‘ළඟදීම මටත් දේශපාලනේට එන්න වෙයි’ ජනප්‍රිය නිලි දුලීකා මාරපන කියන කතාව

බොහෝ දෙනාගේ හදවත් සොරාගත් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නම් දැරීමට දුලීකා මාරපන රංගන ශිල්පිනිය සමත් වන්නේ ඇය ඇයට ලැබෙන චරිත තුලින් වෙනසක් කිරීමට උත්සහ දරන නිසාවෙනි. ඇය ඒ සදහා කෙතරම් දක්ෂද යන්න මේ වන තුරු රඟපෑ චරිත වලින්  මනාව පැහැදිලි වෙනවා. මෑත කාලයේ ඇය බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ “කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ අයිරාංගනී චරිතය හරහායි. දමිළ සම්බවයක් සහිත තමන්ගේ නම්බුව රැකගනිමින් දරුවන් පෝෂනය කරන මවකගේ චරිතයක් වන එම චරිතයට ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආදරෙයි. ඒ වගේම මේ දිනවල “දිවිතුරා” නාට්‍යයේ දීපිකා ලෙසත් දුලීකා රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම තමයි මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන ‘පෝක්වීදිය’ ටෙලිනාට්‍යත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් පොර්ක්වීදියේ ‘මාධිනී’ ලෙස ඔබ හමුවට එන දුලීකා ඒ නාට්‍ය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මට මුලින්ම ආරාධනා කලේ වෙන චරිතයකට. මම තමයි කිවුවේ මේකට අපි අන්ධ චරිතයක් දාමු කියලා මොකද මට විශ්වාශයක් තිබ්බා මට ඒ චරිතය සාර්ථක කරන්න පුළුවන් කියලා. මම විශ්ව විද්‍යාලයේ ඉගන ගන්නා කාලේ උපතින්ම අන්ධ යාලුවෝ ආශ්‍රය කිහිප දෙනෙක්ම මම ආශ්‍රය කළා. ඉතින් ඒ අභාෂයෙන් තමයි මම මේ අන්ධ චරිතයට පන දුන්නේ.” කියලයි.

දුලීකා කියන්නේ අසාධාරණයට විරුද්ධ වෙමින් කලා කරුවන් වෙනුවෙන් නැගී සිටින රංගන ශිල්පිනියක් ලෙසත් හඳුන්වන්න පුලුවන්. කලාකරුවන්ගේ වෘත්තිමය භාවයන් හැදිය යුතුයි කියලා ප්‍රකාශ කළද කිසිදු ආණ්ඩුවක් ඒ සදහා කටයුතු කලේ නෑ. ඉතින් ඒ පිලිබඳ ඇසු පැනයකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්  “මම පාර්ලිමේන්තුවේ හිටියනම් මම ඕක කරලා ඉවරයි. ඇත්තටම රටේ කලාකරුවෝ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද? ඔවුන් ඔවුන්ගේ දේ පමණක් කරගන්න ගමන් පුටු රත්කරනවා. ඔවුන් සහෝදර කලාකරුවන් වෙනුවෙන් කතා කරන්නේ නෑ. අපි මේ උත්සහා කරන්නේ අපිට විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න හැම කළා කරුවෙක්ටම වටිනාකමක් දෙන්න. දිගටම මෙහෙම වුනොත් මේ සිස්ටම් එක වෙනස් කරන්න මමත් දේශපානයට එනවා . මොකද ඉවසලා ඉවසලා බැරිම තැන අපි, අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕන” කියලයි. ඉතින් කොහොම වුනත් කළා කරුවන් වෙනුවෙන් වගේම කලාවේ වෙනුවෙනුත් විශාල සේවයක් සිදු කරන චරිතාංග රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපගේ සුන්දර පින්තූර කිහියපක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.