බිරිඳ මුදල් උපයන නිසා ප්‍රශ්නයක් නෑ නැත්තන් මටත් ජොබ් එකක් කරන්න වෙනවා – දසුන් පතිරණ

ලංකාවේ නළුවන් අතරින් නොමැකෙන නමක් සටහන් කල ආදරණීය රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියන්නේ, ඉතින් අද අපේ කතා බහ ඔබත් මමත් හැමෝම ආදරේ කරන දසුන් සමග. දස්සා මොකද කාලයක් කළා ක්‍ෂේත්‍රයේ පේන්න හිටියේ නැත්තේ..? ”අපේ රටේ කාලයක් තිස්සේ ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්නය එක්ක ඇතටම කිසිම වැඩක් වුනේ නෑ, කොහොමත් මම නිර්මාණ තෝරලා බේරලා තමයි අරගන්නේ, වැඩ බාරගන්නෙත් ගොඩක් අඩුවෙන්. මොකද මම විශ්වාස කරන දෙයක් තියෙනවා අපි හැම වෙලාවේම පේන්න හිටියම අගයක් නැතිවෙනවා කියලා, ඉතින් කලින් කරපු නිර්මාණ රිලීස් වෙනකන් පොඩ්ඩක් හිටියා,”

ඒ කියන්නේ දසුන්ට නිර්මාණ හිඟයක් නෑ කියලද ? ” මට කොහොමත් ඒ කාලේ ඉඳලම එහෙම හිඟයක් නෑ, අපේ රටේ තත්වය එක්ක වැඩ කෙරුනේ ගොඩක් අඩුවෙන්. පසුගිය කාලේ හොඳයි කියලා හිතෙන නිර්මාණ මට ලැබුනේ නෑ, පාස්කු සිදුවීමෙන් පස්සේ කොහොමත් හරියට වැඩක් වුනේම නෑ, ඊටපස්සේ වසංගතය ඊටත් පස්සේ රටේ තෙල් තත්වය, මේ හැම දෙයක්ම ගොඩක් බලපෑවා ඒ දේවල් එක්ක කාලය ගොඩක් ගිලිහුනා ඇත්තටම ඒවා අපේ ප්‍රශ්න නෙවෙයි රටේ ප්‍රශ්න මොනවා කරන්නද ඉතින් මේ දේවල් දරාගෙන ඉන්න වෙනවා”

ඒ කියන්නේ පහුගිය කාලයේ ආර්ථික ගැටළු වලටත් මුහුණ දෙන්න සිදුවෙන්න ඇති නේද ? ”ඇත්තම කියනවනම් ඔව්, ඒ ගැටලුවට අපි හැමෝටම මුහුණ දෙන්න වුනා. පොඩි හරි සහනයක් ලැබුනේ මගේ ආදරණීය බිරිඳ නිසා. ඇයත් මුදල් උපයන නිසා ඇයගෙන් ලොකු සහනයක් ලැබුනා, ඒ සහයෝගයත් එක්ක අපි ජීවත්වෙලා හිටියා, මම රංගනයෙන් විතරක් ජීවත් වෙලා හිටියනම් අද මට රැකියාවක් හොයාගන්න වෙලා. නමුත් මගේ බිරිඳගේ සහයෝගය තිබ්බ නිසා ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.