පරණ ප්‍රශ්න අමතක කළා දැන් උමාලියි මමයි හොඳ යාළුවො – සාරංග දිසාසේකර

රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ, ටෙලිනාට්‍ය හරහා වගේම සිනමා නිර්මාණ හරහාත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සාරංග සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, සාරංග මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් නිර්මාණ කිහිපයකට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම මගේ නිර්මාණයක් පහුගිය දවස්වල විකාශනය අවසන් වුනා, දැන් අලුත් සිනමාපටයක් සමග සම්බන්ද වෙලත් ඉන්නවා, ඊට අමතරව ඉතින් ආදරණීය බිරිඳ දිනක්ෂි සහ බබා එක්ක සතුටෙන් විනෝදෙන් කාලය ගතකරනවා වෙන කියන්න තරම් විශේෂ දෙයක් නෑ”

සාරංග උදාවෙන නත්තලට සූදානම් වෙන්නේ කොහොමද..? ‘මගේ ආදරණීය බිරිඳ දිනක්ෂි උපතින්ම කතෝලිකයි, ඉතින් දිනක්ෂිගේ පවුලේ හැමෝම නත්තල ටිකක් ලොකුවට සමරනවා, ඉතින් මමත් දැන් ඒ සිරිත් විරිත්වලට හුරුවෙලා, ඇත්තම ඒක ගොඩක් වෙනස් අත්දැකීමක් හරිම සුන්දර අත්දැකීමක්, අපි මේ පාර අපේ පුංචි දුව සහ අපේ පවුලේ හැමෝම එකතුවෙලා ගොඩක් සුන්දර විදියට නත්තල සමරන්න හිතාගෙන ඉන්නවා”

සාරංග සහ දිනක්ෂි විවාහ වෙන්න කලින් ගොඩක් අය එක එක කතා කිවුවා, ගොඩක්ම කතා කිවුවේ දිනක්ෂිට, ඔයාලා ඒ වෙනුවෙන් මොකද කලේ, ”මෙහෙමයි අපිට ඒ වෙනුවෙන් ලොකුවට මොකවත් කරන්නවත් මොනවත් කියන්නවත් විදියක් නෑ මොකද එක එක තැන්වලට නෙගිටිවූ යන්න පුළුවන් නේ, සමහර අය මගේ ඉස්සර ජීවිතේ එල්ලිලා ඉන්නවා ඒ කියන්නේ මගේ අතීතයේ තමයි ඒ අය ඉන්නේ, දැන් මම මගේ ජීවිතේ ඉස්සරහට ගිහින් උමාලිත් එයාගේ ජීවිතේ ඉස්සරහට ගිහින්,

පහුගිය කාලයේ උමාලිගේ අත්තම්මා නැතිවෙලා ඒ අවසන් කටයුතුවලට මමයි දිනක්ෂියි ගිහින් උමාලිගේ පවුලේ අය එක්ක කතා කරලා, උමාලි එක්ක කතාබහ කරලා ආව අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ, හැබැයි තාම උමාලි සහ මම ගැන කතා කරන අයට වැරද්දක් කියන්න බෑ, මොකද මටයි උමාලිටයි ආදරේ කරපු ලොකු පිරිසක් හිටියා, ඒ අය කැමති නෑ අපි වෙන්වෙනවට, කොහොම වුනත් දැන් මම මගේ ජීවිතේ ඉදිරියට ගිහින් උමාලිත් එහෙමයි, අපි අපේ ප්‍රශ්න අමතක කරලා දැන් යාළුවො වගේ සතුටින් ඉන්නවා, මට කැමති අය උමාලිට බනිනවා, උමාලිට කැමති අය මට බනිනවා, ඒ අය එක තැනක නතරවෙලා අපි අපේ ජීවිතවල ඉස්සරහට ගිහින්, දැන් අපි හොඳ යාළුවො”

Related Posts