‘මට ආදරය කියන්නේ වශ්‍යම දෙයක්’ ජනප්‍රිය නළු රවීන් කියන කතාව

රවින් කනිෂ්ක කියන්නේ මේ වන විට ගායකයෙන් පමණක් නොව රංගන ශිල්පියෙක්ද වෙනවා. තාරුණ්‍යයේ කඩවසම් මේ රංගන ශිල්පියා දෙරණ ඩ්‍රිම් ස්ටාර් හරහා බිහි වු තරුවක්. ඉතින් අපි සුදානම් වෙන්නේ මේ තාරුණ්‍යයේ කඩවසම් රංගන ශිල්පියා සමඟ කතා කරන්න. තාරුණ්‍යයේ කඩවසම් නළුවෙක් නිසාම අපි රවීන්ගෙන් ආදරය ගැන කතා කරන්න අපි හිතුවා. “මම හිතන්නෙත් අනිත් අය හිතන විදිහටම තමා. මොකද මිනිස්සුන්ට ආදරය කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. මගේ ජිවිතේනම් මම හිතන්නේ අපිට ආහාරපාන වගේම ආදරය කියන දේත් අත්‍යවශ්‍යයි ජිවිතේ ජිවත් වෙන්න. මිනිස්සු යැපෙන්නේ ආහාර වගේම ආදරය මත. අපිට ජිවිතේ බලාපොරොත්තු ගොඩ නැගෙන්නේ ආදරය කියන දේත් එක්ක. ඉතින් සැබෑ ආදරය තියෙනවා කියන්නේ ජිවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක්.”

ඔබ වැඩිපුරම කැමති ගාය⁣කයෙක් විදිහට ආදරේ ලබන්නද, නළුවෙක් විදිහට ආදරේ ලබන්නද? “මම ඇත්තටම එහෙම විශේෂයෙන් හිතලා නෑ. හැබැයි මට කියන්න පුළුවන් මම කැමති රවින් කියන නළුවා⁣ට තියෙන ආදරය ලබන්න. මොකද මම ගායකයෙක්ට වඩා රංගන ශිල්පියෙක් විදිහට ජිවිතේ ඉක්මනට ගමනක් ගියා. ඉතින් ගොඩක් අය රවින් කියන නළුවට ආසයි. හැබැයි මම විස්වාස කරනවා අනිවාර්යයෙන් ඒ රංගන ශිල්පියා මෙන්ම ගායන ශිල්පියාටත් ගොඩක් අය ආදරේ කරනවා.

මොකද මම ගායනය පිළිබඳ ඉගෙන ගන්නේ ප්‍රවිණයන් යටතේ. මම සංගිතය ඉගෙන ගනිමින් තමා මේ ගමන යන්නේ. ඉතින් මට විස්වාසයි මට නළුවෙක් විදිහට වගේම ගායකයෙක් විදිහටත් ⁣වෙනසක් නැති ආදරයක් ලැබෙනවා. මම ගායකයෙක් විදිහට ඉදිරියට එන්නත් වැඩකටයුතු කිහිපයක් සැලසුම් කරලයි තියෙන්නේ.”

පෞද්ගලිකව ඔබ කැමති රංගනයටද, සංගීතයටද? “මට කෙනෙක්ව සතුටු කරන්න පුළුවන්නම් මම අනිවාර්යයෙන් මේ දෙයාකාරයටම කැමතියි. මොකද කෙනෙක් සතුටු කරලා ලබන සතුටු මොන දේකින්වත් ගන්න බෑ. මට මේ උපතින් ලැබුන හැකියාවන් දෙකින්ම මම ආසයි කෙනෙක් සතුටු කරන්න. මොකද මගේ ආසාව ඒක.”

ඉදිරි වැඩ කටයුතු ගැන කතා කලොත්, “අලුත් ගීත කිහිපයක වැඩ කටයුතු කරගෙන යනවා. දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ රංගන කටයුතු සිදු කරනවා. අලුත් නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සිනමාවට එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා දැනටමත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුනා බලමු ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *