හොලිවුඩයේ ආකර්ෂණීයම සුපිරි තාරකාවියෝ 10 දෙනා මෙන්න

වශී කරවන රූ සපුවකින් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් තුලින් කැපී පෙනෙන  දක්ෂතා විදහාදක්වමින් ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගැනීමට සමත් වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ, අපි කවුරුත් හඳුනන හොලිවුඩයේ සිටින නේත්‍රාකර්ෂණීයම ජනප්‍රිය කාන්තා චරිත ලැයිස්තුවයි මේ.

01. Salma Hayek

මෙක්සිකානු නිළියක් වන ඇය ඇමෙරිකානු සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත ‍රැසක් ඔස්සේ ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වී සිටියි. ඒ අතරින් ඇය රඟපෑ 2002 වසරේ තිරගත වු Frida චිත්‍රපටයේ ඇය කල රංගනය කැපී පෙනේ.ඇකඩමි සම්මාන වලට පවා ඇය පාත්‍ර වී සිටියි. ඇය ගෘහස්ථ හිංසනයට විරුද්ධව පෙනි සිටින සමාජ ක්‍රියාකාරිනියකි. ඇය විවාහ වී සිටින්නේ ඉතාලි ජාතික ධනවත් ව්‍යාපාරිකයෙකු සමඟයි.

02. Eva Mendes

ඇය නිළියක්, නිරූපිකාවක්, ගායිකාවක් සහ ගෘහ අභ්‍යන්තර නිර්මාණ සහ විලාසිතා නිර්මාණ සැලසුම් ශිලිපිණියකි.අතිශයෙන්ම සුන්දර රූ සපුවක් ඇති ඇය තමන්ගේ ස්වභාවික ස්වරූපය වැලඳගත් අයෙකි. කුඩා කල ඇයගේ ශරීර ස්වරූපය ගැන ඇය පසුතැවී තිබුණත් ඇය තමන් තමන් ලෙස පිලිගැනීමට හුරු වූ බව ඇය පවසයි. ඇය පමණක් නොව ඇයගේ දියණිය ද අතිශයින්ම සුරූපි තරුණියකි. ඇයගේ දියණිය ලොව වඩාත්ම ලස්සන මුහුණු හිමි කාන්තාවන්ගේ ලැයිස්තුවේ සිටින්නියකි.

03. Jessica Alba

Dark Angel  නිර්මාණයෙන් පසු ඇයට ඉහළ ජනප්‍රියත්වයක් ගලා ඒමට පටන්ගෙන තිබුණි.ඇය සමාජ සුබසාධක කටයුතු වලට් සක්‍රීය දායක්ත්වය දක්වන අයෙක් ලෙස ද ප්‍රචලිතය.2007 වසරේ ඇය ලොව සරාගීම කාන්තාව ලෙස FHM සඟරාව නම් කර තිබුණා.

04. Shakira

ගායනයෙන් මෙන්ම ඇයටම ආවේණික නර්ථන ශෛලියෙන් වේදිකාව ජයගත් සුරූපිණියක් ලෙසයි ඇයව හැඳින්වෙන්නේ. ඇය ගායනය වෙනුවෙන් සම්මාන ‍රැසකින් පිදුම් ලැබ ඇත.කුඩා දරුවන් වෙනුවෙන් සමාජ සුබසාධන කටයුතු සඳහා ඇය ඇයගේ ජනප්‍රියත්වය භාවිතා කරයි. 2010 වසරේ පාපන්දු ලෝක කුසලානය සඳහා තේමා ගී ගායනයෙන් දායක වුයේ ඇයයි. ඇය අතිශයින්ම සාර්ථක කාන්තාවකි.

05. Charlize Theron

ඇකඩමි සම්මානලාභිනියක් වන ඇය Monster චිත්‍රපටයේ කල රංගනය කාගේත් දැඩි ආකර්ෂණයක් දිනාගනු ලැබුවා. ප්‍රසිද්ධ චිත්‍රපට විචාරක Roger Ebert පවසන්නේ එම චිත්‍රපටයේ ඇයගේ රංගනය සිනමා ඉතිහාසය තුල වාර්ථා වූ විශිෂ්ඨතම ඉදිරිපත් කිරීම් අතරින් එකක් බවයි. දකුණු අප්‍රිකානු වැසියන් සඳහා සෞඛ්‍ය සේවාවන් සහ ආධාර උපකාර ලබාදීම ඇයගේ සංවෙධාන පදනම යටතේ සිදුකෙරෙන ප්‍රධාන සමාජ සුබසාධන ව්‍යාපෘතියකි.ලොව ලස්සන ඇස් හිමි ජනප්‍රිය කාන්තාවන්ගේ ලැයිස්තුවේද ඇයගේ නම සඳහන් වේ.

06. Adriana Lima

ලෝකප්‍රසිද්ධ විලාසිතා සමාගමක් වන Victoaria’s Secret හි සරාගීතම නිරූපිකාවක් වන ඇය දැඩි ආගමානුකූල ජීවිතයක් ගත කරන අයෙකු බවයි සඳහන් වන්නේ. ක‍තෝලික භක්තිකයෙකු වන ඇය විලාසිතා ප්‍රදර්ශණ අතරතුරදි ලැබෙන විරාමයන් වලදී වේදිකාව පි‍ටුපසට වී ඇයගේ බයිබලය කියවවිම පුරුද්දක් කරගෙන සිටියි.ඇය විවාහ වී සිටින්නේ Serbian Marko සමඟයි. ඇය පසුගිය වසරේදී දියණියකට උපත දෙමින් මවුපදවිය ලැබුවාය.

07. Beyonce Knowles

සුපිරි ගණයේ ගායිකාවක් ලෙස ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයක් දිනාසිටින ඇය සම්මානලාභී හඬ පෞරුෂයකි.ඇය ප්‍රසිද්ධ ‍රැප් ගායක Jay-Z ගේ බිරිඳ ද වේ.ලොව ලස්සනම ගැහැණිය ලෙසත් ඇය වරක් නම් දැරුවාය.ඇය තම පදනම හරහා සමාජ සුබසාධන කටයුතු වලට දායක වන මාන හිතෛශි චරිතයකි. පසුගිය කත්‍රිනා සුලිකුණා‍ටු තත්වයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන්  ඇය විශාල මුදල් පරිත්‍යාග සහ ආධාර ලබාදුන් බව ආරංචි මාර්ග පවසයි.

08. Angelina Jolie

ඇමෙරිකාවේ පමණක් නොව ලොව සිටින සුරූපීම කාන්තාවක් වන ඇය සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සම්මානලාභි චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායක වූ දක්ෂ නිළියකි.ඇය සාර්ථක ව්‍යාපාරිකාවක් මෙන්ම මහජන හිතෛශී කාන්තා පෞරුෂයකි. ඇය UNICEF සහ UNHCR සංවිධාන වෙනුවෙන් පෙනී සිටින නියෝජිතවරියක් වන අතර ඇය ඒවා යටතේ දියත්වන වැඩසටහන් සහ ව්‍යාපෘති වලට දායක වේ.

09. Scarlett Johansson

Lost in Translation චිත්‍රපටයේ කැපී පෙනෙන චරිත නිරූපණයක් සිදුකල ඇය එතැන් පටන් සිනමාවේ සුවිශේෂීම රංගන පෞරුෂයක් ඇති නිළියක් ලෙස කා අතරත් ප්‍රචලිත වී සිටියි.ඇය  තමන්ගේ ප්‍රසිද්ධිය හෝ තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන අනවශ්‍ය ප්‍රෝඩාවකින් කටයුතු නොකරන අයෙකු ලෙස හැඳින්වේ. Avengers චිත්‍රපට මාලාවේ black widow චරිතය හරහා ඇය ලොව වටා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්-ආදරයක් දිනාගෙන සිටින්නීය.

10. Megan Fox

ඇමෙරිකාවේ සිටින ලස්සනම සහ ආකර්ෂණීයම කාන්තාවක් ලෙස හැඳින්වෙන ඇය FHM, Maxim ආදි බොහෝ සඟරා සහ වෙබ් පි‍ටු වලට අනුව සරාගීබවේ සංකේතයක් ලෙස හැඳින්වේ.ඇය වෘත්තිය නිළියක් මෙන්ම නිරූපිකාවකි. ඇය විවාහ වී සිටින්නේ නළු  Brian Austin Green සමඟයි.