ඔබේ ශරීර‍යේ ඇතිවන අයහපත් සංඥා 10ක්

මිනිස් ශරීරය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් සහිත ඉන්ද්‍රීය පද්ධතියක්. විශේෂම ගුණාංග වලින් එකක් තමයි, අපේ සිරුරේ ඇතිවන යම්කිසි අසමතුලිතබාවයක් හෝ රෝග තත්වයන් පිළිඹඳව අපිට සංඥා ලබාදීම. ඇත්තටම අපි මුලින්ම සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ගියහමත් ඒ අය මුලින්ම නිරීක්ෂණය කරන්නෙත් මේ ශරීරය විසින් නිකුත් කර ඇති විවිධ සංඥා පිළිඹඳවයි. අපි අද ඔයාලට අරගෙන එන්නේ ඔබ කිසිවිටක නොසළකා හැරිය යුතු නැති ශරීරය මගින් නිකුත් කරන සංඥා 10ක් පිළිඹඳවයි.

*ඔබට යම් යම් කුඩා දේවල් සොරකම් කිරීමට ඇතිවන හදිසි ආශාව

සාමාන්‍යයෙන් කඩවල් වලින් බඩු හොරකන් කිරීම පුරුද්දක් ලෙස ද කරන අය ඉන්නවා. මේ කියන්නේ ඒ අය ගැන නෙමෙයි. මේ කියන්නේ හදිසියේ ඇතිවන කුඩා දෙයක් සොරකම් කිරීමට හිතෙන ආශාව ගැනයි. මෙය ඩිමෙන්ෂියා තත්වයකි. අවාසනාවකට මේ තත්වය හඳුනා ගෙන අන් අයගේ උපකාර සදහා යොමු වෙන අය හරිම අඩුයි. ඔබ මෙවැනි අයෙක් දුටුවහොත් හෝ ඔබට හෝ මෙවැනි හැඟීමක් ආවොත් ඔබ මනෝවෛද්‍යවරයෙකු හෝ උපදේශකයෙකු හමු විය යුතුය.

* විළුඹ රෝස පැහැ ගැනීම


සාමාන්‍යයෙන් වෙළඳපොලේ ලෝෂන් වර්ග විකුණන අය ඔයාලට වෙන පොරොන්දුවක් තමයි රෝස පාට විළුඹක් ලබා දීම. නමුත් ඔබේ පාද නිකන්ම රෝස පැහැයෙන් යුක්ත වී ඒ අතරම සම සිහින් සහ රැළි සහිත වී තිබේ නම්, ඔබේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් කළ යුතුය. මෙම ලක්ෂණය මගින් දියවැඩියාව ඇතුළු පරිවෘත්තීය ගැටලු පෙන්නුම් කරයි.

*වැළඳ ගන්නවා වැනි දැනීමක් ඇතිවීම

වැළඳ ගැනීමක් කියන්නේ ඉතාම සුන්දර දෙයක් බව අපි හැමෝම දන්නවා. හැබැයි මේ අවස්ථාවේදීනම් ඒක එහෙම නැහැ. කවුරුහරි ඔබව තදින් බදාගෙන හෝ ඉණ, ශරීරය හෝ කකුල් වටා බැඳ තබනවා වගේ ඔබට සමහර විට දැනෙනවා නම්, ඔබට බහු ස්ක්ලේරෝසිස් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඔබේ අත් සහ කකුල් වල අප්‍රසන්න සංවේදනයන් ද තිබිය හැකිය – ඔබ අත්වැසුම් හෝ බර සපත්තු පැළඳ සිටින බවක් ඔබට දැනෙනු ඇත. මම හැඟීම සමහර විට වේදනාත්මකව පවා දැනිය හැකියි. මෙවැනි තත්වයක් ඔබට ඇත්නම් මේ ගැන අවධානය යොමු කොට වෛද්‍ය උපදේසයක් ලබාගන්න.

*නියපොතු වල වෙනස් කම් ඇතිවීම


ඔබේ නියපොතු වල හැඩය වෙනස් වන බවත්, ඝනකමින් හා පළල් බවින් වැඩිවන බව ඔබ දුටුවහොත්, ඔබට හෘදයාබාධයක් ඇති වීමේ අවධානමක් පවතී. කෙසේ වෙතත් වෙනත් ව්‍යාධි තත්වයන් නිසාත් මෙවැනි ආකාරයට නියපොතු වෙනස් විය හැකිය. කෙසේ වෙතත් සුදුසුම දේ වන්නේ මෙවැනි රෝග ලක්ෂණයක් ඔබ අත් දකිනවානම් හෘදරෝග විශේෂඥයෙකු හමුවන්න.

*ඇහි බැම තුනී වීම


ඔබේ ඇහිබැමි තුනී වන බව ඔබ දුටුවහොත්, ඔබ වෛද්‍යවරයකු හමුවී ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථය පරීක්ෂා කර බැලිය යුතුය. මෙය තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් රෝග ලක්ෂණයක් විය හැකිය. ඔබ මේ සදහා උපදෙස් ගත යුත්තේ අන්තරාසර්ග විශේෂඥයෙක්වය (Endocrinologist).

*ඇඟිලි ඉදිමීම


ඔබට පැහැදිළි සමක් සහිතව, කිසිම කැසීමක් හෝ දැවිල්ලක් නොමැතිව ඔබේ දෙපා ඉදිමෙනවානම් ඔබ වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුය. මෙය ආතරයිටීස් වල ලක්ෂණයකි. මේ සදහා ඔබ මුණ ගැසිය යුත්තේ චර්ම රෝග විශේෂඥයෙකු හෝ රූමැටෝලොජිස්ට් කෙනෙක්වය.

*ආහාර රුචිය නැති වීම


සාමාන්‍යයෙන් කාන්තාවන්නම් තමන්ගේ ශරීරයේ බර අඩුවෙන් තබා ගැනීම සදහා ආහාර අඩුවෙන් ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කෙසේ වෙතත් මෙහිදී කියවෙන්නේ ඔබට ආහාර ගැනීම සදහා ඇති ප්‍රියතාවය ගිලිහී යාම පිළිඹඳවයි. මේ සදහා හේතු වන්නේ ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ඇතිවන දෝශයක් විය හැකිය. එසේම මෙය ආමාශ අන්තරායික ප්‍රතීක රෝගයේ ලක්ෂණයක් ද විය හැකියි. මේ සදහා ඔබ ආමාෂ අන්ත්‍ර විශේෂඥයෙකු හමුවිය යුතුය.

*සමේ කැසීම් ඇතිවීම


ඔබේ සමේ කැසීම් ඇතිවීම දියවැඩියා රෝග ලක්ෂණයකි. නමුත් ඔබ වෛද්‍යවරයකු හමුවීමට පෙර කැසීම ඇති ස්ථානය පරීක්ෂා කරන්න: කැසීම කෘමීන් දෂ්ට කිරීම හෝ නව දියරයකට හෝ අඩු ගුණාත්මක රෙදි වලට අසාත්මිකතා නිසා විය හැක. මෙම හේතු කිසිවක් කැසීම පැහැදිලි නොකරන්නේ නම්, ඔබ පරීක්ෂණයකට වෛද්‍යවරයකු හමුවිය යුතුය. ඔබ මේ සදහා හමුවිය යුත්තේ ඔබ මේ සදහා අන්තරාසර්ග විශේෂඥයෙක්වය .

*ඇතුළක සිටීම ඉවසා ගත නොහැකි වීම


ඔබ නිතරම පොදු ප්‍රවාහනයේදී හෝ නිවසේදී ජනේල විවෘත කිරීමට ඉල්ලා සිටින අයගෙන් කෙනෙක් නම් සහ නිවසේදී හෝ කාර්‍යාලයේදී වඩා පිටත හුස්ම ගැනීම පහසු බව හැඟේ නම්, හෘදයාබාධ ඇතිවීමේ අවදානම බැහැර කිරීම සඳහා ඔබේ හදවත පරීක්ෂා කර බැලිය යුතුය. මෙම ලක්ෂණ සමඟ ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියද පරීක්‍ෂා කිරීමට අවශ්‍ය වේ. ඔබ මේ සදහා හෘද රෝග විශේෂඥයෙකු හෝ අන්තරාසර්ග විශේෂඥයෙකු හමුවිය යුතුය.

*විවෘත කළ කවුළු නොඉවසීම


ඔබට රස්නය වැඩි කාලයකදී පවා අධික ලෙස ශීතල දැනෙනවානම් ඔබ තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කර ගත යුතුය. මෙය සිදු වන්නේ ඔබේ සිරුරේ අයඩීන් ඌණතාවයක් නිසාය. මෙම ඌණතාවය මගින් හයිපොතයිරොයිඩිසම් වැනි තත්වයක් ඇතිවිය හැකිය. ඔබ මේ සදහා අන්තරාසර්ග විශේෂඥයෙකු හමුවිය යුතුය.