‘මම ලෝකේ ආසම කෙනා සංගා’ ලංකාවේ නිළියන්ටත් වඩා සුන්දර ඉන්දියාවේ මන්දනා කියන කතාව

ස්මිත්‍රි මන්ධානා කියන්නේ ලොවක් වසඟ කළ සුන්දර නිහතමානි ක්‍රිකට් ක්‍රිඩිකාවක්. බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වු ඇය මේ දිනවන ලාංකිය තරුණයන්ගේ සිහින කුමාරිය වි ඇති බවයි දැක ගන්න ලැබෙන්නේ. සමහරු ෆේස්බුක් එක තුළ පවසන්නේ ඇයට මැරිලත් පැයක් ආදරේ බවයි. ඇය උපත ලබන්නේ ඉන්දියාවේ ගුජරාටියේ මර්වරි ප්‍රදේශයේ. බොහෝ දෙන්නා දන්න කරුණනම් මෙම ප්‍රදේශයේ කාන්තාවන්ට බොහෝ දේ අකැප බවයි. අවසානාවට ඇයත් එහි උපත ලැබුවත් ඇය ඇ⁣ ජිවිතය වෙනස් කරගත්තා. එහි සංස්කෘතිය සමඟ කාන්තාවක් ක්‍රිකට් ක්‍රිඩාවට යොමු විම දුර්ලභවුවත් නිහතමානි සරල ඇය ක්‍රිකට් ක්‍රිඩාවට යොමු වුනා.

මේ වන විට ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකාරිනිය ලෙස ලෝකයේම ආදරය දිනාගෙන ඇත්තේ ස්මිත්‍රි මන්ධානා. බාධාකාරි සංස්කෘතික රාමුවක ජිවත් වු ඇය ලොවක ආදරය මේ වන විට දිනාගෙන අවසන්. ඇය මේ තැනට එන්නේ උත්සහය කැපවිම උනන්දුව නිසා කළ හැකි යමක් නොමැත යනුවෙන් ලොවටම ඔප්පු කරමින්. ඇය විටෙක් පවසන්නේ “ජිවිතය ගැන ලොකු ඉලක්ක මට නෑ. හැබැයි මම ක්‍රිඩා කරන කාලය තුළ ඉන්දියා කණ්ඩායමට ලෝක කුසලානයක් දිනා දීමයි”

තවත් වරෙක ඇය ඇගේ ජිවිතයේ වීරයන් ලෙස දක්වා තිබුනේ සචින් තෙන්ඩුර්කාන් මෙන්ම කුමාර් සංගක්කාරයි. ස්මිත්‍රි මන්දනා ඔවුන් ගැන දක්වා තිබුනේ මේ වගේ අදහසක්. “සචින් වගේ සංගා කියන්නේ මගේ ක්‍රිකට් ජිවි⁣තයේ වැඩිපුරම ආදරය කරන විරයෝ දෙන්නෙක්. ඒ අතරින් මම වැඩිපුරම කැමති සංගාට. මම පොඩි කාලේ ඉදන්ම සංගාගේ විඩියෝ බලලා ම⁣ගේ පහරවල් දියුණු කරගත්තා.

මාව ක්‍රිකට් වලට පෙළඹෙව්වෙ සංගක්කාර කිවොත් මම නිවැරදියි දවසක් මට අවස්තාවක් ලැබුනා සංගක්කාර එකක් කතා කරන්න ඒ වෙලාව තමයි මගේ ජීවිතේ වැඩිපුරම සතුටු උන අවස්තාව. ඔහු මගේ පිතිකරණ දක්ෂතාව වර්ණනා කළා. ඇත්තම කියනවනම් මම සංගා එක්ක කතා කරන්න අවස්තාව ඉල්ලලා ගත්ත එකක් මම කවදාවත් වෙන කිසිම කෙනෙක් එක්ක කතා කරන්න ආසාවෙන් ඉඳලා නෑ මගේ එකම හීනය වුනේ සංගා එක්ක කතා කරන එක,” යනුවෙන්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *