ඉදිරි පැය 48 රටට තීරණාත්මකයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසන්නේ ඉදිරි පැය 48 රටට තීරණාත්මක බවයි.යළි හිස එසවූ කොඩ් වසංගතය හමුවේ රටක් ලෙස කුමන තීරණ ගත යුතුද යන්න එහිදී තීරණය කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළා.හිරු ඇත්ත සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.ජනතාව හැකි තරම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද ඔහු පවසනවා.සංචරණ සිමා පැනැවීම නොකර තවදුරටත් සමාජය තුළ සිටින ආසාධිත රොගීන් සොයාගැනීමට නොහැකිවනු ඇති බව ද ඔහු කියා සිටියා.උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග නියමිත පරිදි පැවැත්වීමට රජය තීරණය කළේ එම අවස්ථාවේ තත්ත්වය සලකා බලා බවද ඔහු සඳහන් කළා.දැනට සිදුකර පි සි ආර් පරීක්ෂණ ප්‍රමාණය මිට වඩා වැඩිකිරීමට සිදුවන බවද ඔහු පැවසුවා.

වෙනත් පුවතක් – හෙට පාර්ලිමේන්තුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා වේ

හෙට(09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද(08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.ඒ අනුව හෙට දිනයට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 වැනිදා විවාදයට ගැනීමට නියමිතයි.