමත් වී නැත. බොහෝ විට එය හිසේ බර අවම වන ලෙස ස්වභාවික පිහිටීමක් විය හැකිය.

කනට බාහිරව පිහිටා ඇති මාංශ පේශීන්

බල්ල, හාවන් ආදි ඇතැම් සත්වයින් හට ස්වාධීනව කන් සෙලවීමේ හැකියාව ලැබී ඇත්තේ මෙම මාංශ පේශියේ පිහිටීම නිසායි. මෙම මාංශ පේශිය මිනිස් සිරුරේ ද පිහිටා ඇත. එසේ පිහිටීමක් ඇති පුද්ගලයින් හට තම කන් සෙලවීමේ හැකියාව ඇත. නමුත්, මෙම මාංශ පේශීන් වලින් කිසිඳු කාර්යක් සිදුකරන්නේ නැත.

නැණ දත්/ඥාන දත්

අතීතයේ මිනිසුන් බහුලව ආහාරයට ගෙන තිබුණේ ශාක කොටස් ය. ඒවා සැපීම සඳහා මෙම දත් උපයෝගී වී ඇත. මෙවැනි නැණ දත් කිසිත් ප්ර යෝජනයක් නොමැති වුවත් මුඛයේ වර්ධනය විය හැක. වර්තමානයේ 5% ක් පමණ දෙනෙකුට මෙසේ දත් පිහිටීමක් ඇති බව සොයාගෙන ඇත. නමුත්, මෙම දත් පිහිටීම ඉතා දැඩි අපහසුතාවක් ඇතිකිරීමට සමත්ය. ඒවා වඩාත් හානිකර බව දන්ත වෛද්යමවරුන්ගේ පිලිගැනීමයි. එබැවින් ඒවා ගලවා ඉවත් කරන මෙන් ඔවුන් නිර්දේශ කරති.

බෙල්ලේ ඉළ ඇටය

මෙම ග්රෛළවීය ඉළ ඇට කාණ්ඩයක පිහිටීම උරග ජිවීන්ගේ යුගයේ සිට පැවතෙන ශාරීරික අවශේෂ කොටසක් ලෙස හැඳින්විය හැකියි. ජනගහනයෙන් 1% කටත් වඩා අඩු පිරිසකට මෙවැනි පිහිටීමක් තිබිය හැක. ඇතැම් අයට මේවා පිහිටන්නේ සිරුරේ වම් පසින් හෝ දකුණු පසිනි. ඇතැම් අයට බෙල්ල දෙපැත්තේම ඉළ ඇට පිහිටයි. මේවා නිසා බොහෝ විට ස්නායු සහා ධමනි ආශ්රි ත රෝග පීඩාදිය මතුවීම සිදුවේ.

දීර්ඝ චර්පටකය

මෙම දිගු සහා ප‍ටු මාංශ පේශිය වැළමිට සිට මැණික්ක‍ටුව දක්වා සම්බන්ධ වී තිබේ. නමුත්, මෙම මාංශ පේශිය 11% ක් පමණ දෙනාට පිහිටා නොමැති බව සොයාගෙන ඇත. මෙය අතීත යුග වලදී ආදි මානවයා හට එල්ලී සිටීම සහා ඉහළ නැගිම ආදී ක්‍රියාකාරකම් සඳහා බොහෝ උපකාරී වී ඇති මාංශ පේශි පිහිටීමකි.

පිරිමි තන-පුඬු

කාන්තාවන් සහා පුරුෂයින් දෙපාර්ශවයටම තන-පුඬු පිහිටා ඇත. මීට හේතුව වන්නේ කලලය නිර්මාණය වන මුල් අවධීන් තුලදී නූපන් දරුවා තුල ලිංගික අවයව වර්ධනය නොවීමයි. තනපුඬු මඟින් සිදුකරන්නේ කිරි නිෂ්පාදනය කිරීමයි. නමුත්, පිරිමි පුද්ගලයින්ගේ තනපුඬු වලින් කිරි ශ්රාදවය කිරීමට තරම් උත්තේජනයක් කල හැකි තරම් සිරුරේ ප්රොේලැක්ටින් මට්ටම අවශ්යර ප්ර්මාණයෙන් නොමැති නිසා ඒවායෙන් කිරි නිෂ්පාදනය නොවේ.

චිකුර උන්නමක පේශිය

සත්වයින් ගේ සිරුරු වල පිහිටන මෙම කුඩා මාංශ පේශින් වලින් ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා සහා අන් සතුන් බියවද්දා ගැනීම සඳහා හැකියාව ලැබෙන සේ සිරුරේ ලොම් පිම්බවීමේ හැකියාව ලබාදේ. මිනිසුන් තුලද අතීතයේ මෙම හැකියාව තිබි ඇත. නමුත්, ක්‍රමයෙන් මෙය නැතිවී යන බවයි කරුණු මඟින් පෙන්වා දෙන්නේ. ක්‍රමයෙන් ලොම් හැලීයාමත් සමඟ අද වන විට ඉතිරිව ඇත්තේ මෙම හැකියාවේ අවශේෂයක් ලෙස මිනිස් සමේ හිරිගඩු පිපීම නම් ලක්ෂණයයි.

උණ්ඩුකපුච්ඡය

මෙම ප‍ටු මාංශ පේශී නාළය මහා අන්ත්ර යට සම්බන්ධ වී පවතියි. ලබාගන්නා ආහාර වල සත්ව ප්රෝ්ටීන් වලට වඩා ශාක කොටස් අඩංගු වන විට එහි අන්තර්ගත සෙලියුලෝස් ජීර්ණය කිරීමේ ක්රිටයාවලිය සඳහා උපකාරී වේ. මෙම කොටස සැත්කමකින් ඉවත් කල පසුද සාමාන්යේ ලෙස ජීවත් වීමේ හැකියාව ඇති බව තහවුරු වී ඇත.

දහතුන්වන ඉළ ඇටය

මෙවැනි පිහිටීමක් ඇත්තේ මිනිස් වර්ගයාට සමානකමක් සහිත වානර විශේෂ වන චිම්පන්සින් සහා ගෝරිල්ලන් හටයි. බොහෝ පුද්ගලයින් හට සාමාන්යපයෙන් ඉළ ඇට පිහිටන්නේ 12 ක් ලෙසයි. නමුත්,8% ක් පමණ දෙනාට මෙම දහතුන්වන ඉළ ඇටයක් ද පිහිටන බව සොයාගෙන ඇත.

කකුලේ ඇඟිලි

විද්යාඇඥයින් පවසන පරිදි මිනිසා විසින් මුල් කාලයේදි තම පාද වල මැද කොටසට බර තබමින් සමබරතාව ‍රැකගනිමින් ඇවිදීම සිදුකර ඇත. නමුත්, කාලයත් සමඟ පාද වල සමබරතාව මහපටැඟිල්ල දෙසින් එක් පැත්තකට බර තබා ඇවිදීමට මිනිසා හුරු වී ඇති බව ඔවුන් පවසති. අධ්යනනයන් මඟින් තවදුරටත් පැහැදිලි කරන්නේ පාද වල සමබරතාවේ කේන්ද්ර්ය විතැන් වන්නේ ඇතුල් දෙසට බවයි. සරලවම පැවසුවොත්, මෙහි අදහස වන්නේ මිනිසා මුල් කාලයේදී ඇවිද ඇත්තේ පාද වල ඇඟිලි වලට බර තබමින්ය. කෙසේවෙතත්, වර්තමානයේ මිනිසා ඇවිදින්නේ ඇඟිලි වලට වැඩි බරක් තබමින් නොවේ. එය කාලයත් සමඟ ක්රිමවෙන් වෙනස් වි ඇත. මෙය දිගින් දිගටම වෙනස් වුවහොත් ඉදිරියේදි පාදයේ ඇඟිලි වල පිහිටීමෙන් ප්රවයෝජනයක් නොමැතිව යනු ඇත

කොඳු ඇට පෙළ අග පිහිටි අනුත්රි කාස්ථිය

වලිග අස්ථිය (tail bone) ලෙසයි මෙය සාමාන්යවයෙන් හැඳින්වෙන්නේ. මෙය ඇත්තේ මිනිස් කොඳු ඇට පෙළ කෙළවර වන අතර එය අතීත මානවයාට වලිගයක් තිබූ බවට සාක්ෂි දරයි. මෙම දිගු වලිග පිහිටීම මඟි ආදි මානවයා හට සමබරබව සහා සචලතාවය පත්වාගැනීමට උපකාරී වී ඇත.නමුත්, මානව වර්ගයා කඳ සෘජුව තබා ඇවිදීමට ඉගෙන ගැනීමත් සමඟ මෙම ශරීර කොටසේ ප්රගයෝජනය කෙමෙන් ඉවත් වී යන්නට විය. කෙසේවෙතත් ඇතැම් ක්ෂීරපායි සතුන් සඳහා මෙම පිහිටීම සමබරතාව සහා සන්නිවේදනය සඳහා උපකාරී වන බව සඳහන් වේ.

තෙවන ඇහි පිය

මෙය ඇසේ ඇතුලත කෙළවරේ පිහිටන ඉතාමත් කුඩා පටක නැම්මකි. බොහෝ දෙනෙකු මෙම කොටස කඳුලු ග්රටන්ථිය සමඟ පටලවා ගනිති. මෙය තෙවන ඇස් පිය පිහිටීමක ඉතිරි වූ අවශේෂ පිහිටීමක් ලෙස හැඳින්වේ. එය වෙනත් පක්ෂීන් වැනි සතුන් තුල දැකිය හැකි nictitating membrane යනුවෙන් හඳුන්වන පටලයකි. වර්තමානයේදී මෙම කොටස මඟින් ඇසේ බෝලය කරකැවීමට සහා කඳුලු වෑස්සීමට උපකාරි වන පිහිටීමක් ලෙස ශේෂව පවතියි.

ඩාර්වින්ගේ ගැටිත්ත

කනේ ඝන සම මත පිහිටි කුඩා ගැටිත්තක් වන මෙය බොහෝ විට කන් දෙකේම පිහිටා ඇති ආකාරය දැකිය හැකි වේ. මෙම නමේ ඇති විශේෂත්වය වන්නේ මෙන ශරීර පිහිටීම මුලින්ම ග්රැන්ථ ප්ර.කාශනයක් තුලින් දක්වා තිබුණේ චාර්ල්ස් ඩාර්වින් විසින් වීමයි. ඔහු පවසන ආකාරයට මෙය අපගේ ඉපැරණි මානව මුතුන්මිත්තන්ගෙන් හිමිවූ දායාද ලක්ෂණයකි. විශේෂයෙන්ම උල් වූ කන් පිහිටීමක් තිබූ මානවයින්ගෙන්.

උපකුංචිකා පේශිය

උරහිසට පහළින් පළමු ඉළ ඇටය සහා උරස් අස්ථිය අතර ඇති ඇදෙන කුඩා මාංශ පේශියයි. මෙය අතිතයේ මිනිසා ගාත් හතරම භාවිතා කරමින් සංචලනය වූ යුගයේදී , එම ඉරියව්ව සඳහා උපකාරි වූ මාංශ පේශී පිහිටීමකි. කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින්ට මෙම මාංශ පේශිය තවදුරටත් පිහිටා ඇති අතර ඇතැමුන් හට පිහිටා නොමැති බව ද හඳුනාගෙන ඇත. ඒ අතරින් සුලුතරයකට මෙවැනි මාංශ පේශීන් ද්විත්වයක් පිහිටා ඇති දුර්ලභ අවස්ථා ගැනද අසන්නට ලැබේ.