මගේ බෝයි ෆ්‍රෙන්ඩ් හමුදාවේ හැබැයි මට එයාව බඳින්න බෑ වගේ – ජනප්‍රිය නිලි චතුරිකා රාමනායක

ට්ලිනාට්‍ය ක්‍ෂේත්‍රය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි නයනි චතුරිකා රාමනායක කියන්නේ, මේ දවස්වල විකාශනයවන ‘දෙකොන්මාරු’ ටෙලිනාට්‍ය හරහා ඔබට නයනි රාමනායක දැකගන්න පුළුවන්, ඉතින් අද අපි කතා කරන්න සූදාන වෙන්නේ සුන්දර රංගන ශිල්පිනියක වන නයනි රාමනායක සමග, ඉතින් නයනි කියන්න කොහොමද ඔයා කලාවට සම්බන්ද වුනේ ”මම මුලින්ම සම්බන්ද වෙන්නේ හිරු ඇවිදින් කියන ටෙලිනාට්‍යයට, මට ඒ වස්තාව ලැබුනේ චාමර මහත්මයා හරහායි, චාමර අයියා තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර් ට මාව හඳුන්වලා දුන්නේ, ඒ විදියට තමයි මගේ රංගන ජීවිතය පටන් ගත්තේ”

නයනිගේ පවුලේ අයත් කලාවට සම්බන්ද අයද..? ”නැහැ මගේ පවුලේ කවුරුවත් කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද නෑ, මගේ තාත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්, මුලික පොලිස් පරීක්ෂක කෙනෙක් විදියට තමයි තාත්තා විශ්‍රාම ගියේ, මට ඉන්නේ එක අයියා කෙනයි ඒ යා වෛද්‍යවරයෙක්, අනුරාධපුර රෝහලේ තමයි එයා සේවය කරන්නේ, මටත් ඕන වෙලා තිබ්බේ තාත්තා වගේ පොලිස්සියට යන්න, හැබැයි මගේ උස පොඩ්ඩක් මදිවුණා, ඉතින් එහෙම ඉද්දී තමයි රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනේ”

නයනි රැකියාව විදියට තෝරාගෙන තියෙන්නේ රංගනයද..? නැහැ මම මේ වනවිට විට NVQ ලෙවල් 04 දක්වා රූපලාවන්‍ය සහ කෙශාලන්කාර පාඨමාලාවක් හදාරලා තියෙනවා, තව ටික දවසකින් මම මගේම කියලා රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරනවා, ඒ විතරක් නෙවෙයි මම මේවනවිට කොළඹ කැම්පස් එකේ ඖශධවේදී ඩිප්ලෝමා එකක් කරනවා, රූපලාවන්‍ය ආයතය කරන ගමන් ඖශධවේදී පාඨමාලාවක් හදාරනවා”

නයනි දැන් ආදරවන්තියක්ද කියන්නකෝ බලන්න පෙම්වතා ගැන විස්තර ටිකක් ”මගේ පෙම්වතා කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් නවෙයි, එයා ආරක්ෂක සේවයට සම්බන්ද කෙනෙක්, එයා යුද්ධ හමුදාවේ, හැබැයි මම බඳින්නේ නම් නැතිවේවි, මට එයාව බඳින්න බෑ හිතෙනවා ඉතින් මම එයාට කිවුවා වෙන කෙනෙක් බඳින්න කියලා, මට විවාහ වුනොත් මේ ෆීල් එකේ වැඩ කරගෙන යන්න බැරිවෙනවා නේ, එයා කැමති නෑ මම මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යනවට එයා කැමති නෑ එයා කියන්නේ මට ගෙදරට වෙලා ඉන්න කියලා, මම කැමති මට නීති දාන්නේ නැතුව මට මගේ නිදහසේ මේ ක්‍ෂේත්‍රයේ දේවල් කරගෙන යන්න දෙන කෙනෙක්ට, ඉතින් මම එයාට කිවුවා වෙන කෙනෙක් හොයාගන්න කියලා”

දැන් ඉන්න බෝයිෆ්රෙන්ඩ් ඉද්දි වෙන පිරිමි දිහා එහෙම බලන්නේ නැති කෙල්ලෙක් නේද ඔයා ”එහෙම නෑ ඉඳලා හිටලා වෙන කෙල්ලෝ දිහා බැලෙනවා, ඉතින් ලස්සන දෙයක් දිහා බැලුවට වෙන මොකවත් කරන්න යන්නේ නෑ නේ, ඉතින් කොල්ලොත් ඕන තරම් ලස්සන කෙල්ලෙක් දැක්කම බලන්නේ, ඉතින් ඒ වගේ තමයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.