ළදරු වයසේ පසුවන ඔබේ දරුවන්ට මෙන්න මේ දේවල් 11 දෙන්න එපා

පවුලකට  කුඩා දරුවෙකු ඉපදුණු විට ඒ දෙමාපියන් හට ලැබෙන උපදෙස් වල නිමක් නැහැ. කලයුතු සහ නොකල යුතු දේවල් ගැන දහසකුත් උපදෙස් ඇතැම් විට අසල්වැසියන්ගෙන් පවා ලැබෙනවා. නමුත්, ඒ හැම දේම විශ්වාස කරන්න යන එකත් එතරම් හොඳ නැහැ කියලයි සිතෙන්නේ. අද අපි ඔබට කියන්න යන්නේ බහුලව ඇසෙන එවන් දෙමාපිය මත සහ විශ්වාස කිහිපයක් ගැනයි. මෙවැනි අදහස් ගැන විද්‍යාත්මකව සිදුකර ඇති  පැහැදිලි කිරීම් දෙස බලන විට නම් සිතෙන්නේ මේ වගේ හුදු මත විශ්වාසයෙන් සහ භාවිතයෙන් බැහැර කල යුතු අසත්‍ය දේවල් කියායි.

මතය 1: Baby teethers අත්‍යවශ්‍ය යැයි සිතීම

චිකිත්සකවරු පවසන්නේ baby teethers (රබර් සෙල්ලම් බඩුවක්) භාවිතය මඟින් බබාගේ කථන හැකියාව සඳහා බලපෑමක් සිදුකල හැකි බවයි.baby teethers සපන දරුවන් හට ඇසෙන ශබ්ද වෙන්කරා හඳුනාගැනීමට නොහැකි බවත් ඊට හේතුව දිව සහ ශ්‍රවණය අතර ඇති අතිශය සමීප සම්බන්ධතාවය බවත් පැවසේ. කථා කිරීමේ හැකියාව තවමත් නොමැති කුඩා බිලිඳුන් පවා තම දිව හරහා යම් යම් දේ තේරුම් ගැනීමට උත්සාහ කරති. නමුත් baby teether එක බබා නිතරම සපමින් සිටින විට දිව ඒ සඳහා වෙහෙසෙන නිසා පෙර කී ලෙස ශබ්ද තේරුම් ගැනීමේ හැකියාව තාවකාලිකව අහිමි වී යයි.

මතය 2: තෙහෙට්‍ටුව දැනුණු විට දරුවන්ට ස්වභාවිකවම නින්ද යන බව

විශේෂඥයින් පවසන්නේ දරුවන් අධික වෙහෙසට පත්වීම ඔවුන්ගේ නින්දට බාධා ඇතිකරවන්නම් බවය. සිරුර තෙහෙට්‍ටුවට ලක් වූ විට ඔවුන් හට නිදාගැනීම ඉතා අපහසු වන අතර රාත්‍රී නින්ද අතරතුරදී කිහිපවරක්ම නින්දෙන් අවදි වීම සිදුවිය හැකි බව පෙන්වාදේ.

මතය 3: වයස මාස 18-24 අතාර කාලයේදී දරුවාට වැසිකිළි පුහුණුව ලබාදී අවස්න් විය යුතු බව

දරුවා හට වැසිකිළි පුහුණුව ඇරඹිය යුතු නිශ්චිත කාලයක් ගැන අනිවාර්ය නිර්දේශයක් නැත. ළමා විශේෂඥයින් විසින් පවසන්නේ නැප්කින් භාවිතය නතර කරගැනීමේ අරමුණින් ඇතැම් දෙමාපියන් තම දරුවන් හට බලෙන් මෙම පුහුණුව සිදුකිරිමට තැත් කලත් දරුවා ඊට තවමත් සූදානම් නොමැති විය හැකි බවයි. මාස 21-36 අතර කාලයේදි වැසිකිළි භාවිතා කරන ආකාරය පිලිබඳ පුහුණුව ලබාදීමට සුදුසු කාලයක් බව පවුල් කායික රෝග වෛද්‍යවරුන්ගේ ඇමෙරිකානු ඇකඩමිය විසින් දක්වා තිබෙනවා. වයස මාස 27 ට පෙර එය ඇරඹීම එතරම්ම වාසිදායක නොවනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙති. වඩාත් සුදුසු වන්නේ දරුවා ඒ සඳහා සූදානම් වීමයි.

මතය 4: පසුබිමින් රූපවාහිණි යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබීම දරුවාට කිසිලෙසකින් බලපෑමක් නොකරන බව

ඔබ රූපවාහිණිය නොබල විටත් එය ක්‍රියාත්මක කරතිබීම කුඩා දරුවන් සිටින නිවසක නොකර සිටිය යුතු දෙයක් බව අධ්‍යයනයක් මඟින් පෙන්වා දේ. කුඩා දරුවන් බහුකාර්යන් ඉ‍ටුකිරීමට තරම් දක්ෂ නොවෙති. පසුබිමින් ඇසෙන රූපවාහිණි හඬ ඔවුන්ගේ සෙල්ලම් කිරීමට යම් ආකාරයක බාධාවක් බවත්, ඉන් ඔවුන්ගේ අවධානය වෙනතකට හැරෙන බවත් සෙල්ලම් කිරීමේදි ඔවුන් ඉගෙන ගන්නා දේවල් එසේ ඒකාග්‍රතාව නැතිවීමෙන් අඩාල වන බවත් ඔවුන් පෙන්වා දෙති. විද්‍යාඥයින් පවසන්නේ රූපවාහිණි හඬ පසුබිමින් ඇසීම වයස අවුරුදු 2 ට වැඩි කුඩා දරුවන්ගේ භාෂා වර්ධනය මන්දගාමී කිරීමට බලපාන බවයි. වයසට නොගැලපෙන වචන සහ දේවල් ඇසීමට ලැබිමෙන් ඔවුන් ඒවා මනසේ තැන්පත් කරගනිමින් නිතර පැවසීමට පටන් ගත හැකියි.

මතය 5: වයස අවුරුදු 3 පෙර සිටම ඉගෙනීම සඳහා දරුවන් උනන්දු කල යුතු බවත් නැතහොත් සිදුවන්නේ වටිනා අවස්ථාවන මගහැරීයාම බවත් සිතීම

මෙය දරුවන්ට වගේම දෙමාපියන්ටත් එකසේ හානිකර මත විශ්වාසයකි. 1999 John T. Bruer විසින් මෙම මතය ගැන පවසාසිටියේ ,’වයස අවුරුදු 3 සම්පුර්ණ වූ පසු ස්නායු සම්බන්ධතා නැතිවිමට පටන් ගැනීම මඟින් අදහස් වන්නේ දරුවාගේ බුද්ධිය (IQ ) නිවැරදිව පුහුණු නොකලොත් අඩු මට්ටමකට පත්වීම යන්න නොවන බවයි .’ ඒ අනුව වයස අවුරුදු 3 සම්පූර්ණ වීම යනු දරුවාගේ ජීවිතයේ වැදගත් අවධි සම්පූර්ණ කිරීමක් මිස වේගයෙන් ඉගනගැනීම සම්බන්ධ කාරණාවක් නොවන බවයි.

මතය 6: Fancy toys නැතින්ම විවිධාකාර සෙල්ලම් බඩු දරුවාගේ මොලේ වර්ධනයට අත්‍යවශ්‍ය දේවල් වන බව සිතිම

මෙය වෙළඳ නිෂ්පාදන වල ප්‍රචාරණය සඳහා භාවිතා කරන අලෙවි අදහසකි. ඔවුන් එම නිෂ්පාදන අලෙවි කරන්නේ අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඒවා ලෙසයි. නමුත්, විශේෂඥයින් පෙන්වා දෙන්නේ දරුවන් හට කතා කිරීමට උපකාර වනවා යැයි කියන ආකාරයේ සෙල්ලම් බඩු වර්ග මඟින් දරුවාගේ පරිකල්පනය හැකියාව(imagination) විනාශ කර දමන බවයි. ඒවා දරුවා හට සියලු දේම සපුරා දෙන නිසා දරුවාගේ මොලයේ නිර්මාණාත්මක අදහස් උත්තේජනය වීම සිදු නොවේ. සෙල්ලම් බඩු මඟින් දරුවාගේ භාෂා හැකියාව සංවර්ධනය කල හැක්කේ දරුවාත් දෙමාපියන් දෙදෙනාත් එක්ව සන්නිවේදනයේ යෙදෙමින් නිරන්තර අන්තර්සබඳතාව පවත්වාගැනීම මඟින් පමණි.

මතය 7: Baby walkers භාවිතා කිරීම දරුවා හට ඉක්මනින් ඇවිදීමට හැකිකරවන්නක් ලෙස සිතීම

මෙය තරමක් හානිකර දෙයක් ලෙසයි පෙන්වාදෙන්නේ. ඉන් දරුවාගේ පාද වල වැරදි මාංශ පේශින් ශක්තිමත් වීම උද්දීපනය වීමට පටන් ගැනීමත්, සන්ධි සහ දණහිස් වලට අනවශ්‍ය පීඩනයක් එල්ල වීමේ ප්‍රතිඵලයක් ලෙස කොඳු සිරුරේ ඇටසැකිලි පද්ධතිය අක්‍රමවත් හැඩයකට පත්වීමට ඇත්තේ ඉහළ අවදානමකි. මේ හේතුව නිසාම 2004 වසරේ පටන් කැනඩාව තුල baby walker භාවිතය නිළ වශයෙන්ම තහනම් කර ඇති බව ඔබ දන්නවාද?

මතය 8: බබාගේ හිස තට්ටේ ගැම මඟින් හිසකෙස් වඩාත් ඝනව නැවත වර්ධනය වන බව සිතීම

හිසකෙස් බූ ගෑ පසු ඝනව යලි වැඩෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. දරුවන්ගේ හිසකෙස් ස්වභාවය තීරණය වන්නේ  ජාන අනුවය. ඒ අනුව හිසකෙස් එසේ වෙනස්වීම සිදුවන්නේ රසායන චිකිත්සාවකින් පසු බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මතය 9: ප්‍රමාද වී නිදාගැනීම නිසා උදෑසනත් බොහෝ වේලාවක් නිදාගන්නා බව

කුඩා දරුවෙකු පරක්කු වී නිදිකරවීම නිසා ඔහු/ඇය පසුදා උදෑසන පරක්කු වී අවදි වන බව ඇතැම් දෙමාපියන් සිතති. දරුවන් කලින් නින්දට යැවීමෙන් ඔවුන් සුවබර සහ දිගු නින්දක් ලබති. කුඩා දරුවන් යම් කාල සටහනකට බඳුව එකම වෙලාවකට අවදි වීම සිදුකරයි.  කොතරම් ප්‍රමාද වී නින්දට ගියද වෙනදා ආකාරයටම ඔවුන් අවදි වීමේ සම්භාවිතාව වැඩි බව පැවසේ.

මතය 10: දෙමාපියන් කුඩා දරුවන් හට අමතන සුරතල් භාෂාව (baby talk) නිසා දරුවාගේ භාෂා හැකියා සවර්ධනය මන්දගාමී වන බව සිතීම.

මෙම කතා විලාසය දරුවන්ගේ භාෂා හැකියා වර්ධනයට ඉතා වැදගත් වේ. උදාහරණ ලෙස වාහන වලට බූන් යැයි කීම, ජලයට බෝ/ජෝ , ආහාර වලට අබුන් වැනි වචන භාවිතා වේ.  එසේ යම් ලයාන්විත ආකාරයෙන් වචන උච්ඡාරණය කරන මෙම කතා විලාසය ඇසෙන විට දරුවන් තම මව/පියා පවසන දේට ඇහුම්කන් දීම, ඒවා තේරුම් ගැනීමට උත්සාහ කිරීම සහ අනුකරණය කිරීම සිදුකරති. එමඟින් දරුවන් හට හඬ සහ වචන අතර වෙනස හොඳින් වෙන්කොට හඳුනාගනිමින් භාෂා  හැකියාව වැඩිදියුණු කරගැනිමට හැකිවේ.මෙය අත දරුවන් සඳහා පමණක් භාවිතා කරන්නේ නම් සුදුසුය. වයස අවුරුදු 1 ඉක්මවූ සහ වැඩිහිටි දරුවන් සඳහා එවැනි කතාවිලාසයක් අනුගමනය නොකල යුතුයි.

මතය 11: අධ්‍යාපනික රූපවාහිණි වැඩසටහන්, මෘදුකාංග සහ තාක්ෂණික උපාංග මඟින් දරුවාට ඉක්මනින් කතාකරන ආකාරය උගන්වාවියි සිතීම

කුඩා දරුවන් දේවල් හොඳින් ඉගෙන ගන්නේ සැබෑ ජීවිතයේ ඔවුන්  සෙල්ලම් කිරීමේදි සහ දෙමාපියන් සමඟ සන්නිවේදනයේ යෙදීමේදීය. මනෝවිද්‍යාඥයින් පෙන්වාදෙන්නේ රූපවාහිණි වැඩසටහන් මඟින් දරුවන් ගොළු කරන බව ඔවුන්ගේ අදහස නොවන බවත් නමුත්, ඉන් ඒවා නැරඹීමෙන් දරුවාගේ භාෂා හැකියා සංවර්ධනය කිරීම සිදුකල නොහැකි බවත්ය. දරුවන් හට නව වචන සහ භාෂා දැනුම ලබාදිය හැක්කේ දෙමාපියන් ඔවුන් සමඟ සක්‍රීයව අන්තර්සබඳතා පැවැත්වීම මඟින් බවයි ඔවුන් පවසන්නේ. දරුවා සමඟ ගතකරන කාලය ඔවුන්ගේ භාෂා සංවර්ධනය සඳහා  ධනාත්මක බලපෑම් ‍රැසක් ඇතිකරවන බව මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වා දෙති.