බොහෝ දෙනෙක් අතර පවතින වැරදි මිත්‍යා මත 6ක්

පුරුදු සමූහයක් අපට ඇති අතර ඒ අතරින් ආහාරයට පෙර අත් සේදීම,නිතිපතා ව්‍යායාම කිරීම වැනි දේය. අපේ රුව සහ ශරිර හිතකරතාවය වෙනුවෙන් පවත්වා ගත යුතු තවත් බොහෝ පිලිවෙත් ඇති බවත් අමතක කළ යුතු නැහැ. ඒ නිසා අප විසින් මුලින් සඳහන් කළ හොද පුරුදුවලට මෙන්ම මේවාටත් මුල්තැන දීම වැදගත් නිසාම අද මෙම ලිපියෙන් ඔබට ඒ දේ ගැන ඉදිරිපත්කරන්න හිතුවා.

  1. මල්ටි විටමින් මොකටද…?

අපේ බොහෝ දෙනාට ඇත්තේ විටමින් උන්මාදයක්.වෛද්‍යවරයා වෙතට ගියත් මට විටමින් එකක් ලියලා දෙන්න පුලුවනිද විමසන බොහෝ රෝගීන් අතර ඔබ තවත් එක් පුද්ගලයෙක් නොවන්න.ඊට හේතුව විටිමින් යනු ඒ තරම් සුබවාදී දෙයක් නොවේ. මල්ටි විටමින්වල සහ සියළු ආකාරයේ ජෛව ආකලන පරිභෝජනයෙන් ඇතැම් රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා යන්න සහ මතක ශක්තිය වැඩි කරනවා යන ප්‍රචාරයන්හි ඇත්තේ මිථ්‍යාවකි.එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මේ ගැන පර්යේෂණයක් සිදු කළ අතර ඒ වෙනුවෙන් 45,000 කට අධික පිරිසක් සම්බන්ධ කර ගෙන තිබෙනවා.මේ නියැඳියට සම්බන්ධව ලබා ගත් ප්‍රතිඵල මගින් සනාථ වූයේ මල්ටි විටමින් මගින් ඔය කියන අන්දමේ ප්‍රාතිහාර්යක් සිදු නොවන බවයි.නමුත් සෞඛ්‍යට අහිතකර බව නම් සනාථ වී තිබෙනවා.

2. ප්‍රතිබැක්ටීරියා ජෙල් වලින් විෂබීජ ඉවත් වෙනවාද..?

ප්‍රති බැක්ටීරියා ජෙල් මගින් විවිධ වර්ගයේ බැක්ටීරියා සහ විෂබීජ ඉවත් වෙන බව නම් ඇත්ත. නමුත් ඒ වෙනුවෙන් සුදුසුකම් තිබීම අවශ්‍යයි. මොනවද මේ සුදුසුකම්.මේ ජෙල් වර්ග නිෂ්පාදනයේදී 60% කට නොඅඅඩු ප්‍රතිශතයකින් මද්‍යසාර අඩංගු නම් මුලින් සඳහන් කළ ප්‍රතිඵල අපට ලැබෙනවා. මේ ප්‍රතිශතයෙන් මද්‍යසාර අඩංගු නොවනවා නම් සියලු වර්ගවල ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ.නොරෝවෛරස හෝ ක්‍රිප්ටෝපොස්රෝඩියා වෙනුවෙන් කිසිම බලපෑමක් ඇති කිරීමට ඉහග ප්‍රතිජෙල් බැක්ටීරියාවන්ට හැකියාවක් නැහැ.නමුත් හැම අවස්ථාවකදීම ප්‍රතිබැක්ටීරියා ජෙල් වලින් පමණක් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.ඔබ පළිබෝධනාශක හෝ දූෂනය වුන දෙයක් ස්පර්ශ කිරීමෙන් පසුව මද්‍යසාර අඩංගු දියරයකින් අත් සේදූ පමනින් නිදහස් වෙන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබ අනිවාර්යෙන්ම අත් සේදිය යුතුයි.ඒ නිසා හොදින් ත්සේදීම තරම් ආරක්ෂාවක් තවත් නැති බව දැන් ඔබටත් ඒත්තු යනවා ඇති.

3. ඩෙටොක්ස් ආහාර..

අද ඩෙටෙක්ස් ආහාර ලෝකය පුරා බෙහෙවින් ජනප්‍රියයි.මෙම ආහාර අපේ සිරුරේ විෂ ඉවත් කිරීමට හේතු වෙනවා.ඒත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ ආහාර වලින් පමණක් එම කාර්යය ඉටු නොවන ඉවයි.ඒ නිසා ඔබේ අක්මාව සහ වකුගඩු ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්තේ නම් මේ ආහාර මත යැබෙමින් සිටින්න එපා. ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න. ඒ වගේම පාන වර්ග සහ කොක්ටේල් පමණට වඩා පානය කිරීමෙන් දුරස් වෙන්න.

4.මම නම් මයික්‍රොවේව් එකෙන් රත් කරනවා

ඔබ නිතරම ආහාර උණුසුම් සහිතව ආහාරයට ගැනීමට නම් මයික්‍රොවේව් උදුනෙන් රත් කරනු ඇති.නමුත් මේ රත්කිරීම සමග ඒවායේ ඇති පෝෂණීය තත්වය විනාශ වෙනවා.
මේ කාර්යයම වෙනත් ආකාරයේ උඳුනක් භාවිතයෙන් ආහාර නැවත රත් කළ විටත් සිදුවිය හැකිය. සමහර අවස්ථාවල මයික්‍රෝවේව් උඳුන වේගයෙන් ක්‍රියාත්මක වන නිසා එහි ආහාර රත් කිරීමෙන් විටමින් සී වැනි ද්‍රව්‍ය වඩා හොඳින් ආරක්ෂා කර ගත හැකිය.

5. ආහාර ගැන සහතික ලබා දීම

බොහෝ රටවල කාබනික ආහාර පිළිබඳව සහතිකයක් ප්‍රදර්ශනය කිරීමට නීතිමය අවශ්‍යතාවයක් නැත. ”පාරිසරික”( eco) ”ජෛව” (bio)යන ලේබල් ඇත්තටම වානිජ උපක්‍රමයක්

6. අඩු මේද වෙනුවෙන් කැලරි ශක්තිය අඩු කිරීම සාර්ථක නැහැ

කාබොහයිඩ්ඩ්‍රේට වගේම අපේ සිරුරට මේද අවශ්‍යයි. ඒ නිසා අඩු මේදයට මාරු වීමෙන් කැලරි ශක්තිය අඩු කිරීමට විකල්පයක් නොවේ. ඒ වගේම මේදය අඩු කිරීම සමග ඉහළ සීනි ප්‍රතිශතයක් සිරුරට ලැබීමත් සිරුරට අහිතකර අන්දමින් බලපෑමට හැකියාව තිබෙනවා.කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් මෙන් අපගේ ශරීරයට මේදය අවශ්‍ය වන අතර සාමාන්‍ය ආහාර නිෂ්පාදන අඩු මේදයට සමාන ලෙස මාරු කිරීම කැලරි අඩු කිරීමට හොඳම ක්‍රමය නොවේ. එපමණක් නොව, බොහෝ නිෂ්පාදන වල මේදය අඩු කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර විය හැකි පරිදි ඉහළ සීනි අන්තර්ගතයක් ව්‍යංගයෙන් ලබා දෙන බවත් අමතක කරන්න එපා.