මනස්කාන්ත පෙනුමක් ලබා ගැනීමට ඔබට උපකාරී වන පුරුදු

දවස ගානේ මේකප් කරනවා කියන එක ගොඩාක් වෙහෙසකර හා කාලය ‍යන වැඩක්. ඒක නිසා අපි කවුරුත් කැමතියි මේකප් නැතුව අපිට ලස්සනට ඉන්න පුලුවන්නම්. ඇත්තටම එහෙම මේකප් නැතුව ලස්සනට ඉන්න පුලුවන්. එහෙම ස්වභාවික ලස්සන ඉස්මතු කිරීමට දායක වන පුරුදු 10 ක් තමයි අද රැජිණිය ඔයාලට අරගෙන එන්නේ.

‌01. සිල්ක් කොට්ට උරයක් සහිත කොට්ටයක් භාවිත කරන්න

ඔබ දන්නවාද ඔබට නින්දේ දී පවා ඔබේ රුව ඔප්නංවා ගත හැකියි. ඔබ නින්දට යාම සදහා භාවිතා කරන කොට්ටයට සිල්ක් කොට්ට උරයක් යොදා භාවිතා කරන්න.එමගින් ඔබේ හිසේ සම සහ කෙස් ගස් අතර ඝර්ෂණය අවම කරයි. එමගින් නින්දේදී ඝර්ෂණය නිසා හිසකෙස් වලට වන හානිය අවම කරයි. එසේම එමගින් සම සහ හිසකෙස් පිරිසිදුව තබා ගැනීමට උපකාරී වන අතර අධික ලෙස වියළීමද වළක්වයි.එසේම මතක තබා ගන්න ඔබ කපු කොට්ට උරයක් භාවිතා කරන විට කපු වලට ඔබේ ස්වභාවික තෙල් අවශෝෂණය කරගෙන ඔබේ කුරුළෑ හා ලප කැළැල් ඇති වීම අවම කරනවා. ඒ අනුව ඔබ ඔබගේ අවශ්‍යතාවය අනුව කපු හෝ සිල්ක් කොට්ට උර භාවිතා කරන්න.

  1. සැලිසිලික් අම්ලය භාවිතා කරන්න

මැරුණු සෛල මගින් ඔබේ සමේ සිදුරු අවහිර කරන අතර, එමගින් රතු පැහැයක් ගැනීම සහ කැළැල් ඇති වීම සිදුවේ. සැලිසිලික් අම්ලය මෙම සමේ සිදුරු තුළ සිරවී ඇති මැරුණු සෛල ඉවත් කිරීම සිදු කොට ඔබේ සම පිරිසිඳු කොට සමට හොඳ පෙනුමක් ලබාදෙනවා.ඔබේ සම මත අම්ල භාවිතා කිරීමේ අදහස බියජනක විය හැකියි, නමුත් ඔබ එය මධ්‍යස්ථව භාවිතා කළ විට ඉන් හානියක් වන්නේ නැත. සැලිසිලික් අම්ලය නිසි ලෙස භාවිතා කරන විට, එය ඇත්ත වශයෙන්ම බෙන්සොයිල් පෙරොක්සයිඩ් වලට වඩා අඩු දැවිල්ල ගතියක් තමයි තියෙන්නේ. එය ඇත්තටම ඉතා සියුම් දැවිල්ලක් පමණයි. සේරම්, ටෝනර් හෝ ෆේස් මාස්ක්ස් වැනි සැලිසිලික් අම්ලයේ අඩු සාන්ද්‍රණයක් (මුහුණේ භාවිතා කරන්නේ නම් 0.5% සිට 2% පමණ) සොයා ගන්න.

  1. මුහුණට සම්බාහනයක් ලබාදෙන්න

ඔබේ මුහුණට සම්බාහනයක් ලබා දීම මගින්ද ඔබේ මුහුණේ ලස්සන වැඩි කරගන්න පුලුවන්. මේ සදහා ඔබට ස්පා එකකට යන්න අවශ්‍යය වෙන්නේ නැහැ.ඔබට ඔබේ සමේ ස්ථායිතාව වැඩි කිරීමට අවශ්‍ය නම්, ගැඹුරු, උත්තේජක චලන ඔබේ මුහුණට යොදන්න. ඔබට ඇත්තේ ඉතා සංවේදී සමක් නම් සම්බාහනය ඉතා මෘදු ලෙස කරන්න. හොඳ සම්බාහනයකින් විෂ හා අතිරික්ත අපද්‍රව්‍ය ඉවත් කළ හැකියි. ඇස් වටා සම සම්බාහනය කිරීමෙන් වැළකීමට මතක තබා ගන්න, මොකද ඒ ප්‍රදේශයේ සම වඩා මෘදු බැවින් පීඩනයකට ඔරොත්තු නොදිය හැකිය

  1. ඇහි බැම ලස්සනට සකසා ගන්න.

ඔබේ ඇහිබැම සැකසීමේදී විවිධ ක්‍රම ඇති අතර ඔබට වඩාත් ගැලපෙන විලාසිතාව සොයා ගන්නා තෙක් එක් එක් විලාසිතා අත්හදා බලන්න. ඇත්තටම ඔබට මේ සදහා ට්වින්සරයක් අවශ්‍යයම නැහැ.ඇත්තටම ට්වින්සරයෙන් ඔබේ ඇහිබැම ඕනෑවට වඩා ගැලවිලා යන්නත් පුලුවන්. පෙන්සිල් හෝ පවුඩර් භාවිතා කිරීමෙන් ඔබට හොඳ හැඩයක් නිර්මාණය කළ හැකිවා පමණක් නොව, ඔබේ ඇහි බැම ට්‍රිම් කර ගැනීමට අවශ්‍ය වූ විට, කතුර භාවිතා කිරීම සෑම විටම පාහේ ප්‍රතිඵලදායක වේ.

  1. ඇහිපිහාටු වල එඬරු තෙල් ආලේප කරන්න

‌එඬරු තෙල් මගින් ඔබේ ඇහි බැමි වල දීප්තිය හා ප්‍රභාව වැඩි කර පෙන්වනවා. එඬරු තෙල් මගින් ඇහි පිහාටු වර්ධනය වන වේගය අඩු වූවත් ඇහි පිහාටු ඝන කරයි.

  1. පෝෂණය වැඩි කර ගැනීම සදහා සෙරම් භාවිතා කරන්න

ඔබේ ස්වභාවික සමට අමතර දේවල් එකතු කරන්නට කලින් ඔබට ස්වභාවික සමට හොද සත්කාරයක් ලබා දෙන්න. සම නිරෝගීව තබා ගැනීමටත්, රැළි හා අඳුරු පැල්ලම් ඉවත් කර ගැනීම සදහාත් සමට සේර්ම් යොදන්න.සාමාන්‍යයෙන් ඒ සදහා ගත වන්නේ බින්දු කිහිපයක් පමණි. මතක තබා ගන්න, සෙරම් දෙකක් සමාන නොවන අතර, සේරම් මගින් කළ හැකි දේ අමුද්‍රව්‍ය මත රඳා පවතී, එබැවින් ඔබට එහි ඇති අමුද්‍රව්‍ය පිලිබද සැලකිලිමත් වී වෙලඳපොලෙන් මිලදී ගන්න.අමතර පෝෂණයක් සදහා හැකිනම් දිනපතා ෆේස් මාස්ක් එකක් භාවිතා කරන්න. මේ සදහා වැය වෙන්නේ පොඩි පරිශ්‍රමයක් විතරයි සහ පොඩි වේලාවක් විතරයි.

  1. ලෙමන් වතුර පානය කරන්න

‌ඔබේ සම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සදහා ගොඩක් ක්‍රම තියෙනවා. වැඩිහිටි කාන්තාවන්ට විටමින් සී ගැනීමෙන් සමේ දීප්තිමත් බව මෙන්ම අඳුරු ලප සහ රතු පැහැය අඩු කර ගත හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.ඔබේ දෛනික විටමින් සී අවශ්‍යයතාවය සඳහා පහසු විසඳුමක් තමයි, නැවුම් ලෙමන් සමඟ උණු වතුර කෝප්පයක් සමඟ දවස ආරම්භ කරන්න.

  1. අව්ව අඩු දවසට පවා සන්ස්ක්‍රීන් ආලේප කොට එලියට යන්න

සන්ස්ක්‍රීන් මගින් ඔබව අව් රශ්මියෙන් ගලවා ගන්නා බව ඔබ දැනටමත් දන්නවා.එමගින් ඔබව නොමේරූ වයසට යාමෙන් ගලවා ගන්නා අතර, ඔබේ පැහැය පවා පවත්වා ගෙන යයි. එසේම ඔබේ සමට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වන කෙරටින් සපයයි. එසේම එමගින් සමේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කර ගත හැකිය. මතක තබා ගන්න, සීතල නිසා හානිකර පාරජම්බුල කිරණ නොමැති බවට සිතනවානම් එය වැරදියි. ඇත්ත වශයෙන්ම, සමහර රටවල ශීත ඍතුවේ දී පෘථිවිය සූර්යයාට සමීප වන අතර හිම මගින් පාරජම්බුල කිරණවල බලපෑම දෙගුණ කරයි.

  1. ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරගන්න

‌ක්‍රමවත් රුධිර සංසරණ පදධතියක් මගින් ඔබේ සම නිරෝගීව තබනවා වගේම සමට තරුණ පෙනුමක් ලබාදෙනවා. ඔබේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් කර ගැනීම සදහා විවිධ ක්‍රමවේද තියෙනවා.අත් දෙකෙන් සිට ගැනීම,ඇරොබික් ව්‍යායාම කිරීම හා මුහුණට ෆේෂල් කිරීම වැනි දේවල් මගින් රුධිර සංසරණය කරමවත් කරගන්න පුලුවන්.

  1. ඔයාගෙම ස්ටයිල් එකක් නඩත්තු කරන්න

මතක තබා ගන්න, සෑම කෙනෙකුටම තමන්ගේම විලාසිතාවක් ඇත.වැදගත්ම දෙය නම් ඔබට වඩාත් ගැලපෙන දේ සොයා ගැනීම සහ එම රටාව ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීමයි. ඔබගේ විලාසිතාවට අදාලව ඔබගේ සියලුම ඇඳුම් හා ආයිත්තම් භාවිතයට ගන්න.