Sat. May 21st, 2022

මනිෂා චංචලා කියන්නේ මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ ආදරය දිනගත් සුන්දර යුවතියක්. සිදු ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතය හරහා ප්‍රසිද්ධත්වයක් ලබපු ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ.මහනුවර ප්‍රදේශයේ උපත ලබන මනිෂා පවුලේ බාලයා වෙනවා. කොහොම වුනත් ඇයව කලාවට යොමු කලේ ඇගේ මවත් පියත් බවයි අපිට පවසා සිටියේ.

මනිෂාගේ කලා ජිවිතේ ගැන මුලින්ම කතා කලොත්, “2008 මහනුවර කදුරට fm එකේ ළමා නිවේදිකාවක් විදිහට මම මුලින්ම වැඩ කරනවා. ඊට පස්සේ දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයටද සහභාගි වෙනවා. එහිදි 12 පහළ තරඟයෙන් හතර වන ස්ථානය මට හිමි වෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක මම ගායිකාවක්, රංගන ශිල්පිනියක්, මෙන්ම නිවේදිකාවක් විදිහට මගේ ගමන ආරම්භ කරනවා.”

ඔබේ පෙම්වතා ගැන වගේ ඔබේ ආදරේ ගැන කතා කලොත්, “මගේ පෙම්වතා කලිදු කරුණාරත්න.⁣ එයා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙක්. මම හිතන්නේ කලිදු වගේ කොල්ලෙක් ලැබුනේ මගේ වාසනාවට. එයා හරිම අව්‍යාජ කෙනෙක්. කිසිම වාසියක් පතා බොරුවක්වත් කියන්නේ නෑ. පොළොවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක් එයා. කිසිම දවසක මගේ ගමනට මට එයාගෙන් බලපෑමක් නෑ. එයා මට මගේ ගමන යන්න උදව් කරනවා. මේ හැමදේම එක්ක තමා මම එයාට කැමති වෙලා අපේ සම්බන්ධය පටන් ගත්තේ. ඉතින් අපිමනා වු තේරුම් ගැනිමක් එක්ක අපේ ගමන යනවා. මම නම් කියන්නේ හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන කළිඳු වගේ කොල්ලෙක් කියලා”

ජිවිතේ කඩා වැටිම් තියෙනවද? “අම්මෝ ජිවිතේ පසුබැසිම් නෑ කිවොත් ඒක බොරු. ඕනිම කෙනෙකුගේ ජිවිතේ කඩාවැටිම් පසුබැදිම් තියෙනවා. මගේ ජිවිතේ වුනත් ඒවා තියෙනවා වෙද්දි මම ඒ හැමදේම අභියෝගයක් විදිහට භාරගත්තා. අනික ඒ හැමදේම මම අලුත් අත්දැකිමක් විදිහට ජිවිතේට එකතු කරගත්තා. සමහර විට ඒ නිසාම මට මේ ගමන එන්න පුළුවන් වෙන්න ඇති.”

මනිෂාගේ අනාගත බලාපොරොත්තු “මම ආසයි මේ ඉන්න කේෂ්ත්‍රයේ ඉදලම ජිවිතේ හොද තැනකට හොද නමක් දිනාගන්න. හැබැයි ලොකු ගමනක් සාර්ථක ගමනක් යන්න මට හදිස්සියක් නෑ. මම හෙමින් මේ ගමන හොද විදිහට යන්න තමා ලොකුම බලාපොරොත්තුව.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *