‘මම පස්සහැරිලා හිටියත් ගොඩක් අය මාව අඳුර ගන්නවා’ ජනප්‍රිය නිලි නෙත්මි කියන කතාව

කෙනෙක් බැලු විට දෙවරක් හැරි බලන සුන්දරත්වයක් හිමි ඇය මේ වන විට බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් කිවොත් හරි. දෙවනි ඉනිම මෙගා නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් වසඟ කරගත් ඇය නමින් නෙත්මි රොෂෙල්. ඉතින් අපි මේ සුදානම් වෙන්නේ ඇය සමඟ කතා කරන්න. පාසල් කා⁣ලයේ පටන් වෙනස් අරමුණකින් සිටි රොෂෙල් කලාවට සම්බන්ධ වෙන්නේ අහම්බෙන්. ඉතින් කුඩා කාලයේ පටන් දඟකාර නොවන චරිතයක් වන රොෂෙල් රංගනය අලුත් කෙනෙක්.

රොෂෙල් රංගනයට එනවට පවුලේ අයගේ විරුද්ධත්වයක් තිබුනේ නැද්ද, “ඒක වෙනස්. මොකද අම්මානම් මුල ඉදලම කැමති වුනා මම රංගනයට යනව⁣ට. තාත්තා මුලින් ඔය වගේ දේවල් වලට අකමැති වුනත් මම අවුරුදු කුමාරි තරඟයට ඉදිරිපත් වෙද්දි ඒ අකමැත්ත ටික ටික ඈත් වුනා. ඒ කොහොම වුනත් අද මම ඉන්න තැන ගැන ⁣ඒ දෙන්නම ගොඩක් සතුටු වෙනවා.”

දෙවනි ඉනිම ටෙලිනාට්‍ය නිසාම රොෂෙල්ට ⁣වැඩි ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා නේද? “ඇත්තටම ඔව් ගොඩක් අය මට ආදරේ කරනවා. මොකද ආක්ෂා කියන චරිතයට ගොඩක් අය කැමතියි. මම හිතන්නේ කලාකරුවෙක් තෘප්තිමත් වෙන්නේ ඔහුට හෝ ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආදරයත් එක්ක. ඉතින් ඒ ආදරය එක්ක මම ගොඩක් සතුටින් ඉන්නවා. අද ගොඩක් අය මාව අදුරනවා. මම ⁣යන තැන්වල මාව අදුරන කවුරුහරි ඉන්නවා. ඉතින් නවක රංගන ශිල්පිනියක් ⁣විදිහට මට වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ මේ ලැබෙන ආදරය නිසා.”

ඔබට තියෙන්නේ බොහොම ආකර්ෂණිය කෙස් කළඹක්. ඒ ගැනත් කතා කලොත්, “මගේ කොණ්ඩය මගේ අනන්‍යතාවය කිවොත් මම හරි. මම අවුරුදු කුමරිය විදිහට කිරුළු දරන්නේ පංච කල්‍යාණිය නිසා. ඉතින් මගේ කොණ්ඩය මගේ වාසනාවක්. මම පිටිපස්ස හැරිලා හිටියත් ගොඩක් අය මාව කොණ්ඩේ නිසා අදුර ගන්නවා. මම ලොකු අභියෝගයකටත් ⁣මුණ දෙනවා මේ කොණ්ඩය මේ විදිහට තියාගන්න. මම මගේ කොණ්ඩෙට ආදරයෙන් සලකනවා. කොහොම වුනත් මගේ කොණ්ඩයට වැඩියෙන්ම ආදරේ මගේ තාත්තා.”

ගෑණු ළමයෙක්ට තියෙන්න ඕනි ගතිගුණ රොෂෙල් දකින විදිහට ඔබ දකින්නේ මොනවද ”ගෑණු ළමයෙක්ට අනිවාර්යයෙන් තියෙන්න ඕනි ඉවසිම කියන දේ. මොක ද ඕනිම ප්‍රශ්නයකට ඉවසිමෙන් උත්තර හොයන්න. අනිත් දේ ඇහුම්කන් දිම. මේ ගුණාංග දෙක තියෙනවනම් ගෑණු ළමයෙක්ගේ ජිවිතේ සාර්ථක වෙනවා අනිවාර්යයෙන් “

Leave a comment

Your email address will not be published. Required fields are marked *