මුඛයේ පැන්සලක් රදවාගෙන සතුටට පත්වන්න පුළුවන්ද?

මනෝවිද්‍යාඥයින්ට අනුව අපිට සතුටු වෙන්න පුළුවන් ගොඩක් හිනා වෙලා. හැබැයි මම කිව්වොත් අපිට පුළුවන් පැන්සලකින් උනත් සතුටුවෙන්න කියල ඔයාල විශ්වාස කරනවද ? මම නම් නෙවෙයි කියන්නේ මේක ගැන විශ්ලේෂණය කරන පර්යේෂකයින් කට්ටියක් තමයි මෙහෙම කියන්නේ. කොහොම උනත් අපිට තියෙන විවිද ආතතිවලින් මිදිලා අපිටම පුළුවන් අපේ සතුට නිර්මාණය කරගෙන ඒ විදියටම පවත්වාගෙන යන්න.මම කලින් කිව්වා වගේම අද කතාකරන්නේ කොහොමද පුංචි උපක්‍රමය පාවිච්චි කරලා අපේ සතුට පවත්වාගෙන යන්නේ එහෙම නැත්නම් නැතිවෙච්ච සතුට අයෙත් ලබා ගන්නේ කියල.

සරල ක්‍රියා සහ හැසිරීම් අපගේ හැඟීම් හැඩගස්වා ගත හැකිය.

සතුට කියන මාතෘකාව අද ඊයේ කතාවට ගත්ත දෙයක් නම් නෙවේ මේක දශක ගණනාවක් තිස්සේ විවිද පර්යේෂණයන්ට භජනය වෙමින් විවිද දේවල් නිර්මාණය කරමින් ඉදිරියට ඇදෙන දෙයක්, ඉතින් මේ අතරින් සමහර පර්යේෂකයින් හොයාගන්න දේවල් ගොඩක් සිත්ගන්න සුළුයි. ඔයා දන්නවද සමහර වෙලාවට ඔයාගේ ශරීරයේ සිදුවන පොඩි ක්‍රියාකාරකමක් නිසා ඔයාගේ හැගීම් ගොඩක් වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් සමහර නායකත්ව ලක්ෂණ අඩු කාන්තාවන්ට තමගේ ඉදිරිපිටට්ට ප්‍රබල දේශපාලන කාන්තා නියෝජනයක පින්තුරයක් දකින්න ලැබුනොත් ඔවුන්ට ගොඩක් හොද ඒ වගේම තමන් ගොඩක් බලගතුයි කියන හැගීම පහල වෙන්න ගන්නවා.ඉතින් මේ ක්‍රමයම අපිට පුළුවන් යොදගන්න සිනහව වෙනුවෙනුත්.”විනෝදවීම ඔයාගේ මුවගට සිනහවක් ගේනවා වගේම සිනහව ඔයාට විනිදමත් හැගීමක් ගේනවා”එක් වරකදී පන්තියක සිට ළමුන් කිපදෙනකට ප්‍රශ්නයක් යොමුකරමින් අහනවා කටද කර්ටූන් වැඩිපුරම විනෝදයක් ගෙන දුන්නේ කියල. එතැනදී ලැබෙන පිලිතුරනම් ටිකක් විශ්මයජනක උනා එකට හේතුව කටේ පන්සලක් ගහගෙන ඉන්න ළමයි සියල්ලම ඒ ගොල්ලොන්ට කර්ටූන් තමයි ගොඩක් විනෝදාත්මක කියල ඇගයීමට ලක් කරලා තිබ්බ එක.

ඔබේ මුඛයේ පැන්සලක් ඔබව සතුටට පත් කරන්නේ ඇයි?

අපි දැන් බලමු ඇයි මේ පැන්සලක් කටේ තියාගෙන හිටිම ඔයාට සිනහවක් එන්නේ කියල,මේ පුංචි උපක්‍රමය නැවත වරක් ඇත්ත කියල ඔප්පු කරන්න පුළුවන් කම ලැබිල තියෙනවා. ළමුන් හා කාර්ටූන් පිලිබදව කරපු අධ්‍යනයකින් පස්සේ. මේ පොඩි උපක්‍රමය ගොඩක් ඵලදායී කියලා තමයි මේ අධ්‍යනය කරපු අය කියන්නේ. මෙතනදී වෙන්නේ ඔයා පැන්සල අරගෙන ඔයාගේ කට හරහට තියගත්තම ඔයාගේ තොල් නිකන්ම සිනහව නැගෙන ආකාරයට පිහිටන එක , ඉතින් කලින් කිවා විදියටම ඔයාගේ ඇග ඒ පිහිටීම හදුනගන්නවා. එක නිසා ඔයාගේ මොලය හිතනවා ඔයාගේ මුනේ තියෙන මේ හැඩගැසීම ඔයාට සතුටු හැගීමක් කියල. ඉතින් සරලවම කිව්වොත් ඔයා ඔයාගේ මොලේ රවට්ටලා මුහුණේ තියෙන මේ ප්‍රීතිමත් පෙනුමින්

බලපෑම විනාඩි 15 සිට දින 2 දක්වා පැවතිය හැකිය.

ඒ වගේම මේකේ තියෙන තවත් වැදගත් සොයා ගැනීමක් තමයි මේ පුංචි ක්‍රියාව නිසා තියෙන සතුට විනාඩි 15, 20 වගේ ඉදලා දවස් 2 ක් දක්වා වගේ කාලයක් ස්ථාවරව පවතින එක. ඉතින් ඔයාලට පේනවා ඇති මොලය හා ඇග අතර මේවගේ ශක්තිමත් සංවේදීතාවයක් තිය්නේඅව වගේම පුංචි ක්ර්යාවක් මගින් මේක තවත් ශක්තිමත් කරන්න පුළුවන් කියන එක. ඒවා සමහරවිට ශබ්ද. රස සුවද හා දුශ්‍ය ප්‍රයෝග වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඔයාල දවස ගානේ කරන කියන ඵලදායීතාව ගැන මිට වැඩා සැලකිලිමත් වෙන්න.

ඔබේ ශරීරය පාලනය කිරීමෙන් ඔබට ඕනෑම හැඟීමක් පුහුණු කළ හැකිය.

මෙතැනදී හිතන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි ඔයාට පුළුවන් ඔයාවම සතුටින් සිටින විදියකට වැඩ කරන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ සිනහව වැඩි කරගන්න, ඒ වගේම තමයි මේකේ අනික් පැත්ත ඔයා හිතන්නේ කරන්නේ ඔයාගේ හිත දුක් වෙන වැඩ නම් ඔයාටම බලාගන්න පුළුවන් ඔයාගේ පෙනුම දවසින් දවස නරක අතට හැරෙන විදිය. ඔයාට මේ වැඩේ කරන්න පන්සලක්ම ඕනේ වෙන්නේ නැ, නිකනුත් උත්සහ කරන්න පුළුවන්.

ඔයාට පුළුවන් මේ වගේ පොඩි පොඩි දේවල් කරලා ඔයාගේ සතුට වැඩි කරගන්න, ඒ වගේම කෙලින් සිටගෙන සිටීම, හොදින් හුස්ම ගැනීම වගේ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාගේ විශ්වාසය වැඩි කරගන්න.

ඉතින් අපි මෙතැනදී කිව්වා වගේ ඔයාට පුළුවන් විවිද ක්‍රම පාවිච්චි කරලා ඔයාට ඔයාගේ විනෝදය සතුට වැඩි කරගන්න. මීට අමතරව ඔයා මේවගේ තවත් වෙනස් උපක්‍රමය පාවිච්චි කරනවා නම් අපිට ඒවත් පහල අදහස් වලින් කියන්න.