මගේ බිරිඳ සිංහල විවාහයෙන් පස්සේ ඒයා මගේ ආගමට ආවා – රංගනයෙන් සමුගත්ත ශෂී විජේන්ද්‍ර

සිංහල සිනමාවේ කාගේත් ආදරේ දිනාගෙන හිටපු රංගන ශිල්පියෙක් තමයි ශෂී විජේන්ද්‍ර කියන්නේ, සිංහල සිනමාවේ සිහින කුමාරයෙක් වුන ශෂී ඒ කාලයේ තරුණියන් අතර වැඩියම ජනප්‍රියත්වයක් හිමිකරගෙන හිටපු රංගන ශිල්පියෙක්, කොහොම වුනත් කාලයත් එක්ක ශෂී රංගනයෙන් සමුගන්නවා, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාලයක් ලාංකේය සිනමාව වර්ණවත් කරපු ශෂී සමග, ශෂී මුස්ලිම් ජාතිකයෙක් වුනාට ඔබ ඉගනගන්නේ හැදී වැඩෙන්නේ සිංහල පරිසරයක නේද..? ”ඔව් පොඩි කාලේ ඉඳන්ම මම හැදුනේ සිංහල පරිසරයක, මගේ තාත්තා කවදාවත් මෙයා සිංහල මෙයා මුස්ලිම් කියලා වෙන්කළේ නෑ, එයා කිවුවේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයි කියලා, අපි වෙන රටකට ගියාම අහනවද ඔයා සිංහලද මුස්ලිම්ද කියලා නෑ නේ, අහන්නේ ඔයා මොන රටේද කියලා, අපි ලංකාවේ අය, ලාංකිකයෙක් වෙන්න නම් අනිවාර්යෙන් සිංහල ඉගන ගන්න ඕන ඒ නිසා තාත්තා මාව දැම්මේ ධර්මදූත විධ්‍යාලයට”

තරුණියන්ගේ ආකර්ෂණය වැඩියෙන්ම ලැබෙන කාලයේ ඔබ හදිස්සියේම විවාහ වෙනවා ඇයි ඒ, ”මෙහෙමයි ඇය සිංහල යුවතියක්, දවසක අපි කතා කළා, කොහොම හරි එයා දැක්කම මගේ හිතට මොකද්දෝ අමුත්තක් දැනුනා, මට හිතුනා මෙයා තමයි මගේ සහකාරිය කරගන්න හොඳම කෙනා කියලා, පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න, ඇය මගේ ආගම වන ස්ලාම් ආගම පිළිගත්තා, ඒ විවාහ වුනාට පස්සේ, මොකද කාලයක් එකට ඉද්දී අපිට තේරුනා මෙහෙම ඉන්න බෑ කියලා, ඉතින් එයා සලාම් ආගමට ආවා,

විවාහයෙන් පස්සේ මම සිනමාවෙන් අයින්වෙන්න හිතුවේ නෑ, මගේ පලවෙනි ෆිල්ම් එක මම කරද්දී මට අවුරුදු 25යි, මට වයස 35 වෙද්දී ඔක්කොම ඉවරයි මම හරියටම අවුරුදු දහයයි කළා ලෝකයේ හිටියේ ඒ කාලයට මම ෆිල්ම් 65ක රඟපෑවා, කලාවට සම්බන්දවෙලා අවුරුදු නවයක් යද්දී මට හිතුනා, මේක දිගටම කරගෙන යන්න බෑ කියලා, ඒ කාලේ මට ලොකු අවස්තාවක් තිබ්බා හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න, ඉතින් මම මගේ ළමයින්ට ආදර්ශයක් වෙන විදියට වෙනස්වුනා, සිනමාව කියන්නේ සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් වටිනා මාද්‍යක්, හැබැයි මම මගේ පවුල වෙනුවෙන් ඒ හැම දෙයක්ම කැපකලා”

ඔබ එකපාරම රංගනයෙන් නතරවීම ඔබගේ රසිකයන්ට කරපු අසාදාරනයක් නේද ”මම මගේ රසිකයන්ට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා, ඒක තමයි මම කවදාවත් මගේ රසිකයන්ට ද්‍රෝහී උනේ නෑ, උපරිම මනුස්සයෙක් වෙන්න ඕන නිසා තමයි මම මේ තීරණය ගත්තේ, මම ඔයාලට ගොඩක් ගරු කරනවා, ඔයාලා ආදරේ කරපු කෙනෙක් විදියට අද මම සාර්ථක ජීවිතයක් ගතකරනවා, මම හිතන්නේ ඒක මම ඔයාලට කරන ගරුත්වයක් කියලා”

Related Posts

Leave a Reply

Your email address will not be published.