අභ්‍යවකාශයෙන් චිනයට ගුවන් විදුලි සංඥාවක්

මේ විශ්වය ඉතා සංකිර්ණ වී පවති.චීනයේ මීටර් පන්සියයක විවරයක් සහිත ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂය (මීටර් පන්සියයක විවරය ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂය) වෙත අභ්‍යවකාශයෙන් අද්භූත ගුවන් විදුලි සංඥාවක් ලැබී ඇති බවට වාර්තා වේ.මෙම ගුවන් විදුලි සංඥාව ෆාස්ට් රේඩියෝ බාස්ට් (එෆ්.ආර්.බී) නමින් හැඳින්වෙන අතර, මෙය කිහිප වරක්ම එකී ගුවන් විදුලි දුරේක්ෂය වෙත ලැබී ඇති බවට පැවසේ.පසුගිය බදාදා දින චීන විද්‍යා ඇකඩමියට අනුබද්ධ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය විසින් මෙහෙයවන ෆාස්ට් ව්‍යාපෘතියේ සේවය කරන විද්‍යාඥයින් විසින් මෙම පුවත පළමු වරට මාධ්‍ය වෙත හෙළිදරව් කරන ලදී.

චීනයේ ෆාස්ට් දුරේක්ෂය වෙත මෙම අද්භූත ගුවන් විදුලි සංඥාව ලැබී තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3ක පමණ දුරකින් බවට එරට තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.එෆ්.ආර්.බී විසර්ජන මිනිසුන් අතර කතාබහට පවා ලක්වීම ආරම්භ වූයේ 2007 වර්ෂය තරම් මෑත කාලයක සිටයි. එතැන් පටන් තාරකා විද්‍යාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්වූ මෙම එෆ්.ආර්.බී විසර්ජන පිළිබඳ සිදුවීම් මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් වාර්තා වී ඇත්තේ 100 කට අඩු ප්‍රමාණයකි.එෆ්.ආර්.බී විසර්ජන හටගැනීමට පැහැදිලි හේතුවක් මේ වන විටත් සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වී නැත. එමෙන්ම එෆ්.ආර්.බී විසර්ජන හටගන්නේ වරකට එක් වතාවක් බැවින් එය අධ්‍යයනය කිරීමට මූලාශ්‍රය සොයා ගැනීමද ඉතා අපහසු ය.

එෆ්.ආර්.බී විසර්ජන වල පවතින මෙම අද්භූත හා විද්‍යාත්මක අර්තකථනයකට නතු කිරීමේ ඇති අකාර්‍යක්ෂම බව නිසා විවිධ විද්‍යා ප්‍රබන්ධ නිමවීමට කලා ක්ෂේත්‍රය පෙරමුණ ගැනීම ද සුලභ සිදුවීමකි. ඒ ඇසුරින් ඇතැමුන් ප්‍රකාශ කර සිටින්නේ මෙය පිටසක්වල ජීවීන් සිටිනා බවට සාක්ෂියක් බවයි.මීට පෙර, පළමු වරට එෆ්.ආර්.බී විසර්ජනයක් හටගත් බවට වාර්තා වූයේ 2012 වර්ෂයේදීයි. එය එෆ්.ආර්.බී121102 ලෙස නම් කර තිබූ අතර, එම විසර්ජනය එම සංඛ්‍යාතයෙන්ම නැවත 2015 වර්ෂයේදී ද හට ගෙන ඇත. විද්‍යාඥයින් ඇස්තමේන්තු කර තිබූ අන්දමට එම සංඥාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3ක පමණ ඈතින් පිහිටි ඉතා කුඩා චක්‍රාවාටයින් පැමිණි සංඥාවක් බවට හෙලිවිණි.

පසුගිය දින වාර්තා වූ එෆ්.ආර්.බී විසර්ජනය හට ගෙන තිබෙන්නේ අගෝස්තු මස 30 වන දින ය. පසුව එම සංඥාව නැවත නැවත් හට ගත් බවට විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන තිබිණි. සැප්තැම්බර් 03 වන දින වන විට එෆ්.ආර්.බී විසර්ජන 20 කට අධික සංඛ්‍යාවක් නිකුත් වී තිබිණි.
කෙසේ වෙතත්, චීනයේ පවතින මෙම ගෝලාකාර ගුවන්විදුලි දුරේක්ෂයට ආවරණය කළ හැක්කේ ගිගාහර්ට්ස් 1.05 – 1.45 ක සංඛ්‍යාත සීමාවක් බැවින්, එයද ඉතා ඉහල පරාසයේ තරංග වලට සංවේදී මුත් ප්‍රමාණවත් නොවිය හැකි බැවින්, මෙම අද්භූත ගුවන් විදුලි සංඥා පිළිබඳ පූර්ව නිගමනයකට එළඹීමට තවමත් අපහසු යැයි ෆාස්ට් ව්‍යාපෘතියේ විද්‍යාඥයෝ පෙන්වා දෙති.එමෙන්ම මේ පිළිබඳ පර්යේෂණ කටයුතු දිගටම සිදුකරන බවත්, ලොව අනෙකුත් තාරකා විද්‍යාඥයින් ගේ සහය ද මේ සඳහා ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔවුහු පවසා සිටියහ.