හයිබ්‍රිඩ් බැටරි අලුතින් හදන්න පුලුවන්ද ,දැනුවත් වෙන්න

“මොකටද ලොක්කා! ඕක ලිව්වා කියලා මහ ලොකු දෙයක් වෙයි යෑ. ගිරවට රස්සාව නැතිව වයස යයි යැ: ගිරවාට පේමන්ට් එකට ගොඩවෙන්න බැරි වෙයි. මිනිස්සු මගෙන් අහන්න ගනීවි විස්තර. එච්චරයි.නොලියා හිටියා නම් තමයි නේද සුදුසු. ගිරා පැටියා කොළේ අල්ලා ගත්තා. අහවල් කොළයට ළංවෙද්දී මම ගිරවට පොඩි මැසේජ් එකක් දෙනවා. ගිරවා හොටෙන් කොළේ ගන්නවා. ඔන්න ඔච්චරයි සාස්තරේ. මිනිහෙක්ගේ මූණ බලලා ඒ මනුස්සයට අදාළ විස්තර කියන කොළේ හොටෙන් ගන්න කියලා දෙන මැසේජ් එකේ තියෙන්නේ ජීවත්වීමේ සාත්තරය විතරයි.” ඔහුට ඉඩ දිය යුතුයි නේද. ඒත් මෙහෙමම එහා මෙහා වීමක්. ගිරවා හැරපියා දමා සාස්තරකරු එක්වරම අඳුරු අවන්හලකින් පහළවීමක්. එය කුකුසක් වර්ධනය කරන යමක් ලෙස ගත නොහැකියි. මිනිසුන් තම කැලෑසිය එක් වරම වෙනස් පාටකට හරවා ගන්නා රටක, අලුතින් දෙයක් නොසාදා සාදා ඇති දෙයක් මිල කර කාටද බැරි අවන්හල් මිහිර විඳින්න. ඒත්! පව්නේ අප්පා ගිරවා: මළාද දන්නෙත් නැහැ. එවැනි අදහස් නූල් බෝලයක කෙළවර සොයා සිටින විටදී ඔහු ඉදිරියට පැමිණියා. එවැනි සැබෑ අවශ්‍යතාවන් ඉන්ද්‍රජාලික පුදුමයන් පිළිබඳ කරුණු කාරණා නොදන්නා සේම පෙර කී ලෙස ඉන්ද්‍රජාලික පුදුමයන් සියල්ලේම පියා බවට නැවත පත්වන්නේ අහම්බයමයි. (දේවානි ජයතිලක ගැන මඳක් සිතන්න මිත්‍රවරුනි)

“ගිරවා අතහැරිලා කියලා වැඩක් වෙන්නේ නැහැ. කූඩුවෙන් තොර ජීවිතයක් සතාට නැහැ. එයා අපේ නංගි ගාව. දැන් නම් වැඩක් පළක් කරන්නේම නැහැ. මැසේජ් එකට අනුව කාඩ් එක හොටෙන් ගැනිල්ලත් දැන් අමතකයි. අනෙක මිනිස්සු දන්නේ නැහැ මම කාලයක් ගිරා සාත්තරකාරයෙක් කියලා. දැනගෙන හිටි අයටත් දැන් අමතකයි. ඔයා වගේ දෙතුන් දෙනෙක්ට හැර. දැන් මම වාහන බිස්නස් කරන්නේ. බයි ඇන්ඩ් සෙලින් වැඩ නෙවෙයි. බයි කරපු කෙනෙක්ව හරියට සෙලින් කරලා දීලා අතට ගාණක් හොයා ගන්න වැඩක්. වැඩේ සාරයි. මාසෙකට වාහන දෙකක් ගියොත් ගොඩ. එක වාහනයක්වත් තවත් වාහනයක් එක්ක මාරුවට ගියොත් වැඩේ ගොඩේ ගොඩ. අවට යුතුකම් කරලා කාලා බීලා හවසට නොවරදවාම අඩියක් ගහලා පැත්තකට වෙනවා. පේමන්ට් එකේ ගිරවෙක් එක්ක ජීවත් වෙන්න ගේමක් දුන්නු මම chr/Crv/mg/ 2020 අලුත්ම ජීප් /Prado Montero එක්ක තමයි අද ගේම දෙන්නේ.”

කාලය මැවු වෙනසක අරුමේ. ආපහු ජීවිතය හරවා ගන්න නම් පොඩි දෙයයි කළ යුත්තේ. ජීවිතය ලොකුවට ගනන් නොගෙන ගලාගෙන යන්න ඉඩ දෙන එක. ඒක තමයි විධිය.

ඉන්පසුව පරණ ගිරා සාත්තරකාරයා අලුතින් ගත්තොත් ඛේ‍රා්කර්වරයා, පත්තරකාරයාට (?) රාත්‍රි භෝජනය සඳහා ආරාධනා කළා කියමුකෝ. සිහින්ව සංගීත භාණ්ඩ සුසරවන වටපිටාවක: නැඟගෙන ආවේ සිහිල් සුළං රැල්ලේ කියමුකෝ. ගල් අරක්කු ඩිංගක් බ්‍රැන්ඩි කර ගන්නා පුදුමය වික්ටර් රත්නායකයන් පහදා දී තිබුණේ “දාන්න හොඳින් නිවා ගත් කෝපි ඩිංගක්” ලෙස. වික්ටර්ගේ ගීතයකට සවන් දී සිටින විට ගල් අරක්කු බෝතලයක් මේසය මත වන විට: ඇය කෝපි කෝප්පයකුත් රැගෙන පැමිණියා කියමුකෝ.

“මේ තමයි මගේ ජීවිතය වෙනස් කරපු යෝධි.” බෙහෙවින්ම ඔතෑනි ඒ මුත්; නොවන කුළු ගැහැනිය යන්තමට සිනාසී ඔහුගේ වචන අතර රැඳි ගෞරවය පිළිගත්තා. ගිරවා සහ පේමන්ට් එක අතහැර දමන්නට ඉන්පසුව ජීවිත ඉරණම වෙනස් කර ගන්නට මෙම ගැහැනිය ලබාදුන් ජවය පිළිබඳවයි ඉන්පසුව බේ‍රා්කර්වරයා අවධානය යොමු කළේ. අහම්බයකින් සිදුවූ අපගේ හමුව වික්ටර් මහතාගේ ගීත, බලෙන් බ්‍රැන්ඩි බවට පත් කර ගත් ගල් අරක්කු සමඟ කදිමට පෑහී ප්‍රබන්ධයක් කරා ඇදී ගොසින් කීම නිවැරැදියි. ගීතයක ගුරු අරුත් බුදින විට අප එහි කොටස්කරුවන් බවට පත්වනවානේ. බේ‍රා්කර්වරයාගේ අපූරුම අපූරු සුදු නංගිත් එහෙමයි.

සියලු අවශ්‍යතා සංතෘප්ත වීම යනු ඉන්ද්‍රියන් එකිනෙකට ගැටගැසෙන මොහොතක්. අප සිටියේ එවන් වටපිටාවක. සීතල, එය පලවා හරින මෙවලම්, පිරිමියෙකුට ගැහැනියක් පිළිබඳ ගිනීමට ඇති ළද බොළඳ වදන්, ඒවාට හොඳින් ඇහුම්කන් දෙන තවත් පිරිමියෙක්, ඒ පිරිමියාගෙ හිස තුළ මැවුණු මේ ගැහැනියට සමාන තවත් ගැහැනුන්……….. කතාවක් ප්‍රබන්ධය තුළ දික් ගස්සවන්න කියාපු කාරණා.

මොහු සැබැවින්ම ඇය ඉදිරියේ කුඩා දරුවෙක්. නිච්චියටම ඇයව සුසාන භූමිය කරා රැගෙන යන දිනයේදීත් ඔහු ජීවතුන් අතර සිටියොත් ඒ කුඩා දරුවෙක් ලෙසින්මයි. ඇය ඔහුව විශ්වාස කරන්නේ තව කෙනකුට විශ්වාස කළ නොහැකි වන අයුරින්. ඔවුනොවුන්ගේ ජීවිතවලට ඒකත්වයක් රැගෙනවිත් ඇත්තේ ඒ විශ්වාසයමයි. බේ‍රා්කර්වරයෙක් ලෙස අමුතු රැකියා මාදිලියක් කරන්නකුට ඇතත් නැතත් විශ්වාසය වඩා වැදගත් දෙයක් කොයින්ද? සිදුවන සියල්ල කොයි යම් මුහුණුවරක් ගත්තත් මොහු සැබැවින්ම ඒවා තමන්ට යුරු ලෙස සකසා විශ්වාසය දක්වා ඇති. බේ‍රා්කර්වරයා එහෙම වුණාට මොකෝ. බැරැක් ඔබාමාත් එහෙම වෙද්දී. ඔබාමා ළඟදී දිනෙක මිෂෙල් ගැන කිව්වා මෙහෙම කතාවක්. “අවුරුදු 15කින් අප අතර ගැටුම් නැහැ. අවුරුදු 15කට කලින් මම තීරණය කළා කිසිම හේතුවක් නැතිව මිෂෙල්ව විශ්වාස කරන්න.”

ඔවුනොවුන් පිළිබඳ කතාව දිගු දිර ඇදුණා සේයි. හැම හමුවීමක්ම මම පුවත්පතකට ලඝු නොකළත් නොවරදවාම සිදුවන්නේ පුවත්පතට, විශේෂයෙන් පාර දිගේ අතිරේකට ගැළපෙන යමක් ඒ හමුවීම් අතරතුර පිටපැනීම. (උදාහරණයක් : මම ගියා රුපියල් 1500ක් කුකුළු මස් මිලට ගන්න. කඩ හිමියා මුසල්මානුවෙක්. තිහාරියානුවෙක්. කතාබහ ඇති වුණා. සමීප වුණා. ලොකු ලොකු කම්පැනිකාරයෝ බේ‍රායිලර් කුකුල්ලු හදා වඩා ගන්න හැටි පිළිබඳව. “අන්තිම දවස් දෙකේ කුකුළුන්ට කෑම දෙන්නේ නැහැ. කුකුළු කූඩුවේ පොළොවට දාලා තියෙන්නේ කුඩු ගල්. සත්තු බඩගින්දර දරා ගන්න බැරුව අර කුඩු ගල්වලට කොටනවා. ඒවා කනවා. සතා මරද්දී වැලි බොක්කේ ග්‍රෑම් 150/200 කුඩු ගල්. ඒ එක සතෙක්ගෙන්. සත්තු හාරපන්සීයක් එක දවසකට තමන්ගේ ඇඟේ බර ග්‍රෑම් 175 ගාණේ වැඩිකරලා දීලා මරණයට කැපවුණාම කොහොමද ලාභේ.” මේ සතාව කවුරු හරි ගොයියෙක් උදුරා නොගත්තොත් සම්පූර්ණ කතාව ලබන සතියේ කියවමු. ගත්තත් කාරි නැහැ. මොකද ඕනෑතරම් මිනිස්සු මුණගැහෙන්න නියමිතයිනේ) වාහනවල ඇන්දිල්ල විශේෂයෙන් හයිබි්‍රඩ් වාහනවල ඇන්දිල්ලත් පිට පැන්නෙ ඔය ආකාරයට. ඇයට ඇමැතුමක් ලැබුණා. ඒ ඇමැතුම සමඟ ඇය භෝජනය සහ කෝපි පානය ඇත්හැර දැමූ බවකුයි දිස්වුණේ. “ආයෙත් අර කෙහෙල්මල් යුනිට් එක. කලියෙන් වික්ක වාහන වලට ගහල තිබුණු කෙහෙල්මල් යුනිට් එක ඒ වාහනයටත් ගහලුලු. ඒ මිනිස්සු කෑගනවලු. හයිබි්‍රඩ් බැට්රි එක ලක්ෂ 4ට කිට්ටුයිනේ. ඒත් ඔරිජිනල් නෙවෙයි. මිනිස්සු මෙහෙම ගේම් ගහන්න ගත්තොත් අපි රස්සාව කරලා ඉවරයි. ඇයි අනේ අපි ටෙක්නීෂියන්ලායැ. කල්පැන්න හයිබි්‍රඩ් බැට්රිවලට ඒ කියන්නේ මැරිච්ච හයිබි්‍රඩ් බැට්රිවලට කාර් බැට්රියෙන් කරන්ට් දීලා අතරමැදි ගේමක් හමන අලුත් යුනිට් එකක් ඇවිත්. ඒ යුනිට් එක හයිකරලා දවස් දෙකක් විතර හයිබි්‍රඩ් බැට්රි එක දුවවන්න පුළුවන්. කම්පැනි දාලා චෙක් කළත් හොයා ගන්න බැරි යුනිට් එකක්. පොඩිම පොඩි ගැජට් එකක්. ඒ ගැජට් එක හින්දා අපි හාන්සි. අපි මැදිහත්වෙලා විකුණපු වාහන දෙක තුනකුත් ඒ විධියට අන්දලා තිබුණා.

බේ‍රා්කර්වරයා තමන්ගේ රැකියාවට වින කටින අලුත් යුනිට් එක ගැන කිව්වේ මෙහෙම කතාවක්.

“ජපානයේ වාහන හදන එක කම්පැනියක් බංකොලොත් වුණාට පස්සේ ඒ කම්පැනියේ වැඩ කරපු වැඩකාරයෝ ගොඩක් සචෝලා හරහා ලංකාවට ආවා. ඒ කාලේ හයිබි්‍රඩ් වාහන ලංකාවට ඇවිල්ලා තිබුණේ නැහැ. එන්ජින් එකේ ඔයිල් දිවිල්ල, රෙඩියේටර් එහෙක අප්සෙට් ගිහිල්ලා වාහනයේ ගෑස්කට් යනවා වගේ වැඩවලට අදාළ පොඩි පොඩි ගැජට් ඒ අය හැදුවා. වාහන අන්දලා විකුණන එක ඇතුළේ ඒ වගේ ගැජට් ගොඩක් ජනප්‍රිය වුණා. ඇත්තම කතාව කිව්වොත් ජපන් වාහන ලංකාවට ගෙන්වලා අන්දලා විකුණන්නේ නැතිව විකුණන්න විධියක් නැහැ. මීටරය ආපස්සට කරකවලා ෂීට් බෙල්ට් එකේ තියෙන නිෂ්පාදිත වර්ෂයට හඳුන්කූරු ගින්දර අල්ලලා තමයි ඇන්දිල්ල පටන් ගන්නේ. හයිබි්‍රඩ් වාහන ලංකාවට එද්දී කවුරුවත් හිතුවේ නැහැ ඒ වාහනවලටත් මෙහෙම ගේමක් ගහයි කියලා. අපි අපේ කැඩිච්ච හෑන්ඩ් ෆෝන් එක බැට්රිය ගලවලා පිහදාලා ආයේ පාරක් චාර්ජ් කරන්න ගත්තම එකපාරටම චාර්ජ් වුණා කියලා පෙන්නලා එක පාරටම සීරෝ වෙන්නේ, ඒ වගේ වගේ ගේමක් තමයි හයිබි්‍රඩ් බැට්රියටත් කරන්නේ. කාර් බැට්රියෙන් කරන්ට් එක අරගෙන ඒ කරන්ට් එක ගබඩා කරලා හයිබි්‍රඩ් බැට්රියට දෙනවා. ඒක කරන්නේ අර යුනිට් එක හරහා. මිනිස්සු හිතන්නේ හයිබි්‍රඩ් බැට්රිය හොඳ තත්ත්වයේ කියලා. ඩෑෂ්බෝඩ් එකේ තියෙන සිග්නල් ඉන්ඩිකේට් කරන්නේත් බැට්රියට හොඳයි කියලා. ඔය විධියට ගියොත් බැට්රිය පුපුරන්න පුළුවන්. බැට්රිය පුපුරලා වාහන ගිනි ගත්තොත් මහ විනාශයක්. ඕනෑම බැට්රියක පොඩි කරන්ට් එකක් වාහන බොඩියට ලීක් වෙනවා. ඒක වැඩිපුර ලීක් වුණොත් මොකක්ද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. දැන් හයිබි්‍රඩ් බැට්රිය අන්දන්න ලංකාවේ හදපු යුනිට් එකෙන් සිද්ධ වෙන්නේ ඔය දේ.

බේ‍රා්කර්වරයා එලෙස පවසා සිටියද ඔහුගේ ආර්ථික දැනුම මෝටර් රථයක කාර්මික දැනුමට සමපාත නොවන නිසාවෙන් ඒ පිළිබඳ දැනුවත්වීමට දුරකථන මාර්ගයෙන් අප සම්බන්ධ කර ගත්තේ අංක 13 පැතුම් උයන, නයිවල, වේයන්ගොඩ ලිපිනයේ ඇති සුදේශ් මෝටර්ස්හි මෝටර් රථ කාර්මික ඉෂාර සුභාෂණය. ඉෂාර සුභාෂණ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙලෙසය.

දෙමුහුන් මාදිලියේ මෝටර් රථයක් සරලව හයිබි්‍රඩ් මෝටර් රථයක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ඉලෙක්ටි්‍රක් සහ පෙට්රල් වර්ග දෙකම ඉන්ධන ලෙස භාවිත කරන මෝටර් රථ මාදිලියක් කියන එක. PHEV කියන්නේ ඉලෙක්ටි්‍රක් පෙට්රල්වලට අමතරව ඉන්ධන ලෙස තවත් බලයක් යොදා ගන්නා මෝටර් රථවලට. ඒ බලය බොහෝ විට ගොනු කරන ලද බලයක්. සරලව පවසා සිටියොත්, පෙට්රල්, හයිබි්‍රඩ් සහ චාජින් බලය ලෙස යොදා ගන්නා මෝටර් රථ. ලංකාවට විවිධ කම්පැනි හරහා මෙවැනි මෝටර් රථ ආනයනය කරනවා. උදාහරණයක් ලෙස එක කම්පැනියක් ගෙන්වන මෝටර් රථ EV මෝඩ් එකක් එක්ක දුවන ඒවා. තවත් කම්පැනියක් භාවිත කරන්නේ IMA කියන තාක්ෂණය. ඒ කියන්නේ මෝටර් එකක් එක්ක ඇසිස් වෙලා තමයි ඒවා වාහන හයිබි්‍රඩ් වෙලා තියෙන්නේ. වැඩිපුර බලයක් වාහනයකට අවශ්‍ය වුණාම IMA හරහා ඒ බලය ලබාදෙනවා. මේ මාදිලි වර්ග කිහිපයට අයත් හයිබි්‍රඩ් වාහන ලංකාව තුළ භාවිත වෙනවා. මෙම වාහන මාදිලි කිහිපයකට පොදු කරුණ තමයි බැටරිය ඉතා ඉක්මනින් අක්‍රිය වීම. සාමාන්‍යයෙන් එම බැටරියක් ලංකා මුදලින් 3,40,000ක් පමණ වෙනවා. රීකන්ඩිෂන් බැට්රියක් 1,80,000ක් 2,00,000ක් පමණ වෙනවා. අනෙක් කරුණ බේ්‍රක් ABS එක. එක කම්පැනියක් ජපානයෙන් ආනයනය කරන වාහනවල ABS එක සවුත්තු වෙන්නේ බේ්‍රක් පෑඩ් දාන්න ගියාම බේ්‍රක් ඔයිල් අරින්නේ නැතිව එකපාරටම එහෙම්මම ඇතුළට දැමීම සහ බේ්‍රක් ඔයිල් මාරු නොකිරීම නිසා. තවත් කම්පැනියක් ලංකාවට ගෙන්වන හයිබි්‍රඩ් වාහනවල අලුතින් ඩුවෙල් ක්ලච් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි ඒ අය වැඩිපුර බලයක් ඇන්ජිමට ලබා දෙන්නේ. ලංකාවේ තියෙන ට්‍රැෆික් මෝඩ් එකට ඒ වාහන තප්පර 30-40ක් පාකින් මෝඩ් එකට දාන්න වෙනවා. එහෙම නොවුණොත් මැනුවල් වාහනයක් වගේ ක්ලච් බැලන්ස් එකේ තියා ගන්න වෙනවා. එහෙම වුණොත් ක්ලච් එක යන්න තියෙන ඉඩකඩ වැඩියි. සමහර වාහන අලුතින්ම ගෙන්නුවත් ඔය දේ විය හැකියි. තවත් කම්පැනියක් ලංකාවට ගෙන්නුවොත් හයිබි්‍රඩ් වාහනවලදී ඕඩිනේටර් බෙල්ට් එක කැඩෙන එකෙන් වගේ බැට්රියට හානි සිදුවිය හැකියි. බැට්රියක ධාරිතාව අඩු වුණොත් සිදු කළ යුත්තේ එය වාහනයෙන් ඉවත් කර ආරෝපණයකට ලක් කිරීම. එසේ නොමැතිනම් බැට්රියට බැට්රියක් අලුතින් වාහනයට දැමීම. හැම සර්විස් වාරයකදීම වැඩි අවධානයක් එවැනි වාහනවල ඕඩිනේටර් බෙල්ට් එකට යොමු කළ යුතුයි.

ලංකාවේ වාහන භාවිත කරන අය වාහන ගැන මිසක් වාහනයට අදාළ ටෙක්නිකල් දැනුම ලබාගෙන නැහැ. වාහනයක හයිබි්‍රඩ් බැට්රිය අකර්මණ්‍ය වුණා කියමු. බැට්රියට බැට්රියක් නොදමා වාහන විකුණන දැන් වාහන උගුල් එහෙමත් නැත්නම් ඇන්දිලි ක්‍රියාත්මක කරනවා. වාහනයක බැට්රිය අකර්මණ්‍ය යැයි කියා ඒ බව දන්වන සිග්නල් එක පත්තු වෙන්නේ ඒ කියන්නේ බැටරිය මෙෂර් කරන්නේ වෝල්ටේජ් එක බැටරි ෂෙල් එකක් අතරින් 13ට වඩා පහළ බැස්සොත්. එතකොට තමයි බැට්රිය වීක් කියලා ලයිට් එකක් ඉන්ඩිකේට් කරන්නේ. දැන් අපේ අය කරන්නේ එළියෙන් යුනිට් එකක් හදනවා ඉන්ඩිකේට් බල්බ් එකට බොරු සිග්නල් එකක් කොයි වෙලාවෙත් දීලා තියෙන එක. ඒක සරල නැහැ. ඒ වගේ වාහනයක් පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ බැට්රියේ ධාරිතාව කෙටි වේලාවක් තුළ වඩාත් ඉහළ යෑම මඟින්. සාමාන්‍ය වාහනයක බැට්රියක් චාර්ජ් වෙන්නේ සහ ඩිස් චාර්ජ් වෙන්නේ එක රිද්මයකට. අර වගේ හොර යුනිට් එකක් හයි කරලා අන්දපු බැට්රියක් එක පාර චාර්ජ් වෙනවා. ඒ වේගයෙන්ම ඩිස් චාර්ජ් වෙනවා. ඔය හොර යුනිට් එක පිටරටින් ගෙන්වන අවස්ථාත් තියෙනවා. වැඩිපුර සිද්ධ වෙන්නේ ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කරන අය වැඩිපුර ට්‍රාන්ස්සිස්ටර් ටිකක් ගහලා වෝල්ටේජ් එකේ ඩිලේ එකක් දාලා කැපෑසිටි එක බොරුවට හදලා දෙන එක. ඒ නිසා හයිබි්‍රඩ් බැට්රිය පුපුරන්නත් පුළුවන්. බැටරිය පුපුරලා ඒ බැටරියේ ලික්විඩ් එක එළියට ඇවිත් සේෆ්ටි ප්ලග් එක හානි වුණොත් වාහනේ බොඩි එකට බැට්රිය වෝල්ටේජ් එක ලීක් වෙනවා. එතකොට අනතුරු වැඩියි. ඒ නිසා මේ ගැන හැමදෙනාම සැලකිලිමත් විය යුතුයි.