‘බෝයි ෆ්‍රෙන්ඩ් තමයි මාව නිලියක් කලේ’ මලක් වගේ හැඩකාර මෙනුරි කියන කතාව

මල් පිපෙන කාලේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් ඇය නමින් මෙනුරි පෙරේරා. ඉතින් ඇය ගැනයි මේ කතාව. ඇය බොහෝ දෙනා දන්නේ මල් පිපෙන කාලේ පුජා ලෙසින්. ඒ නිසා පුජා චරිතයෙන්ම අපි කතාවට යොමු වුනා. “පූජා කියන චරිතයට ඇත්තටම මම හිතුවට වඩා මට ප්‍රතිචාර ලැබෙන්න වුනා. අලුතින් කියලා මට ඒ චරිතයට හුරු වෙන්න ඕනි වුනේ නෑ. මොකද ඒ චරිතයට මට ම⁣ම වගේ තමා. මගේ රඟපෑම හොදයි කියලා ගොඩක් අය කිවා.පුජා චරිතය නැති වෙන්න මෙනුරි කියන කෙනා කවුරුත් දන්නේ නැති වෙන්න තිබුනා.”

මල් පිපෙන ටෙලිනාට්‍යයට අමතරව ඔබ වෙනත් ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුනාද? “ඔව් ඇත්තටම මම රාවණ සිසන් 3 එකට සම්බන්ධ වුනා. හැබැයි ඒකට කලින් මල් පිපෙන කාලේ විකාශය වෙන්න පටන් ගත්තා. මේ දෙකම අධ්‍යක්ෂණය කලේ තුෂාර අයියා. ඉතින් මට වෙනසක් නෑ. දෙකම එක අධ්‍යක්ෂකවරයාගේ නිසා”

ගොඩක් තරුණියන්ගේ පෙම්වතුන් කැමතිනා පෙම්වතිය රඟපානවට. නමුත් ඔබේ පෙම්වතා ඔබ රගපානවට අකමැති නෑ. එයට හේතුව, “ම⁣ගේ දක්ෂතාවය අදුරගෙන මාව රංගනයට යොමු කලේ මගේ පෙම්වතා. අද ගොඩක් පෙම්වතුන් කැමති නෑ තමන්ගේ පෙම්වති රඟපාන්න යනවට යනවට. හැබැයි මට එහෙම ප්‍රශ්න තිබුනේ නෑ. මාව මේ තරම් ඉදිරියට ගත්තේ එයා.කාලයත් එක්ක අපිට එක⁣ට රඟපාන්නත් අවස්ථාවක් ලැබෙයි.”

ඔබේ පෙම්වතා ගැනත් කතා කරමු, “චන්දන සර්ගේ ක්ලාස් යන කාලේ තමා මට එයාව හමු වෙන්නේ. ඒත් ආයතනයක් තුළ අපිට අපේ සම්බන්ධ ගෙනියන්නබෑ. ඉතින් ඒ නිසා අපි එතනින් ඉවත් වුනාට පස්සේ තමා ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තේ. එයා ගොඩක් අවංක නිහතමානි කෙනෙක්. හැමෝටම උදව් කරන කෙනෙක්. ඉතින් ඒ වගේ විශේෂ හේතු නිසා මම එයාට කැමති වුනා.”

මෙනුරි කියන්නේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. හැබැයි දැන් ඔබ නර්ථනයෙන් ඉවත් වෙනවද? “අපෝ කවදාවත් නෑ.මගේ පෙම්වතා ම⁣ගේ පවුලේ අය කිසිම දවසක මට නර්ථතනයෙන් ඈත් වෙන්න දෙන්නේ නෑ.රංගනය මට වෙනස් දෙයක්.දැනට මම තාවකාලිකව රංගනයෙන් සමු ගන්නවා.හැබැයි ඉදිරියේදි නර්ථනයට සම්බන්ධ වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *