‘දැන් ගොඩක් අයට චරිත දෙන්නේ මූන බලලා’ ජනප්‍රිය නිලි ප්‍රාර්ථනා කියන කතාව

ප්‍රාර්ථනා සමාධි කියන්නේ අලුතින් කලාවේ ගමන් මඟ වෙනස් කරන දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ස්වර්වාහිනියේ චලෝ ටෙලිනාට්‍ය හරහා කරලියට එන ඇයට හිමි වෙන්නේ ගුරු වෘත්තියෙන් යුතු චරිතයක්. කුඩා කාලයේ පටන් රංගන ශිල්පිනියක් ⁣විමට ආසාවෙන් හිටිය ප්‍රාර්ථනාගේ ඒ ප්‍රාර්ථනය අද හැබෑවක් වෙලා. හැබැයි ඒ ප්‍රාර්ථනාව හැබෑවක් විමට ඇය කාලයක් ගියා.

ඔබව අද ⁣ගොඩක් අය අදුරන්නේ ගුරුවරියක් විදිහට නේද “මම චලෝ ටෙලිනාට්‍යයේ ‘යමුනා’ මිස්ගේ චරිතයට සම්බන්ධ වෙනවා. ඇත්තටම මම රංගනයට ආස වෙද්දි මේ ලැබුන චරිතය ගැන ගොඩක් සතුටු වෙනවා. කතාව ඇතුලේ මගේ එකම බලාපොරොත්තුව පාසලෙන් ෆුට් බෝල් කණ්ඩායමක් නිර්මාණය කරලා ජාත්‍යන්තරයට රැගෙන යන්න.”

ෆුට් බෝල් ගැන ලොකු දැනුමක් නැතුව කොහොමද ඔබ මේ චරිතයට සම්බන්ධ වෙන්නේ, “මට ෆුට් බෝල් ගැනලොකු දැනුමක් නෑ. හැබැයි මට චරිතයේ ස්වාභාවය තේරුම ගන්න මම ඒ ගැන විස්තර හොයන්න පටන් ගත්තා. මම දන්න අය සමඟ පුහුණුවිම් කළා. කතා කලා. ඉතින් යමුනා මිස් කියන්නේ සත්‍ය කතාවක චරිතයක්. මට චලෝ ටිම් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ නිසාම මම උපරිම සාධාරණයක් ඒ චරිතයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදි තවත් හොදට ⁣චරිතයට දායක වෙන්න ඇත්තටම මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

ගොඩක් ගැහැනු ළමයිට මේ කේෂ්ත්‍රයට එන්න පහසුයි. ඒත් ඇයි ඔබ ප්‍රමාද වුනේ. “මට කොහොමත් එකපාර ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවයක් නෑ. අනික දක්ෂතාවය තිබුනත් අවස්ථාව කියන දේ අඩුයි. අද ගොඩක් අයට චරිත හිමි වෙන්නේ මූණ බලලා. කේෂ්ත්‍රයට ගන්නෙත් එහෙම. හැබැයි මම කියන්නේ රූපයට වඩා තැනක් දෙන්න ඕනි දක්ෂතාවයට කියලා.”

ඔබ මුලින්ම එන්නේ වේදිකාවෙන්, “ඔව් මම පාසල් කාලේ වෙිදිකාවට නැගපු කෙනෙක්. ඉතින් ඒ නිසාම මට වේදිකා නාට්‍ය දෙකකට වගේ සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වෙනවා. ඊට කාලෙකට පස්සේ තමයි මම චලෝ ටෙලි නාට්‍ය සමග සම්බන්ද වෙන්නේ. කොහොම උනත් මගේ රංගන ගමන හරියට පටන් ගත්තේ චලෝ නාට්‍යයෙන්. මොකද අද හැමෝම මම ගැන කතාවෙන්නේ ඒ ටෙලි නාට්‍ය නිසා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *