ඔයාගෙ සපත්තු හැමදාම අලුත් වගේ තියාගන්න ක්‍රම 10 ක්.

ඇත්තටම අපේ ආසම සපත්තු වලට වලට මඩ වැදිල දූවිලි වැදිල පරණ පාට උනහම දැනෙන දුක නම් කියල නිම කරන්න බෑ.මොකද අපි සපත්තු ගන්නේ යම් කාලයක් පාවිච්චි කරන්නයි.
වාසනාවකට සපත්තු දිගකල් පවත්වා ගන්න ඔයාට මුදල් වැඩිය වියදන් මෙන්නේ නැති ක්‍රම තියෙනවා.ඒ ක්‍රම මොනාද කියල අපි බලමු.

1. ඔයාගෙ ඇකිලුණු ලෙදර් හෝ බූට් සාත්තු නැවත යථා තත්ත්වයට පත් කර ගන්න නම්…

ඔයා ඒ සපත්තු කුට්ටම හොඳ ඝනකම මේස් දාගෙන කකුලට දා ගන්න.ඊට පස්සේ කොන්ඩය වියලන යන්ත්‍රයක් ( හෙයාර් ඩ්‍රයර් ) එකක් අරන් තත්පර 30 විතර සපත්තු දෙකට රස්නය වදින්න දෙන්න..හැබැයි ටිකක් දුරින් ඩ්‍රයර් එකෙන් හුළං අල්ලන්නත් වගබලා ගන්න.සපත්තු වල රස්නේ නිම්නට පස්සේ ඔයාට ඒක පාවිච්චියට ගන්න පුළුවන් .

2.වෙල්වට් රෙදි ඔයාගෙ සපත්තු වල පෙනුම අලුත් කරාවි.

ඔයා මේ වගේ සපත්තු සේදුවට පස්සේ වෙල්වට් රෙදි කෑල්ලකින් ඒක හොඳින් ඔප දාන්න.ඒකෙන් සපත්තු දෙකට අලුත් පෙනුමක් එනවා .කවුරුවත් හිතන එකක් නැ ඔයා මේ දාන්නෙ පරණ සපත්තු කියලා.

3.මේ වගේ හමින් නිමවපු සපත්තු වල තෙල් පැල්ලම් ආවොත්..

ඒ තෙල් පැල්ලම තියෙන තැනට ටැල්ක් පවුඩර් නැත්නම් පුයර ටිකක් ඉහල පැය 4 ක් 5 ක් තියෙන්න අරින්න.ඊට පස්සේ බුරුසුවකින් හොඳින් පිහ දාන්න.ටැල්ක් පවුඩර් වලට තෙල් වගේ දේවල් උරාගන්නා නිසා ඔයාගෙ සපත්තුවේ තෙල් තිබ්බද කියලවත් හොයාගන්න නැති වෙයි.ඔයගෙ සපත්තු කුට්ටම දුඹුරු පාට නම් ඒකට කෝපි කුඩු පාවිච්චි කරන්න .

4.සපත්තු කුට්ටම සුදෝ සුදු කරගමුද..

ඔව් .ඔයා දැක්කා හරි.ටූත් පේස්ට් දත් සුදු කරගන්න විතරක් නෙමේ අපිට සපත්තු සුදු කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන්.හැබැයි සපත්තු වලට ගන්න ටූත්පේස්ට් එකත් සුදු පාට වෙනවා නම් හොඳයි.මොකද ඒකෙ පාට සපත්තුවලට අල්ලන්න ඉඩ තියෙනවා.පරණ දත් බුරුසුවක් අරන් ටූත් පේස්ට් දාලා සපත්තුව හොඳින් අතුල්ලන්න.හැබැයි මේකට ලෙදර් කොටස් නම් සුදු වෙන එකක් නෑ.

5. තෙත බරියන් උන ලෙදර් සපත්තු වේලන්නේ මෙහෙමයි…

ඒකට හොඳ ම දේවල් තමයි පත්තර කඩදාසියි වගේම බේකින් සෝඩා.පත්තර කඩදාසි හොඳ ට ගුලි කරල සපත්තුව ඇතුලට ඔබන්න.පත්තර කීපයකින් සපත්තුව ආවරණය කරන්න.මේකට වැඩිය වර්ණ පිංතූර තියෙන කඩදාසි නම් ගන්න එපා.මොකද පාට අල්ලන්න බලයි.මේ පත්තර කඩදාසි පැය දෙකෙන් දෙකට මාරු කරන්න.ඔයාට ඉර එළිය නැතුවම සපත්තු වේලගන්න පුළුවන්.

6. ඔයාගෙ හම් සපත්තු වාශ්ප අල්ලලා අළුත් කරගනිමුද?..

සපත්තු පාවිච්චි කරන්න කරන්න ටික ටික වෙනස් වෙනවා.ඉතින් මේ ක්‍රමය කලොත් ඔයාගෙ හම් සපත්තු වල ආයු කාලය වැඩි කරග්න්න පුළුවන් වේවි කරන්න තියෙන්න වාෂ්ප සහිත අයන් එකක් අරන් ඒ වාෂ්ප ටිකක් දුරින් සපත්තුවට වැදෙන්න සලස්වන එක විතරයි.

  1. ඇදුනු ලෙදර් සපත්තු වලට…

කේතලේට වතුර ටිකක් දාල උණු කරල ගන්න..මේ නටන උණු වතුර සපත්තුව උඩට වත් කරන්න.තත්පර කීපයක් එහෙමම තියලා ඒක වේලෙනකම් ටිකක් වෙලා කකුලේ දාගෙන ඇවිදින්න.

  1. ඔයාට සපත්තු වල ගඳ අයින් කරගන්න ඕනද…

එහෙනම් 6% ත් 9/%ත් වගේ සාන්ද්‍රනයක් සහිත විනාකිරි ටිකකින් පුළුන් කොටසක් පොඟවලා සපත්තු වල ඇතුල පිහිදාන්න.ඊට පස්සේ එළියෙන් වේලෙන්න තියන්න.ඔයාගෙ සපත්තු වල දුගඳ නැති වේවි.

9.කැන්වස් සපත්තු පිරිසිදු කරගන්නේ මෙහෙමයි..

සපත්තු කුට්ටම පොඩ්ඩක් තෙත් කරල මුලු සපත්තුව පුරාම බ්ලීචින් පවුඩර් බ්‍රශ් එකක් ආධාරයෙන් ගා ගන්න.හොඳින් වේලුනාට පස්සේ මේක පිහදාලා නැවත ජලයෙන් සෝදා වියලා ගන්න.

10. ජලයෙන් තෙත් නොවෙන සපත්තු කුටමක් ඕන නම්…

සපත්තු දාර ව්ටේම කිප පාරක් ලින්සීඩ් තෙල් (හණ ඇට ) ආලේප කරන්න.

ඔයාගේ අදහස් අපට කියන්න.වැදගත්නම් යාළුවටත් ශෙයාර් කරන්න