2021 වසරේ ලස්සනම කාන්තාවන් 20 මෙන්න

ලස්සන ගැන විවිධ අය විවිධාකාරයෙන් අර්ථකතනය කරලා තිබෙනවා. කොහොම වුණත් මිනිස්සු ලස්සන දකින විදිය, අගයන විදිය එකිනෙකාට වෙනස්වෙනවා. හැබැයි මේ ලැයිස්තුවේ ඉන්න අය නම් තේරීපත්වෙලා ඉන්නේ ඒ අයගේ බාහිර පෙනුම ගැන ලැබුණු විනිශ්චයන් තුලින්. අසමසම සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ සුන්දරියන් තමයි 2021 වසරේ මුලදිම ලොව ලස්සනම මුහුණකට හිමිකම් කියන යුවතියන් 20 දෙනාගේ ලැයිස්තුවට එක්වෙලා තියෙන්නේ.

20. Golshifteh Farahani

ඇය ඉරාන ජාතික නිළියක්, සංගීතඥවරියක් සහ ගායිකාවකි. ඇය ජිවත් වන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ජාත්‍යන්තර මට්ටමේ පිලිගැනීමකට ලක්වු චිත්‍රපට 25 ක පමණ ඇය රංගන දායකත්වය සපයා ඇත. ප්‍රංශයේ හොඳම නිලියට හිමි සම්මානයට පවා ඇය පාත්‍ර වී තිබෙනවා.

19. Ju Jingyi

ඇය චීන ජාතික ගායිකාවක් මෙන්ම නිළියකි. ඇයව චීනයේ හැඳින්වෙන්නේ වසර ‘4000 කට පසු පහළ වූ දේව ප්‍රතිමූර්තියක්’ යන අරුත් ඇති “once in 4000 years idol” යනුවෙනි. ඇය චීනයේ ලස්සනම කාන්තාවන්ගේ ලැයිස්තුවේද ඉහළ ස්ථානයක ‍රැඳී සිටියි.

18. Antonia Lacbescu

රොමේනියානු-ඇමෙරිකානු සම්භවයක් ඇති ඇය ගායිකාවක් මෙන්ම නිරූපිකාවකි. ඇය අවුරුදු 10 පටන්ම ගායන් ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින්නීය.

 17. Adelaide Kane

ඇය ඕස්ට්‍රේලියානු ජාතික නිළියකි. Queen of Scots  කතා මාලාවේ Mary චරිතය හරහා ඔබ ඇයව දැක ඇති. ඇය රූපවාහිනි කතා මාලාවල අතිශය ජනප්‍රිය අයෙකි. මේ දිනවල ඇයව ABC ජාලයේ කතාමාලාවක් වන Upon A Time තුලින් දැකගත හැකියි.

16. Sonia Ben Ammar

ප්‍රංශ-ටියුනීසියානු සම්භවයක් ඇති ඇය විලාසිතා නිරූපණ ශිලිපිණියක්, ගායිකාවක් මෙන්ම නිළියකි. ඇය ළමා කාලයේ පටන්ම නර්ථනය, ගායනය , පියානෝව මෙන්ම රංග කලාව ද හදාරා ඇත. කුඩා කල ඇය හඬකැවීම් ශිල්පිණියක් ලෙසද දායක වී ඇත.

15. Emma Watson

ඇයව නොහඳුනන කෙනෙක් සිටිය නොහැකි තරම්. Harry potter චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රසාදයාට් පත් ඇය බ්‍රිතාන්‍ය ජාතික නිළියක්, නිරූපිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ද වෙනවා. හොලිවුඩයේ සිටින දක්ෂතම වගේම වැඩිම මුදලක් අය කරන නිළියයි. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටින තානාපතිවරියකි. සමාජය තුල ලිංගික සමානාත්මතාව ඇතිකිරීම සඳහා#HeForShe නම් කාන්තා අභිවෘද්ධිය සඳහා වන සමාජ ව්‍යාපාරයක ඇය නිරත වී සිටියි.

14. Jourdan Dunn

බ්‍රිතාන්‍ය ජාතික සුපිරි නිරූපණ ශිල්පිණියක්, නිළියක් වන ඇය ලොව ලස්සනම කාන්තාවන්ගේ ලැයිස්තුවේ 7 වෙනියා ලෙස වරක් තැරීපත් වී සිටියාය.Forbes සඟරාවට අනුව ඉහළ ආදායක උපයන නිරූපණ ශිලිපිණියන්ගේ ලැයිස්තුවට තේරීපත් වූ කලු සමක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතික නිරූපිකාව ඇය බවයි. ඇය විලාසිතා ලොව අයිකනයක් ලෙස ද හැඳින්වෙනවා.

13. Urassaya Sperbund

25 හැවිරිදි වියේ පසුවන ඇය තායිලන්ත ජාතික නිළියක් සහ නිරූපිකාවකි. ලොව සුපතල වෙලඳ සන්නාම ‍රැසක් සමඟ එක්වි ඇය කටයුතු කරමින් සිටියි. American Vogue සඟරාවේ මුල් පි‍ටුවේ පෙනී සිටි ප්‍රථම තායි ජාතික සුපිරි තරුව වන්නේ ඇයයි.

12. Banita Sandhu

පන්ජාබි ඉන්දියන් සම්භවයක එති ඇය ඉපිද ඇත්තේ බ්‍රිතාන්‍යයේයි. 19 වන හැවිරිදි වියේ පසුවන ඇය නිළියක් මෙන්ම නිරූපිකාවකි.

11. Lalisa Manoban

තායිලන්ත ජාතික ‍රැප් ගායිකාවක්, නර්ථන ශිල්පිණියක් සහ නිරුපිකාවක් වන ඇය Black Pink නම් දකුණු කොරියානු කාන්තා සංගීත කණ්ඩායමේ සාමාජිකාව්ක් ද වනවා.

10. Camilla Belle

ඇමෙරිකානු නිළියක් වන ඇය ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත්තේ ඉතා කුඩා කාලයේදීමයි.  ඇය මාස 9 ක් තරම් කුඩා වයසේදී වෙළඳ දැන්වීමකට සහභාගී වෙමින් ක්ෂේත්‍රයට පිවිසියාය. Trapped Beneath, The Ballad of Jack and Rose, When a Stranger Calls, 10000 BC, Push වැනි නිර්මාණ  හරහා ඇය ප්‍රේක්ෂක අවධානය දිනාගත්තාය.

09. Sarah Gadon

කැනේඩියානු නිළියක් වන ඇය මේ ලැයිස්තුවේ 9 වන ස්ථානයට පත්වී සිටිනවා. A Dangerous Method, Cosmopolis  වැනි නිර්මාණ වල ඇය රඟපෑ චරිත වඩාත් කැපී පෙනුනා. කැනේඩියානු සිනමාවේ වටිනාම මුහුණක් ලෙසයි ඇයව හැඳින්වෙන්නේ.

08. Oktyabrina Maximova

22 වන හැවිරිදි වියේ පසුවන ඇය රුසියානු ජාතික නිරූපිකාවකි. මේ සුරූපිණිය ගැන බොහෝ කරුණු අනාවරණය නොවුණත් බොහෝ දෙනා පවසන්නේ ඇය අතිශය සුරූපී තරුණියක් බවයි. කෙසේවෙතත් ඇය මේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයකට පත්වී සිටිනවා. නුදුරේදීම ඇයගේ සුන්දරත්වය නිසා ඇය මුලු ලොවම හඳුනන චරිතයක් වනු ඇති බව නිසැකයි.

07. Taylor Hill

ඇමෙරිකානු ජාතික නිරූපිකාවක් වන ඇය Victoria’s Secret සමාගමේ මුහුණුවර කියලයි කියන්නේ. රූප සුන්දරියන්ගේ ලැයිස්තුවල ඇයගේ නම බොහෝමයක් අවස්ථා වල ඇතුලත් වී තිබෙනවා. Instagram හි වැඩිම දෙනෙක් follow කරන නිරූපිකාවක් ලෙසත් ඇය අතිශය ජනප්‍රියයි.

06. Hande Ercel

තුර්කි නිළියක් මෙන්ම නිරූපිකාවක් වන ඇය එරට සිටින අතිශය සුන්දරම මෙන්ම දක්ෂතම නිළියකි. ඇය මෝස්තර නිර්මාණ ශිල්පිණියක් ද වෙනවා. ලොව ලස්සනම කාන්තාවන්ගේ ලැයිස්තුවේ ද ඇය සිටීම විශේෂත්වයක්.

05. Im Jin Ah (Nana)

දකුණු කොරියානු ජාතික ගායිකාවක් වගේම නර්ථන ශිල්පිණියක් වන ඇය මේ ලැයිස්තුවේ 5 වන ස්ථානයට පත්වෙලා සිටිනවා. ඇයගේ සුන්දර අහිංසක පෙනුම නිසාම ලොව සුපතල පුවත්පත් සහ සඟරාවල මුල් පි‍ටු ඇගේ ඡායාරූප වලින් හැඩවෙන අවස්ථා බහුලය. ඇය බොහෝ සමාජ ව්‍යාපාර වල ප්‍රධාන මුහුණුවරක් ලෙස ද හැඳින්වෙනවා. පසුගිය වසර කිහිපය තුල ඇය ලොව සුරූපීම කාන්තාවක් ලෙස නම් දරා තිබෙනවා.

04. Yael Shelbia

ඊශ්‍රායල් ජාතික නිරූපිකාවක් වන ඇය උපතින් යුදෙව් තරුණියකි.ඇය ඉගෙන ගන්නා කාලයේදි Instagram ගිණුමේ පළකර තිබූ ඡායාරූපයක් නිසා ඇයට නිරූපණ ක්ෂේත්‍රයට වරම් ලැබි තිබුණේ අහම්බයකින් වගෙයි. ආගමික පසුබිම නිසා ඇයගේ වෘත්තිය ජීවිතය බොහෝ මතභේදවලට ලක්වුණු අවස්ථා තිබේ.කෙසේවෙතත් ඇය ජාත්‍යන්තර මට්ටමේ නීරූපණ වැඩසටහන් වලට පවා සහභාගී වේ. යුරෝපය තුල ද ඇය දැඩි ප්‍රසිද්ධියක් උසුලයි. ඇය ලොව සුරූපීම මුහුණක් ඇති කාන්තාවන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වී සිටිනවා.

03. Liza Soberano

අමෙරිකානු-පිලිපීන ජාතික නිළියක් සහ නිරූපිකාවක්  වන ඇය ලොව සුපතල වෙළඳසමාගම් සමඟ එක්ව කටයුතු කරමින් සිටියි.2018 වසරේAsia -Pacific’s most popular endorser’ ලෙස ඇය තේරි පත්වී  ඇත.

02. Chou Tzu Yu

තායිවාන ජාතික ගායිකාවක්, නිරූපිකාවක් මෙන්ම නර්ථන ශිල්පිණියක් වන ඇය වර්තමානයේ ජීවත්වන්නේ දකුණු කොරියාවේයි. ඇය ක්ෂේත්‍රයට පැමිණ ඇත්තේ 2015 වසරේ දකුණු කොරියාවේ පැවති රියැලිටි තරඟාවලියක් හරහායි.

01. Thaylane Blondeau

ප්‍රංශ ජාතික නිරූපිකාවක් මෙන්ම නිළියක් වන ඇය මේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින තරුණිය බවට පත්වෙලා සිටිනවා. 2021 වසරේ ලොව ලස්සනම මුහුණට හිමිකම් කියන්නේ ඇයයි.ඇය වෘත්තීය පාපන්දු ක්‍රීඩක Patrick Blondeau සහ ප්‍රංශ නිළියක් මෙන්ම රූපවාහිනි නිවේදිකාවක් වන Veronika Loubry දෙපළගේ දියණියයි. Blondeau නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත්තේ 2005 වසරේදීය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 4 කි.