‘පිරිමි බෑ කියපු ගොඩක් දේවල් මම කළා’ බෝනික්කියක් වගේ සුන්දර ඩිශ්නි කියන කතාව

ජාත්‍යන්තරයට යන්න ආසාවෙන් ඉන්න පහුගිය කාලය පුරා නර්ථනය නිසා බොහෝ දෙනෙක් කතා කල ඇය ගැනයි මේ කතාව. නමින් ඩිශ්නි රාජපක්ෂ. පහුගිය දිනවල රියලිටි කලාවේ වෙනසක් කළ හිරු මෙගා ස්ටාර් හි කිරුළ දිනා ගැනිමට ඇය සමත් වුනා. ඒ සමඟම බොහෝ දෙනා ඇගේ නර්ථන හැකියාව ගැන කතා කරන්න පටන් ගත්තා. මුලින් අපි ඒ ගැන කතා කරන්න හිතුවා.,

ඩිශ්නි මේ ලැබුන කිරුල ගැන මොකද හිතෙන්නේ “ප්‍රේකෂකයන් මට තියෙන ආදරය නිසය මට ඒ කිරුළ ලැබුනේ කියලා මම විස්වාස කරනවා. ඒ ආදරයට සිමාවක් නෑ. මොකද මේ තරඟය ජයග්‍රාහණ ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි එදා එ විදපු සතුට මට ජිවිතේ ආයේ කිසි දවසක විදින්න ලැබෙන්නේ නෑ. මොකද ඒ තරම් සතුටත් මම එදා වින්දා. එදා මම ඒ කිරුළට දිපු හාද්ද පවා දුන්නේ මගේ දෙස් විදෙස් සියළුම රසිකයන්ට.”

ඩිස්නිගේ රංගනය ගැන අපි දන්නවා. හැබැයි මෙහෙම විස්මයජනක නර්ථන රසිකයින් බලාපොරොත්තු වුනේ නෑ නේද, ”මේ මම සහභාගි වෙන පළවෙන රියලිටි තරඟය. ම⁣ගේ රංගනය ගැන ප්‍රේක්ෂකයන් රාවනා ටෙලි නාට්‍ය නිසාම දන්නවා. ඉතින් මට වෙනසක් කරන්න හිතුවා. ප්‍රේක්ෂකයන් නොහිතපු ව්දිහට මම ඒ වෙනස කලා.”

ඩිස්නිට ඒ හැමදේම අභියෝගයක් වුනා නේද? “ඇත්තටම ඔව්. පිරිමි අය පවා ඉදිරිපත් කරනන බෑ කියපු දේවල් මම කරලා පෙන්නුවා. සමහර තැනවල ජිවිතේ පවා අවධානමක දාගත්තා. මගේ කකුලත් එක්තරා අවස්ථාවකදි කැඩෙනවා. හැබැයි මම පුහුණු විම් කළා. ලලිත් පැරකුම් ගුරුතුමාව විශේෂයෙන් මතක් කරන්න ඕනි. මොකද ඔහු මට ලොකු සහයෝගයක් දුන්නා.”

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කලොත්, “ජාත්‍යන්තරයට යන්න අදහසක් තියෙනවා. ඒක කොහොම වෙයිද කියන්න දන්නේ නෑ ඉතින්. හැබැයි 2019 මිස් ශ්‍රි ලංකා තරඟයට මම ජාත්‍යන්තරය සමඟ තරඟ වැදුනා. එහිදි මගේ රටට මම ජයග්‍රාහණ හිමි කරලා දුන්නා. ඒවගේ ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන එක තමයි මෙගේ හීනය”

Leave a comment

Your email address will not be published. Required fields are marked *