වීරවරියක් වූ ලයිකා

ලයිකා යනු සෝවියට් අභ්‍යවකාශ සුනඛයෙකි. උෟ පෘථිවි කක්ෂය වටා ගමන් කල ප්‍රථම සත්ත්වයා බවට පත්වූ අතර පෘථිවි කක්ෂෙය්දී මිය ගිය ප්‍රථම සත්ත්වයා බවටද පත්විය.ලයිකාගේ අභ්‍යවකාශ ගමන සිදුවූ අවදියේදී අභ්‍යවකාශ ගමනකින් සජීවී ඇතිවන බලපෑම පිලිබදව කරුණු දැනසිටියේ ස්වල්පයකි. එමෙන්ම කක්ෂගතවූ යානයක් නැවතත් පෘතුවියට ගෙන්වාගැනීමට අවශ්‍ය තාක්ෂනය ඒ වනවිට වර්දනය වී නොතිබිණ. විද්‍යාඥයන් කිහිපදෙනෙකු විශ්වාස කලේ මිනිසුන්ව අභ්‍යවකාශයට කක්ෂගතකිරීම හෝ අභ්‍යවකාශ තත්වයන් හමුවේ ජීවත්විය නොහැකි බවයි. එහෙයින් ඉංජිනේරුවන් විසින් මිනිසුන්ට පෙර මිනිසුන් නොවන සත්වයන් ගුවන් ගත කිරීම අවශ්‍යයයි සිතීය.ලයිකා, අයාලේ සිටි සුනඛයකු විය, ඇගේ මුල් නම වුයේ කුඩ්‍රයවිකා තවත් සුනඛයින් දෙදෙනෙකු සමග පුහුණුවීම් වල නිරත විණි. අවසානයේදි සොවියට් අභයාවකාශ යානය ස්පුට්නික් 2 හි නේවාසිකයා ලෙස තෝරාගෙන 1953 නොවැම්බර් මස 3 වන දින කක්ෂ ගත කරන ලදි.

බොහො දුරට ලයිකා කක්ෂ ගතවිමෙන් පැය කිහිපයක් ඇතුළත අධික රත්වීම. නිසා මියයන්නට ඇත. මෙය බොහොදුරට මධ්‍යය R-7 දාරකය පිපිරවුම් හිසෙන් වෙන් නොවීමේ දෝෂයක් නිසා සිදුවන්නට ඇත. ඇගේ මරණයට සැබෑ හේතුව හා මරණය සිදුවූ වෙලාව මහජනයාට ඉදිරිපත් කිරීම 2002 තෙක් සිදු නොකලේය. ඒවෙනුවට සය වන දිනයේදි ඇය ඔක්සිජන් අවසන් වීමෙන් මියගිය බවට පුලුල් වශයෙන් වාර්තා විය. මේ කරුණ හො සෝවියෙට් ආණ්ඩුව මුලින් ප්‍රකාශ කර සිටියේ, ඇය අනායාස මරණයකට ඇගේ ඔක්සිජ්න් අවසන් විමට පෙර භාජනය කල බවයි.මෙම පරික්ෂණයේ අරමුණ වුයේ සජීවී මගියෙකුට, අභයාවකාශයට දියත් කිරිමෙන් පසු ඔහුට ජිවත්විය හැකි බවත් බර රහිත බාවය දරගත හැකි බවත් ඔප්පු කිරීමෙන්, මනුෂ්‍ය අභ්‍යාවකාශ යානා සදහා මාර්ගය සකසාදීම සහ විද්‍යාඥයන් හට අභ්‍යාවකාශ පරිසර තත්වයන් හී සජීවී ජීවියෙකුගේ ප්‍රතික්‍රියා පිළිබදව ප්‍රථම දත්ත සැපයීමත්ය.

ලයිකා නමැති බැල්ල, නැවත කිසිදා ආපසු නාවාය.ඇය උඩුගුවනේ මියැදුණාය. තනිව හුස්ම හෙළුවාය. කණස්සල්ලෙන් යුතුව මියගියාය. අන්තිම හුස්ම හෙළන මොහොතේ ද භීතියෙන් ත්‍රස්ත වී සිටියාය.ඈ මොස්කව් හි වීදි දිගේ අයාලේ ඇවිද ගිය බැල්ලකි. අයාලේ යන බැල්ලකට කුමක් වුණත් කම්නැතැයි සෝවියට් සංගමය එදා සිතන්නට ඇත. ඈ හුරුබුහුටිය. දීප්තිමත් රෝම කළඹකින් යුතු වූවාය. එනිසා ඡායාරූපවලටත් ඇය ලස්සනට දිස්වනු ඇත… ඔව්.. ඇයට හිමිකාරයෙක් විණි නම් ඇයව වායෝ භූතයන් අතරට මෙසේ නොයවනු ඇත. ඇගේ ඉරණම මීට වඩා ලෝකය විසින් ප්‍රශ්න කෙරෙනු ඇත.

නමුත් එය එසේ වුණේ නැත. ඔව්.. මොස්කව් වීදියේ දඩාවතේ ඇවිදින සුනඛයෙක් ගැන වදවෙන්නේ කවුද?ඇය මිය ගියේ අජකාකාශයට විදිනු ලැබ පැය 5කට පසුව බව ඇතැම් වාර්තාවක දැක්වේ. නමුත් සෝවියට් සංගමය ඒ බව වසන් කළ බවට පුවත් තිබේ. කක්ෂගත කර දින කිහිපයක් ගත වන තෙක්ම ඇය ජීවතුන් අතර සිටි බව සෝවියට් සංගමය විටින් විට පැවසුවේය.ඇය මියගියේ අධික රස්නය හේතුවෙන් විය හැකිය. එම චන්ද්‍රිකාව සූර්ය තාපයෙන් බේරීමට නිසි පරිදි පරිවරණය කර තිබුණේ නැත.ඉතින් ඇය පණ පිටින් තැම්බී මිය ගියා වන්නට ඇත. අති දරුණු වේදනාවකින්, තමන් පණටත් වඩා විශ්වාස කළ මිනිස් සතා තමන්ට එසේ කළේ මන්දැයි සිතාගත නොහැකි දුකකින් කණගාටුවකින් ඇය මිය ගියා වන්නට ඇත.

ඒත් අයාලේ ගිය බැල්ලක ගැන වද වෙන්නේ කවුද?ඇයව කක්ෂයට යැව්වා විනා, ‘රිටර්න් ට්‍රිප් එක‘ හෙවත් ඇය පෘථිවිය කරා ආපසු එන ගමනක් ගැන තමන් කිසිදාක සැලසුම් කර තිබුණේ නැති බව සෝවියට් විද්‍යාඥයෝ පසුකලෙක පිළිගත්හ.එදා උඩු ගුවන ජය ගැනීම සෝවියට් දේශයේ සහ ඇමරිකාවේ පරම සිහිනයක් විය. එම පරම තරගයක් ද විය. ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් ඇරඹි සෝවියට් දේශයේ උඩු ගුවන ජය ගන්නා සිහිනය ‘මේනියාවක්‘ වී යැයි, ලයිකාගේ සැබෑ රූපරාමු සහිත පහත වාර්තා චිත්‍රපටය අපට යෝජනා කරයි.එනිසා, මිනිසා උඩුගුවන ජය ගැනීම ගැන උදම් අනන කිසිම විටෙක මේ ලයිකා නමැති අසරණිය අමතක කරන්න එපා. වසරක් පාසා, ලොව පුරා සිදුකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණවලදී එදා මෙදාතුර මිනිසා විසින් පර්යේෂණවලදී පාවිච්චි කරන ලද සුනඛයන්, චිම්පන්සීන් ඇතුළු මිලියන 115 ක් බවට සැලකෙන අසරණ සතුන්ගේ ඉරණමේ සංකේතය, ලයිකා නම් වන්නීය.