මුහුණු පොතෙහි ඇති ප්‍රයෝජනවත් දේවල් 10ක්

අදවනවිට මෙම සමාජජාල වෙබ් අඩවියේ සාමාජිකත්වය නොමැති අයෙකු නැතිතරම්. ඉතින් මේ ෆේස්බුක් නැතිනම් මුහුණු පොතේ තියෙන ප්‍රයෝජනවත් යෙදුම් ගැන අපි බලමු.

1.සැඟවුණු පණිවිඩ

ඇත්තටම ෆේස්බුක්හි ඉන්බොක්ස් නැත්නම් පණිවිඩ ගොනු දෙකක් තියෙනවා. මේ එක් ඉන්බොක්ස් එකක අපේ ෆේස්බුක් ගිනුමේ අපේ යහළුවන්ගේ පණිවිඩත් අනිකේ එසේ නොවන අයගේ පණිවිඩත් දැක්වේ.

  1. ඔයා කොහෙන්ද ගිණුමට ඇතුළුවුනේ කියලා සොයාගන්න පුළුවන්.

ඔබ පරිගණකයකින් ඔබේ ගිණුමට ඇතුළු උනොත් එහි තිරයේ දකුණු පස ඉහළ කෙලවරට ගියොත් ” setting” මෙනුව ඔස්සේ ” security ” යනකොටසේ ” where you are logged in ” මගින් ඔබ ෆේස්බුක් ගිණුමට ඇතුළුවූ සියලු උපාංගයන් දැක ගතහැකියි. මේ ඕනෑම එකකින් ඉවත්වීමට ” End Activity ” නම් මෙනුව ලබාදෙන්න.

  1. ඔබේ ෆේස්බුක්ගිණුමේ ආරක්ෂා වඔබට විස්වාසයි ද..

ඔබට මේකෙ ආරක්ෂාව ගැන සැකසහිතයිනම්” security ” කොටසේ තියෙන ” logging approval ” මෙනුව තෝරගන්න පුළුවන්. ඉතින් ඔයා කලින් ගිණුමට ඇතුළු නොවුනු වෙන උපාංගයකින් ගිණුමට ඇතුළු උනොත් ෆේස්බුක් හරහා ඔයාගෙ ෆෝන් එකට රහස් අංකයක් එනවා ඒක ඇතුළත් කරලා තමයි ඔයාට ගිණුමට ඇතුළත් වෙන්න වෙන්නෙ.

  1. ඔයාගෙ ගිණුමට දෙවෙනි බාරකාරයෙක් පත් කරන්න පුළුවන් .

ඔයා තවදුරටත් ෆේස්බුක් ගිණුම පාවිච්චි කරන්නේ නැත්නම්, ඒ කියන්නේ කෙනෙක් මියාගියාම වගේ අවස්ථා වලදී ගිණුමට මොකද වෙන්නේ? ඒ නිසා තව බාරකාරයෙක් ගිණුමට එකතු කරන්නට පුළුවන්. ඒකට “security” මෙනුවේ “Trusted Contact ” වලට ඔබේ ගිණුමේ දෙවෙනි බාරකාරයා එකතු කරන්න.
ඒත් බයවෙන්න එපා. එහෙම පත්කලා කියලා එයාට ඔයාගෙ සංවාද බලන්නවත් ඔයා විදියට පෙනී ඉන්නවත් බෑ. මිතුරු ඇරයුම් පිළිගැනීම හා ගිණුමේ පිංතූරය වෙනස් කරන්නටනම් හැකියි.

  1. පරණ මතක අවුස්සන්න ලේසි ක්රමයක් මෙන්න.

සමහර වෙලාවට අපිට අපේ පරණ සංවාද , රූපරාමු බලන්නට උමනා වෙනවා. ඒකට චැට් එක හොය හොය යන්න ඕනනෑ. ඔයාගේ මිතුරගේ ගිණුමට ගිහින් ඉලිප්සාකාර සලකුණ තෝරල “see friendship “බලන්න.

  1. ෆේස්බුක් එකේ අතීතෙ කරපුවා බලන්න කැමතිද..

“view activity log ” මෙනුව බැලුවම ඔයා ඉස්සර ” like , comments ” දාපුවා ඔක්කොම බලන්න පුළුවන්.

7.ඔයාගෙ ගිණුම ඔයාට නොදැනී බලන අය හොයාගන්නේ මෙහෙමයි.

ගිණුමේ ඇති ඉලිප්සියාකාර මෙනුවෙන් ” view activity log ” ගිහින් ” view as ” බලන්න.

  1. මුහුණුපොතේ මූණට මූණබලන් කතාකරමු.

ඇත්තටම ෆේසෙබුක්එකේ චැට් කරනවා වගේම වීඩියෝ කෝල් ගන්නත් පුළුවන්. ඒකට මේ රෑපයේ පෙන්නලා තියෙන නිල් පාට තිත ටච් කරන්න.

  1. ඔයාට කියවන්න අවශ්ය පෝස්ට් මේ පියවර අනුව තෝරගන්න.
  1. ඕන නම් අපිට පස්සේ කියවන්න පෝස්ටු හෝ ලින්ක් ගොනු ගතකර තබාගත හැකියි.

අදාල පෝස්ටුව හෝ වීඩියෝව සහිත ලින්කුව පසුවට කියවන්න තියාගන්න ඕන නම් රූපයේ පෙන්වන තැන තේරූ විට ” save post ” හෝ ” save link ” යන්න තෝරන්න. මේවා ඊට පස්සේ ඔයාට ඕන වෙලාවක ” saved” කියනකොට කියවන්නටපුළුවන්.