විද්‍යුත් උපකරණ අලුතින් ගත්ත වගේ පිරිසිදුවට තියා ගන්න ක්‍රම 10ක්

අපගේ විද්‍යුත් උපකරණ පරිහරණය වගේම ඒවා පිරිසිදුව තබා ගැනිම වැදගත්.නිසි ආකාරව පිරිසිදුව තබා ගැනිමේදී එම උපකරණ දිර්ඝ කාලයක් පරිහරණය කිරිමේ හැකියාව තිබෙනවා.පරිගනකය, ජංගම දුරකතනය, හෙඩ් සෙට් එක, චාර්ජර්ස්, මේවා හැමෝම වගේ භාවිතා කරන සුපුරුදු භාණ්ඩ. මේ භාණ්ඩ වලට එක එක අය සළකන විදිය හරිම වෙනස්. සමහරු මේවා නිතර පිරිසිදු කරන අතර සමහරුන්ට ඒවගේ අගය තියෙන්නේ අතට ගන්න තුරු පමණයි. කෙසේ වෙතත් මේ භාණ්ඩ ලස්සනට පිරිසිදුවට තියෙන එක ඔයාගෙ සෞඛ්‍යට වගේම මේ උපකරණවලටද යහපත්.අප මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග පහසුවෙන් පිරිසිදු කරගන්න පුලුවන් ක්‍රම 10ක් ගැනයි.

‌01. ඇඳුම් වල දූවිලි ඉවත් කරන රෝලර් එක මගින් ස්පීකර් එක පිරිසිදු කරගන්න

ඇඳුම් වල රැඳෙන දුහුවිලි සහ කෙඳි ඉවත් කිරීම සඳහා පාවිච්චි කරන වර්ගයේ රෝලර් එකක් භාවිතයෙන් පහසුවෙන්ම ඔබට ඔබේ ස්පීකර්ස් වල බැඳී ඇති දුහුවිලි ඉවත් කර ගන්න පුලුවන්.

  1. ඉයර්ෆෝන් පිරිසිදු කරන්න සාමාන්‍ය දත් බුරුසුවක් භාවිතා කරන්න

ඉයර්ෆෝන් එකේ ඉයර් බඩ් එකේ රැඳී ඇති කුණු දූවිලි ඉවත් කිරීම සඳහා ටූත් පික් හෝ වෙනත් උල් කටු ආදිය වෙනුවට දත් බුරුසුවක් භාවිතා කරන්න. මේසයක් මත රෙදි කෑල්ලක් එලලා දත් බුරුසුව උඩ අතට තියලා ඉයර්බඩ් එක පහත අතට හරවා දත් බුරුසුවේ අතුල්ලන්න.

  1. කේබල් වල ඇති කුනු ඉවත් කරන්න සාමාන්‍ය මකනයක් භාවිතා කරන්න

කේබල් අරන් ටික කාලයක් යන කොට සුදු කේබල් දුබුරුපාට වෙන්න පටන් ගන්නවා. නමුත් මේක සුද්ද කරන්න තෙත රෙදි ආදිය භාවිතා කරොත් ඇලෙන සුළු ගතියක් ඇති වෙන්න වගේම කේබල් එක හරියට වැඩ නොකරන්න පටන් ගන්න අවස්ථාත් තියෙනවා. සාමාන්‍ය මකනයකින් මේ කුණු ඉවත් කරන්න.

  1. දත් අතර පිරිසිදු කරන බුරුසුවකින් හෙඩ් ෆෝන් එක හෝ අනෙක් කේබල්ස් ගහන සිදුරු පිරිසිදු කරගන්න පුලුවන්

දත් අතර පිරිසිදු කරන්න ගන්න කුඩා බ්‍රෂ් එක හරියටම ඉයර්ෆෝන් ජැක් එකේ ප්‍රමාණයට අනුරූපයි. ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි මේ ජැක් එක එන හෝල් එක හෝ අනෙක් හෝල්ස් පිරිසිදු කරගන්න මේ බ්‍රෂ් එකක් භාවිතා කරන්න පුලුවන්.

  1. පරිගණක කි බෝඩ් එක පිරිසිදු කරගන්න ස්ටිකිටේප් භාවිතා කරන්න

කී බෝඩ් එකේ බොත්තම් මත රැඳිලා තියෙන කුණු ඉවත් කරගන්න ස්ටිකි ටේප් එකක් ඒ මත අලවලා ගලවන්න.

  1. ස්ක්‍රීන් පිරිසිදු කරන්න පේපර් ටවල්/ටිෂූ භාවිතා කරන්න එපා

සාමාන්‍යෙන් අපි ෆෝන් එකේ හෝ ලැප් එකේ ස්ක්‍රීන් එක පිරිසිදු කරන්නෙ පේපර් ටවල් එකකින්. මේකට කුඩා කෙඳි සහිත රෙදි කෑල්ලක් භාවිතා කරන්න. පේපර් ටවල් එකකින් ස්ක්‍රීන් එක හීරෙන්න පුලුවන්.

  1. පරිඝනක තිරය පිරිසිදු කරන්න කොෆී ෆිල්ටර්ස් භාවිතා කරන්න

කෝපි සෑදීමේදි භාවිතා කරන පේපර් ෆිල්ටර්ස් වලින් පරිඝනක තිරය පිරිසිදු කරන්න පුලුවන්.

  1. USB පෝර්ට් ක්ලීන් කරන්න බ්‍රෂ් එකක් ගෙදරදීම හදා ගන්න

මේක හදාගන්න ඔයාට ඕන කරන්නෙ කාඩ් බෝඩ් පටි කෑල්ලක්, සුපර්ග්ලූ සහ ඕනෑම සින්තටික් රෙදි කැබැල්ලක්( වෙල්කෝ එකට මෘදු පැත්ත වගේ) විතරයි.කාඩ්බෝඩ් කැබැල්ලේ වෙල්කෝ කෑල්ල අලවා ගන්න. මේ කාඩ් බෝඩ් කෑල්ල කපා ගනිද්දී ඒක යුඑස්බී පෝර්ට් එකට වඩා ටිකක් පලල අඩු වෙන්න කපා ගන්න. මේ පුංචි උපකරණයෙන් ඔයාට පහසුවෙන් යුඑස්බී පෝර්ට් එක පිරිසිදි කරගන්න පුලුවන් වේවි.

  1. ස්මාර්ට් ෆෝන් එකේ වීදුරු ස්ක්‍රීන් එකක් නම් තියෙන්නේ, කඩදාසියකින් පිහදාන්න

වීදුරු පිහදාන්න කඩදාසි තමයි හොඳම, නමුත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ප්ලාස්ටික් හෝ එල්සීඩි නම් මේක භාවිතා කරන්න එපා.කඩදාසියක් අරන් රවුමට කරකවමින් අතුල්ලා ගන්න. වතුර හෝ වෙනත් ද්‍රව භාවිතා කරන්න එපා.

‌10. ස්මාර්ට් ෆෝන් එකේ දූවිලි ඉවත් කරගන්න දත් බුරුසුව භාවිතා කරන්න

දත් බුරුසුවක් භාවිතා කරලා ස්මාට් ෆෝන් එකේ දෙපැත්තේ පින් හෝල් වල කුනු දූවිලි ඉවත් කරගන්න පුලුවන්.

මෙම ලිපිය ඔබට මෙන්ම ඔබේ යාළුවාට ද වැදගත් කියලා හිතෙනවා නම් ශෙයාර් කරන්න