21 වන උපන්දිනය දවසේ වෙච්ච දේ මට කවදාවත් අමතක කරන්න බෑ

අද අපිත කතා කරන්න හිතුවේ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය චරිතයක් සමග කාලෙන් කාලෙට විවිද ජනප්‍රිය චරිත බිහිවුනත් එම ජනප්‍රියත්වය නොනැසී තබාගන්න පුළුවන්වෙන්නේ බොහොම සුළු පිරිසකට පමණයි ඉතින් අද අපේ කතා නායිකාවත් ඒ වගේ නොනැසී පවතින ජනප්‍රියත්වයක් හිමි කරගත් චරිතයක් ඇය නමින් ප්‍රවීණ ගායන ශිල්පිනී කොරින් අල්මේද‌ා, අතින් අද අපි කතා කරන්නේ කොරින් අල්මේද‌ාගේ උපන්දිනය ගැන,

  • කොරින් කොහොමද ජීවිතේ ඔබේ උපන්දිනය ගැන විස්තර මොනවද?
  • ජීවිතේ ගොඩක් හොඳයි ගොඩක් සතුටින් ඉන්නවා, මගෙ උපත සිද්ධවෙන්නෙ දෙසැම්බර් 6 වෙනිද‌ා පවුලේ වැඩිමලා මම මට ඉන්නෙ මල්ලියි, නංගියි
  • පුංචි කාලෙ උපන්දින සැමරුම් ගැන එහෙම මතකයක් නැද්ද?
  • ඉස්සර ඉඳම්ම අපේ පවුලෙ අය එකතු කරගෙන තමයි ගොඩක්ම සාද පැවැත්වුවෙ. අපේ පවුල ගොඩක්ලොකු පවුලක්, අම්මගෙ, තාත්තාගේ පවුලෙ ගොඩක් අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා, ඒ අයගෙ ළමයි හැමෝම ඒ වගේ දවසකට එකතු වෙනවා.ඊට පස්සේ සින්දු කියලා නටලා ගොඩක් විනෝද වෙනවා මොකද අපේ පවුලෙ අය සංගීතයට ගොඩක් ළැදියි.

අමතක කරන්නම බැරි උපන්දිනයක් ගැන කතා කරමු?

මගේ 21 වැනි උපන්දිනය එදා ලොකු පාටි එකක් තිබ්බා. මගේ යාළුවො, පවුලෙ අය බොහෝ දෙනෙක් එදා එකතු වුණා. මගේ ජීවිතේ සමරපු ලොකුම උපන්දින සාදය ඒක මගේ තාත්තා වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ නිසා අපි ඒ කාලෙ හිටියෙ මවුන්ට් මේරි දුම්රිය නිවාස සංකීර්ණයේ. ඒකෙ තමයි මගේ උපන්දින පාටිඑක පැවැත්වුණේ. එදානම් ගොඩක් විනෝද වුනා අවුරුදු 21 කියන්නෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් නිසා ඒ විශේෂ උපන්දිනය සැමරුවා. ඊටපස්සේ ලොකු ලොකු පාටි නෑ. මම කොහොමත් උපන්දින සමරන්න වැඩි කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි. දැන් කාලෙක ඉඳලා මගේ උපන්දිනය දවසට මම කරන්නෙ ද‌ානයක් වගේ දෙයක් දෙන එක තමයි. ළමා නිවාස, වැඩිහිටි නිවාස. ආබාධිත අය වෙනුවෙන් පුළුවන් විදියට මොනවා හරි දෙයක් කරනවා. ඒ කිසිවක් සමාජ ජාලවල පල කරන්නෙ නැහැ.

දෙසැම්බර් 6 ඉපදීම ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි මොකද මමදෙසැම්බර් මාසයට මම ගොඩක් කැමතියි. දෙසැම්බර් මාසය කියන්නෙ නත්තල් සිසිලත් එක්ක මුළු ලෝකෙම බබළන මාසයක්. හරි විනෝදයෙන් ගත කරන්නෙ. මාව මේ ලෝකයට බිහි කරපු මගේ දෙමව්පියන්ට ඒනිසා මම ස්තුති වන්ත වෙන්න ඕන.

01.

02.

03.

04.

05.

06.

07.

09.

10.