විවාහ ජීවිතේ ගොඩක් සුන්දරයි ආදරේ නිසා මම එයාට ගේත් අතුගාලා දෙනවා – රොෂාන් පිලපිටිය

රොෂාන් පිලපිටිය කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්, ඒකට හේතුව තමයි මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍ය, පාරදිගේ ටෙලිනාට්‍යයේ නානායක්කාර ගේ චරිතයට පන පොවන රොෂාන් පිලපිටිය සමගයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, රොෂාන් සැබෑ ජීවිතයේදී මොන වගේ චරිතයක්ද..? ”අනිත් මිනිස්සුන්ට වගේම සාමාන්‍ය ජීවිතයක් තමයි මමත් ගතකරන්නේ, මටත් ප්‍රශ්න තියෙනවා, ඒ අතර සාමාන්‍ය විදියට ජීවිතේ ගතකරන සරල චරිතයක්, සතුටින් ඉන්න කෙනෙක්”

ඇත්තම කියන්න රොෂාන් කපටි වෙන්නේ මොන වගේ අවස්ථා වලදීද..? ”අනේ මට එහෙම අවස්ථා ලැබිලා නෑ, මම කපටි වැඩ කරන්නේ නෑ, මම කෙනෙක් කපාගෙන ඉදිරියට යන්නේ නෑ, ගේම් ගහලා වැඩ ගන්න එක මගේ ස්භාවය නෙවෙයි, මට තරඟය තියෙන්නේ මගෙත් එක්ක විතරයි, ඒ නිසා ලැබෙන දේවල් මම සතුටින් බාර අරගෙන ජීවත් වෙනවා, එහෙම ජීවත් වෙද්දී කපටිකම් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ, හැබැයි ආදරදීනම් පොඩි පොඩි කපටි වැඩ කරනවා, ඒ ඉතින් ආදරේට එහෙම නැතුව වෙන කපටි වැඩ මගේ ළඟ නෑ,”

රොෂාන් ඔබගේ වෘත්තීය රඟපෑමද..? ඔව් මගේ රැකියාව රංගනය, ඒ අංශයෙන් ලැබෙන දේ මම කළමනාකරණය කරගන්නවා, මම රංගනයට අමතර පොඩි ව්‍යපාරයක් කරනවා, රංගනයෙන් විතරක් යැපෙන එක බයානකයි කියලා මම කියන්නේ නෑ, හැබැයි පොඩියට හරි තමන්ගේ දෙකක් කරගත්තම කලාවෙන් යැපෙන අපි ගැන බලන්න කියලා කාටවත් පින්සෙන්ඩු වෙන්න ඕන නෑ, මම රංගනයට ආවේ මගේ කැමැත්තෙන්, ඉතින් එකෙන් ලැබෙන දේවල් මම කළමනාකරණය කරගන්නවා, රංගනය උතුම් තැනක් ඉතින් මම එතනට ආදරෙයි”

මේ වෙද්දී ගොඩක් රංගන ශිල්පියන් රට අත්හැරලා යනවා නේ..? ඔව් මටත් මේ වෙද්දී ග්‍රීන් කාඩ් ලැබිලා තියෙන්නේ, ග්‍රීන් කාඩ් ලැබිලත් රට යන්නේ නැති එකම කෙනා මම වෙන්න ඇති, එහෙ ගියා කියලා අලුතෙන් ජීවිතයක් පටන්ගන්න විදියක් නෑ නේ, අපේ ජීවිත දැන් මෙහෙ මුල් ඇදලා ඉවරයි, හැබැයි ට්‍රැවල් කරලා එන්න ආසයි, මම එහෙමයි කියලා අනිත් අයට රට යන්න එපා කියන්නේ නෑ, ඒක ඒ අයගේ තීරණයක්,

රොෂාන් කොහොමද විවාහ ජීවිතය..? ”විවාහ ජීවිතය මම බලාපොරොත්තු උනාට වඩා හොඳින් ගෙවිලා යනවා, රිද්මා ළමයි බලාගෙන පෝච්චියක එළවළුවක් වවාගෙන ගෙදරත් ලස්සනට තියාගෙන ඉන්නවා, අපේ ජීවිතේ ගොඩක් සතුටින් ගෙවිලා යන්නේ, මමත් මට පුළුවන් විදියට ගේ අතුගාලා එයාට උදවු කරනවා, වැඩ බෙදාගෙන කරද්දී එක්කෙනෙක්ට බරක් නොවී දෙන්නට සතුටින් ඉන්නපුළුවන්,

Related Posts