‘ළඟදීම මගේ චිත්‍රපටි ටිකක් එලියට ඒවි’ ජනප්‍රිය නිලි කාවින්දා කියන කතාව

පුංචි තිරය තුළ අහිංසකාවියක් විදිහට හැමෝගේම ආදරය දිනාගත් ඇය නමින් කාවින්ද්‍යා දුල්ෂානි. ‘අහස්මාළිගා’ ‘හදවිල අරණ’ ආදි ටෙලිනාට්‍ය තුළින් රසික ආදරය දිනාගත් ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් වන කාවින්ද්‍යා තරමක් කාර්යබහුල ජිවිතයක් ගත කරන තැනැත්තියක්. නිරන්තරයෙන් අහිංසක පෙම්වන්තියකගේ චරිත වලට පණ දෙන නිසාම ඇයගෙන් ඇහුවා මේ වගේ ප්‍රශ්නයක්.

කාවින්ද්‍යා ඔබට මේ වගේ අහිංසක චරිතයෙන් මිදෙන්න කැමති නැද්ද. “ඇත්තටම කියන්න ඕනි. මට දුෂ්ට නපුරු චරිත ලැබිලා නෑ. මම අහිංසක ගැමි චරිත කියන රමුව ඇතුලේ තමා කොටු වෙලා ඉන්නේ. මම මාව විස්වාස කරනවා. ඒ නිසාම මම හිතනවා මට මෙතනින් වෙනස්ම චරිතයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මට තාම අවස්ථාවක් නෑ. අවස්ථාවක් ලැබුන ගමන් මම මගේ ඒ විවිධ චරිතාංග වලට සම්බන්ධ වෙනවා.”

ඔබව නවක රංගන ශිල්පිනියක් විදිහට ප්‍රවීනයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කලොත්, “මම රංගනයට සම්බන්ධ වුන හැම කතාවත් තුළම මට ලොකු සහයෝගයක් ප්‍රවිනයන්ගෙන් ලැබෙනවා. මම හරි ආසාවෙන් ඒ් හැමෝම එක්ක වැඩ කරනවා. එයාලා කියන දේ අහනවා. ඉතින් මම ඇත්තටම සතුටකින් තමා එයාලා එක්ක වැඩ කරගෙන යන්නේ.”

ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද ? “2015 අවුරුද්ද අවසානයේ තමා මම රංගනයට පිවිසෙන්නේ. මම ප්‍රථමයෙන් ස්වාධින රූපවාහිනියේ අවුරුදු කුමාරිට අයදුම් කරනවා. එහිදි මම අවසන් 12 අතරට තේරි පත් වෙනවා. ඒ කාලයේ ඒ සේවයේම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ම⁣ගේ මුල්ම ටෙලිනාට්‍ය තමා “මේඝා” කියන්නේ.”

සිනමාවට ආරාධනා නැද්ද? “ඇත්තටම චිත්‍රපටි වලට ආරාධනා ලැබුනා. ම⁣ගේ පළවෙනි චිත්‍රපටය ‘උතුරු සුළඟ’. එහි මම ප්‍රධාන චරිතයට තමා සම්බන්ධ වෙන්නේ. ම⁣ගේ චිත්‍රපටි තවත් ඉදිරියේදි විකාශය වෙනවා”

රංගන ජිවිතය තුළ ඔබට කැපිලි කෙටිලි නැද්ද? “මම දැන් කලාවට සම්බන්ධ වෙල අවුරුදු ගානක් වෙන්න එනවා. ඇත්තටම මට එහෙම කැපිලි කෙටිලි අයුතු යෝජනා එහෙමනම් ලැබිලා නෑ. මට එහෙම දේවල් අත්විදින්න ලැබිලත් නෑ. මට හිතෙනවා ඇත්තටම මේ කියන තරම් මේ කේෂ්ත්‍රයේ කැපිටි කෙටිලි තියෙනවා ද කියලා. අනික ඕනිම කේෂ්ත්‍රයක පොඩි පොඩි දේවල් තියෙනවා. හැබැයි මගේ සම වයසේ අය එකක එහෙම දේවල් වලට මම මුහුණ දිලා තියෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *